සාංදෘෂ්ටික ප්‍රතිකාර
සංදෘෂ්ටික ප්‍රතිකාර මිනිසා ලෝකයේ තනිව සිටි යන අනුභූතී විශ්වාසය මත රඳා පවතී. මෙම හුදකලා බව නිසා ඇති වන සිතුවිලි සහ හිස් බව නැති වනුයේ තමාගේ ගැන වටිනාකමක්, අර්ථයක් ඇති කර ගැනීමෙනි. අපට තෝරා ගැනීමට නිදහසක් ඇති නිසා නිර්මාණයන්ට බලයක් ලැබී ඇත. එමනිසා අපගේ තෝරා ගැනීම් නිර්මාණයේ එහි සම්පූර්ණ වගකීම අප ලබා ගනිමු. තවද එම ප්‍රතිඵලය අඩු වුවහොත් පැමිණෙන චෝදනා ද අපම දරා ගනී.
මානසික ප්‍රතිකර්මයේ දී ප්‍රතිකර්මකයා කරනුයේ තමාගේ රෝගීන්ට හුදකලාව, හිස් බව සහ නොසන්සුන් බව නිසා ඇතිවී තිබෙන කරදරජය ගැනීමට උපකාර කිරීමත්, නව නිරෝගී අදහස් ගොඩ නගා ගැනීමටත් ප්‍රතිකාරයෙන් පසු නිදහස්, බල සම්බන්න මිනිස් ජීවිතයක් ලෙස හැඩ ගැස්වීටම උදව් දීමයි.
මිනිස් සිතේ දැක්ම
සත්‍ය වශයෙන්ම මිනිසා ලෝකයේ තනි වුව ද සහජයෙන්ම අනෙකා හා බැඳී පැවතීමට කැමැත්තක් දක්වයි. අපව ඔවුනගේ ජීවිත අර්ථ ගැන්වීමට අවශ්‍යසේම ඔවුන්ට ද අපගේ ජීවිත අර්ථ ගැන්වීමට අවශ්‍යය, නමුත් අපට අවසානයේ අපගේ පැවැත්ම සඳහා අනුන් මත යැපීමට නොහැකි බවය. එම අවබෝධය මත ගත් කළ මිනිසා යනු තනිව පවත්නා ඒකකයකි. මෙම අවබෝධය මත තමාගේ පැවැත්ම තමා තුළින්ම ඇති විය යුතු බව හැඟී යාම නිසා මිනිසා තුළ මානසික නොසන්සුන්තාවයක් ඇති වේ.
අප හුදකලා වීම සහ අන්සතු වීම අපගේ ජීවිතයන්හි ද අර්ථ ශූන්‍ය අපට වඩා වටිනා වෙන දෙයක් නොමැති වීම නිසා අපට බාහිරව ලබා ගත හැකි වටිනාකම් නොමැති තරම්ය. මෙය අන්තගාමීව සිතුවහොත් අපට ජීවත් වීම සඳහා අර්ථයක් නොමැති බව පැහැදිලි වනු ඇත. නුමුදු අපට අපගේම වටිනාකම් ඇති කර ගැනීමට සහ පෞද්ගලික ජීවිත වටිනාකම් ඇති කර ගැනීම සහ ඒවා අපගේ ජීවිතයන්ට ආදේශ කිරීමට හැකියාව ලැබී ඇත. මෙම නිදහස මගින් අපට අපගේ වටිනාමක් පිළිබඳ හැඟීමක් සහ ජීවිතය තුරා පවත්නා ප්‍රබල අරමුණු ඇති වීමට ඉඩ සැලසී ඇත. නමුදු මෙම නිදහස එම පුද්ගලයා තුළ නොසන්සුන්තාවයට හේතුවකි. එමනිසා අප අපගේ නිදහසට අනුව පෞද්ගලික - ජීවිත අරමුණු තෝරාගෙන ඒවාම තදින් බැඳ තබා ගැනීමට ශක්තිය සහ ධෛර්යය ලබා ගත යුතුය. නමුත් අවිවාදයෙන්ම මෙය බොහෝ දෙනාහට දුෂ්කර කාර්යයකි.
මනුෂ්‍ය වර්ගයා කවදා හෝ මරණයට පත්වේ. මෙලෙස අපගේ ජීවිතය සීමාසහිත බව හඳුනාගත් කළ අප තුළ තවදුරටත් නොසන්සුන් බව වර්ධනය වේ. අප සියලු දෙනාම මරණය සඳහා අකමැති වෙයි. අපගේ ජීවිතය අනාගතයේ යම් දිනක නැතිවන බව පිළිබඳ ඇතිවන බිය ජනක වන අතර නමුත් වර්තමානය සඳහා එය සම්බන්ධ නොවීම මිනිසා තුළ සැනසිලිදායක සිතුවිලි ද ඇති කරවයි. මෙලෙස ජීවිතය සහ මරණය අතර ඇති සමීප පිහිටීම අප තුළ යම් තරම් දුරට ස්ථිරතාවයක් ඇති කරවයි.
අවසානයේ මිනිසා සැම දෙයටම වගකිව යුතුය. එනම් හුදකලා වීම සහ තමාගේ අරමුණු තෝරා ගැනීමට ලබා ඇති නිදහස ලැබී ඇති නිසා තමාගේ ගැටළු සඳහා අන් අයෙකුට වරද පැටවිය නොහැක. පුද්ගලයා තමා විසින් තෝරා ගැනීම් කරන අතර ඒවායේ ප්‍රතිඵල සඳහා වගකිව යුතුය. තවද ඕනෑම අවස්ථාවක දී වෙනත් තෝරා ගැනීම් කිරීමට ද නිදහස ද ඇත. එමනිසා අපගේ ජීවිත කාලය තුළ අප විටක නිර්මාණ ශිල්පයෙක් ලෙස ද ගොඩනගන්නකු ලෙස ද සැලසුම්කරුවකු ලෙස ද හැඳින්විය හැක.
ආශ්‍රිත ලිපි
සංස්කරණය- Ludwig Binswanger
- Medard Boss
- Gestalt Therapy
- Existentialism
- Viktor Frankl
- Paul T. P. Wong
- Martin Heidegger
- Thomas Hora
- Søren Kierkegaard
- R. D. Laing
- Rollo May
- Clark Moustakas
- Karlfried Graf Dürckheim
- Friedrich Nietzsche
- Otto Rank
- Jean-Paul Sartre
- Irvin D. Yalom
- Karl Jaspers
- Martin Buber
- Contextual therapy
- Emmy van Deurzen
- William Glasser
- Metapsychiatry
- Philosophical Consultancy
- Jan Hendrik van den Berg
- Martti Olavi Siirala
- Kirk J. Schneider