ස්වභාවික මානව විද්‍යා අධ්‍යයනය
ස්වභාවික මානව විද්‍යා අධ්‍යයනය යනු, සොබාදහම සහ මිනිසාගේ සමාජයීය සබඳතා පිළිබඳව කෙරෙන අධ්‍යයනයකි. මෙහිදී, යම් ජන වර්ගයක් විසින් තම සමාජීය, ආර්ථීක සහ දේශපාලනමය අවශ්‍යතා අනුව තම වටපිටාව වෙනස්කර ගන්නා ආකාරය පිළිබඳව සොයා බැලේ. (සල්ස්මන් සහ අට්වුඩ් 1996: 169) ස්වභාවික මානව විද්‍යා අධ්‍යයනය මඟින් මිනිස් සංස්කෘතිය සහ සොබාදහම අතර සබඳතාවය ගැනද ක්‍රමානුකූලව සොයා බැලේ. (එලක් 1982: හාර්ඩස්ට් 1997: මැක්ගී 1996) පුද්ගලයා සහ වටපිටාව අතර පවතින අන්තර් සබඳතාව වටහා ගැනීම ස්වභාවික මානව විද්‍යා අධ්‍යයනයේ අරමුණයි. (ඉන්ගෝල්ඩ් 1992:40) (හාර්වි 1996)
ස්වභාවික මානව විද්‍යා අධ්‍යයනය මුලින්ම යොදා ගැනුනේ ජුලියන් ස්ටුවර්ඩ් විසින් කරන ලද ස්වභාව සංස්කෘතික අධ්‍යයනයකදීය. මෙහිදී ස්ටුවර්ඩ් විසින් පළ කරන ලද මතය වන්නේ සොබාදහමත් මිනිසාත් අතර වන ශක්ති සංසරණයක ප්‍රතිඵලයක් ලෙස සංස්කෘතිකමය වෙනස්කම් ඇතිවන බවයි. සංස්කෘතිය යනු මිනිසා සොබාදහමේ විවිධ වෙනස්වීම්වලට දක්වන ප්‍රතිචාරයන් ය.
මුල සිටම විද්වතුන් මෙම මතය විවේචනය කළහ. ඔවුන්ගේ තර්කය වූයේ ඉහත කී මතය සොබා දහම වෙනස්වීමේ ධර්මතාවයට බැහැර වන බවයි. වර්තමානයේදී සංස්කෘතිය වෙනස්වන්නේ සොබාදහම මත පමණක් නොවේ. මෙයට ජනමාධ්‍ය, රාජ්‍ය පාලනයන්, විවිධ සංවිධාන හා ව්‍යාපාරද දායක වේ.
රෝයි රැපපෝට් යනු මේ පිළිබඳව හැදෑරීම් රැසක් සිදුකළ කෙනෙකි. ඔහු සංස්කෘතිය හා සොබාදහම අතර සබඳතාව හොඳින් විචාළ කෙනෙකි. ඔහුගේ අධ්‍යයනයන් බොහොමයකට පැපුවා නිව් ගිනියාවේ "මැරින්ග්” නමැති ගෝත්‍රික ජනතාවගේ චර්යා රටා උපයෝගී කරගෙන ඇත.
සටහන්
සංස්කරණයEnvironmental_anthropology |