මූලික ජීවන නිපුණතා
දෛනික ජිවිතයේදි අප මුහුණදෙන අභියෝග වලට වඩාත් ඵලදායි ලෙස මුහුණදීම සදහා අප තුල ඇති හැකියාව මනෝසමාජයීය නිපුණතා ලෙස හැදින්විය හැක. එදිනෙදා ජිවිතයේ දි මුහුණදෙන අභියෝග වලට වඩාත් ඵලදායි ලෙස මුහුණදීම සදහා අප ප්‍රගුණ කර ගත යුතු හිතකර චර්යාවන් ජිවන කුසලතා හෙවත් ජිවන නිපුණතා ලෙස හදුන්වනු ලැබේ. මේ අනුව සලකා බලන විට ජිවන නිපුණතා යනු දෛනික ජිවිතයේ දි අභියෝග වලට මුහුණ දීමේ දි අප තුල ප්‍රගුණ කරගතයුතු අප සතුව ඇති කුසළතා සමුහයකි. සෞඛ්ය් ප්රගවර්ධනයේ දි ජිවන නිපුණතාවන් ට වැදගත් තැනක් හිමි වෙයි. බොහෝ සෞඛ්‍ය ගැටලු චර්යාවන් මුල් කර ගෙන ඇති වේ. ශ්‍රී ලංකාවේ සුලභ වන ගැටලු වන මන්දපෝෂණය , මත්පැන් දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතය හා ලිංගාශ්‍රිත රෝග සලකා බැලීමේ දි අහිතකර චර්යාවන් එම සෞඛ්‍ය ද ගැටලු සදහා බලපාන අන්දම පහසුවෙන් තේරුම් ගත හැකිය. එම නිසා මෙම ගැටලු අවම කිරිම සදහා වෙන් වෙන් ව එක් එක් ගැටලුව ගෙන කටයුතු කිරිම වෙනුවට මෙම ගැටලු සියල්ලටම පොදු වු කරුණ වන ජිවන නිපුණතා ප්‍රගුණ කිරිම වඩාත් ඵලදායි ප්‍රවේශයක් වනු ඇත.
එදිනෙදා ජිවිතයේ දි අප මුහුණ දෙන අභියෝග වලට වඩාත් ඵලදායි ලෙස මුහුණ දීම සදහා අප තුල ප්‍රගුණ කරගත යුතු ජිවන නිපුණතාවයන් රාශියක් නම් කළ හැකි වුවත් මුලික වශයෙන් හදුනා ගත් ජිවන නිපුණතා 10ක් (යුගල් 5ක්) ඇත. ඒවා මෙසේය .
තීරණ ගැනිම
සංස්කරණයඅභියෝග වලට මුහුණ දීමේ දි නිවැරදි තීරණ ගැනීම වැදගත් වේ.මිනිසුන් තීරණ ගැනිමේදි නොයෙක් ක්ර ම අනුගමනය කරයි. ඒවා අතර හදිසි තිරණ ගැනිම , ආවේගයන් මත තීරණ ගැනීම , සියලු කරුණු සොයා බලා තිරණ ගැනිම හා සමහර විට තිරණ ගැනිම කල් දැමීම හෝ තමා වෙනුවෙන් අන් අයට තිරණ ගැනිමට ඉඩ හැරීම උදාහරණ ලෙස දැක්විය හැක. වඩාත් වැදගත් වනුයේ නිවැරදි තිරණ නිවැරදි වේලාවට ගැනිම සදහා අප තුල ඇති නිපුණතාවයයි.
ගැටලු නිරාකරණය
සංස්කරණයගැටලුවකට මුහුණ දුන් කෙනෙකුට එය නිරාකරණය කර ගැනිමට නොහැකි විම තුල බොහෝ අපහසුතාවයන් ට මුහුණ දීමට සිදුවන බව නොරහසකි. ගැටලු නොවිසදි තිබිම මානසික අසහනයට හේතු වේ. එහි ප්රදතිඵලයක් ලෙස සමහර විට එය ජිවිතයට හානි වන අන්දමින් කෙළවර වන අවස්ථා ද අප දැක ඇත. එම නිසා ගැටලු නිරාකරණය සදහා ඇති ක්රනම වේදය ද ගැටලු විසදීමේ දි විකල්පයන් පිළිබද සිතීමේ වැදගත් කම ද මෙහි දි වැදගත් වෙයි.
නිර්මාණශීලි චින්තනය
සංස්කරණයලෝකය නිරන්තරව වෙනස් වෙන්නේ නිර්මාණශිලි පුද්ගලයන් නිසාය. අභියෝග වලට මුහුණ දිමේ දි ස්ථානෝචිත ප්රනඥාවෙන් යුතුව කටයුතු කිරිමත් , අපහසු අවස්තා වල දි උපක්ර ම ශීලිව කටයුතු කිරිමේ වැදගත් කමත් නිර්මාණශීලි චින්තනය උපයෝගි කර ගන්නා අවස්ථාවන් ලෙස දැක්විය හැක.
විශ්ලේෂණාත්මක චින්තනය
සංස්කරණයයම්කිසි අවස්තාවක් හෝ සිදුවීම් පිලිබදව සෑම පැතිකඩකිනි ම බැලිමට හැකි විම , මධ්ය ස්ථව හා අපක්ෂපාතීව කරුණ තක්සේරු කර වඩාත් නිවැරදි නිගමන වලට එළඹිමට හැකිවිම මෙම කුසළතාව පිළිඹිබු කරයි. උදාහරණයක් වශයෙන් ජනමාධ්යි මගින් කෙරෙන ප්රමචාර කටයුතු පිළිබද නිවැරදි නිගමන වලට එළඹිමට මෙම නිපුණතාවය ඉවහල් වෙයි.
සඵලමත් (ඵලදායි) සන්නිවේදනය
සංස්කරණයසන්නිවේදනය හෙවත් අදහස් හුවමාරුව සමාජයක් තුල කටයුතු කිරිමේ දි අත්යෙවශ්යච ගුණාංගයකි . මෙහි දි අන් අයගේ අදහස් වලට සවන් දීම , තම අදහස් නිවැරදිව පැහැදිලිව සරලව සහ සුහදශීලිව ඉදිරිපත් කිරිම , අන් අයගේ සිත් නොරිදවා තම අදහස් ඉදිරිපත් කිරිම මෙන් ම තමන් නොපිළිගන්නා මෙන් ම නොගැලපෙන කරුණු පිළිබදව තම අදහස් නොබියව ප්රහකාශ කිරිමට ඇති හැකියාව මෙම කුසලතාවය පෙන්නුම් කරයි. නිවැරදි සන්නිවේදනයක් නොමැති කම බොහෝ ගැටලු ඇති වීමට හේතු වේ.
යහපත් අන්තර් පුද්ගල සබදතා
සංස්කරණයඅප ජිවත් වන්නේ තවත් පිරිසක් සමඟය. නිවසේ දිත් , පාසැලේ දීත් , රැකියා ස්ථානයේ දිත් , මඟ තොට දීත් අපට වෙනත් පුද්ගලයින් සමග එක්ව කටයුතු කිරිමට සිදු වෙයි. අන්තර් පුද්ගල සබදතාවයන් ගොඩනැගිමේ දි මිත්‍රශීලී බව , සුහද බව , සහයෝගය සහ අන්‍යෝන්‍ය ගරුත්වය වැදගත් ගුණාංග ලෙස දැක්විය හැක.
ස්වයං අවබෝධය
සංස්කරණයතමා තුල ඇති හැකියාවන් දක්ෂතාවයන් සහ රුචි අරුචි කම් මෙන්ම තම චරිතයේ ප්ර බල සහ දුබල ස්ථාන පිළිබද දැන සිටිම වැදගත් වේ. දක්ෂතාවයන් හා හැකියාවන් දියුණු කර ගැනිමට දුර්වලතාවයන් මඟ හරවා ගැනීමට කටයුතු කිරිමටත් ස්වයං අවබෝධය ඉවහල් වෙයි.
අන් අයව තේරුම් ගැනීමේ හැකියාව ලෙස මෙය හැදින්විය හැක. ශ්‍රී ලාංකිය සමාජය වැනි බහු ජාතික , බහු ආගමික , බහු භාෂාමය , බහු සංස්කෘතික සමාජයක ජිවත් වීමේ දි මෙම කුසළතාව අපට අන් අයව නිවැරදිව තේරුම් ගැනීමටත් ඔවුන් ට අවශ්යහ උපකාර ලබා ගැනීමටත් ඉවහල් වෙයි.
චිත්තවේග වලට මුහුණ දීම
සංස්කරණයචිත්තචේග හෙවත් හැඟිම් හදුනා ගැනීම ,පාලනය කිරිම හා උචිත ලෙස ප්රීකාශ කිරිම මෙම නිපුණතාවය ප්ර්ගුණ කර ගැනිමේ දි වැදගත් වේ. උදාහරනයක් ලෙස කෝපයට පත් වු විට එය පාලනය කර ගැනිමේ වැදගත් කම දැක්විය හැක..
මානසික ආතතියට මුහුණ දීම
සංස්කරණයඕනෑම සිද්ධියක් හෝ අවස්ථාවක් නිසා පුද්ගලයෙකු තුල ඇති වන නොසන්සුන්තාවය හෝ අපහසුතාවය මානසික ආතතිය ලෙස හැදින්විය හැකකිය. යම්කිසි ප්රසමාණයක ආතතියක් තිබීම ඵලදායි වන අතර එය සිමාව ඉක්මවා වැඩිවිම ඵලදායි නොවන ආතතියක් ලෙස දැක්විය හැකිය. පාලනය කර ගැනිමට නොහැකි මට්ටමේ ආතතීන් පුද්ගලයෙකුගේ සෞඛ්‍යය පිරිහීමට හේතු වේ. එම නිසා ආතතින් පාලනය කර ගැනිම සදහා ඇති විවිධ ක්‍රමවේදයන් භාවිතා කිරිමට දැන සිටිම ප්‍රයෝජනවත්ය.