සාකච්ඡාව:අභිධර්මය

Latest comment: වසර 8කට පෙර by රාජු

අභිධර්මය යනු බුදුදහමේ දාර්ශනික පදනමය. චිත්ත චෛතසික රූප හා නිබ්බාන යන සතර පරමාර්ථ ධර්මයන් විවිධාකාරයෙන් විභාග කොට දක්‌වන දේශනාව අභිධර්මය වේ.


" සූත්‍රවල ඇති සංයුක්ත සහ පුද්ගල කේන්ද්‍රීය දේශනා අනුසාරයෙන් වියුක්ත දැනුමක් ගොඩනගා ගැනීම අභිධර්මයෙන් සිදු කර ඇත. බුදු දහමේ දාර්ශනික පදනමට ඒ ඉතා වැදගත්වේ. මන්ද දහමක් වශයෙන් පැවතීමට නම් සංගතව සංකල්පීය දැනුමක් ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වෙයි. ඒ පදනම නැති කළහොත් බුදුදහම දාර්ශනික කඩා වැටීමකට ලක්වෙයි. එය බුදු සසුනේ පැවැත්මට ඉතා හානිකර වෙයි."[1] -



අභිධර්මය හෝ වෙනත් ධර්ම කොටස් තව තවත් සංවාදයට ලක් කළ යුතුය. තව තවත් අටුවා බිහිවිය යුතුය. පෙර සංගායනාවලදීද කටයුතු සිදු වූයේ ඒ ආකාරයටය. එසේ නොමැතිව කළ යුත්තේ ඒවා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම නොවේ. --raju (talk) 23:02, 11 ජූනි 2015 (යූටීසී)Reply

  1. http://www.yuthukama.com/2014/09/Bauddayo.html#sthash.idkd2rYo.dpuf
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:අභිධර්මය&oldid=336916" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "අභිධර්මය" page.