ස්වීඩන් රාජධානිය

ස්වීඩන් රාජධානිය උතුරැ යු‍රෝපයේ ස්කැන්ඩිනේවියානු අර්ධද්විපයේ පිහිටි රටකි. එහි මායිම් බටහිර නොර්වේ ඊසාන ෆින්ලන්තය, දකුණට දිය මායිම් ඩෙන්මාර්ක් ජර්මනිය සහ පෝලන්තය අතර හා නැගෙනහිර එස්ටෝනියා, ලැම්බියා, ලිතුආනියා හා රැසියාවට වේ. එය ඩෙන්මාර්කයට ඔරෙසන්ඩ් තුලින් පාලම් උමගයකින් සම්බන්ධ වේ. වර්ග කි. මී. 450 295 කින් යුරෝපානු සංගමයේ තුන්වන විශාලතම රට වන අතර ජනගහනය මිලියන 9.2 කි. ස්විඩනයට අඩු ජනගහන ඝනත්වයක් තිබෙන අතර එය වර්ග කි. මී. වැසියන් 21 වන අතර රටේ දකුණු ප්‍රදේශයේ ජනගහන ඝනත්වය වැඩි වන අතර එය නාගරිකව 85% ක් පමණ වේ. නාගරිකරණයට සමග මෙම සංඛ්‍යාව ඉහල යනු ඇතැයි සැලකේ. අගනුවර වන්නේ ස්මොන්හොල්ම්ය. මෙය රටේ විශාලතම නගරය වන අතර නාගරිකව ජනගහනය මිලියන 1.3 වන අතර ඒ අවට මිලියන 2 සිටිති. මධ්‍යම යුගයේ දී රට නිදහස් හා එක්සත් රටක් විය. 17 ශතවර්ෂ වලදී ස්කතැන්ඩිනේවියානු අර්ධද්විපයෙන් පිටත ප්‍රදේශ අහිමි විය. 1809 වර්තමානයේ ෆින්ලන්තය වන නැගෙනහිර ස්විඩනයේ කොටස් රැසියාවට අයත් විය. ස්විඩනයේ මුලික මැදිහත්වීමෙන් කල අවසන් සටන 1814 වන අතර ස්විඩනය හමුදාමය තැනකින් නෝර්වේ හට පුද්ගලික සංගමයකට එළඹගත් අතර එය 1905 වර්ෂය තෙක් පැවතුණි. ස්විඩනය සාමය පැවතුන කාලයේ නොබැදි විදේශිය පනත් අනුගමනය කල අතර යුධ සමයේ දී මධ්‍යස්ථ විය. වර්තමානයේ ස්විඩනය ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවකින් හා පාර්ලිමේන්තු පද්ධතියකින් හා ඉහල වර්ධනය වු ආර්ථයකින් යුක්තය. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී සටහනේ එය ලෝකයේ පළමු තැන සිටියි. ස්විඩනය 1995 ජනවාරි 01 දා සිට යුරෝපානු සංගමයේ සාමාජිකයෙක් වන අතර OECD හි සාමාජිකත්වය ද දරයි.

ස්විඩනය පින්තූරය - කොඩිය ආදර්ශ පාඨය ජාතික ගීය අගනුවර - ස්ටොක්හෙමි රාජ්‍ය භාෂාව - ස්විඩිෂ් ජන වර්ග - 82.1% ස්විඩීස්, 5.1% ෆයින්ස්, 12.5% වෙනත් රාජ්‍ය - පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා රාජාණ්ඩුව අධිරාජ්‍ය - කාල් XVI ගුස්ටාන් රජු අගමැති - ෆ්‍රෙඩ්රික් රියන්ෆෙල්සිටි කථානායක - පර් ෆෙස්ර්බර්ජ් පෞද්ගලික - ජුනි 17, 1397 වර්ග ප්‍රමාණය - එකතුව - 449 964 Km2 173 745 sq mi ජලය (%) – 8.7 ජනගහනය - 2009 – 9 340 682 ඝනත්වය - 20.6 / Km2 53.3 / sq mi GDP (PPP) – 2008 තක්සේරැව එකතුව - $ 342.682 බිලියන සාමාන්‍ය - $ 37 333 GDP – 2008 තක්සේරැව එකතුව - $ 478.961 බිලියන සාමාන්‍ය - $ 52 180

"https://si.wikipedia.org/w/index.php?title=ස්වීඩන්_රාජධානිය&oldid=471531" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි