ස්වර සංයෝජන හෙවත් Chords යනුවෙන් අදහස් කරන්නේ බටහිර සංගීතයට ආවේනික සිද්ධාන්තයකි. Chord එකක් ගොඩ නැගීම සඳහා අවම වශයෙන් ස්වර 3ක නාදයන් එකවර සංයෝජනය විය යුතුය. යෙදෙන ස්වර අනුව Chords වර්ග කර දක්වනු ලැබේ.

මහා ග්‍රාමයක (Major Scale) අඩංගු ස්වර විවිධාකාරව සංයෝජනය වීම අනුව මූලිකව ස්වර 3ක් ඇති Chords වර්ග 7ක් පැහැදිලි කර තිබේ. උදාහරණයක් ලෙස C major Scale සලකමු.

  C major Scale - C D E F G A B 
  Major Chords : 1. C major (C)  - C E G    2. G major (G)  - G B D    3. F major (F)  - F A C
  Minor Chords : 4. A Minor (Am) - A C E    5. E Minor (Em) - E G B    6. D Minor (Dm) - D F A
  Diminished Chord : 7. B diminished (Bdim / B0)) - B D F

ඉහත සඳහන් Chords සියල්ලම සෑදී ඇත්තේ C major Scale හි ඇති ස්වර වලින් බව පැහැදිලිය.

"https://si.wikipedia.org/w/index.php?title=ස්වර_සංයෝජන&oldid=469904" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි