ස්වදේශීය ඇමරිකානු අධ්‍යයනය

උතරු ඇමරිකානුවන්ගේ සමකාලීන අත්දැකිම් අනුව ඔවුන්ගේ ඉතිහාසය සංස්කෘතිය, දේශපාලනය සහ ඔවුන්ගේ නිකුත්වන පිළිබද අන්තර්ක‍ශේත්‍ර අධ්‍යයනයක් ස්වදේශීය ඇමරිකානු අධ්‍යයනයෙන් (ඇමරිකානුඉන්දියානු හෝ ස්වදේශිය ඇමරිකානු හෝ මාතෘ ජාතිය ගැන අධ්‍යයනය) සිදුවේ. ඇමරිකානු අධ්‍යනය සහ ලතින් අධ්‍යයනය වැනි අනෙකුත් ජනවාර්ගික අධ්‍යනයක් සමග ඇති වෙනස ගැන ඒවා සමග ඇති සමානකම්වලට වඩා වාද විවාද බිහිවී ඇත. එක්සත් ජනපදයේ සහ කැනඩාවේ. අනෙකුත් ජාතිවාදි සහ ජනවාර්ගික කණ්ඩායම් වල ස්වදේශිය ජාතින් සමග ඇති දේශපාලන පාරමාධිපත්‍ය සහ ඔවුන්ගේ ඉතිහාසගත අත්දැකිම් මෙමගින් ලකුණු කරයි. මානව විද්‍යාව, සමාජ විද්‍යාව, ඉතිහාසය, සාහිත්‍යය, චේශපාලන විද්‍යාව සහ ලිංගික විද්‍යාව වැනි අංශවලින් විවිධ දෘෂ්ඨිකෝණවලින් නොයකුත් විෂ්ලේෂණ මෙවලම් යොදාගනකිමින් උගතුන් මේ පිළිබද අධ්‍යයනය කරයි.

මෙම අධ්‍ය‍නයේ නියුක්ත මිනිසුන් ස්වදේශිය මිනිසුන්ගේ කොලොනිය කරණය දේශපාලන ස්වාධීනත්වය ස්වදේශිය මිනිසුන්ගේ සමකාලින ගැටලු නිරාකරණයට ගෙන ඇති පියවර ගැන පක්ෂව කතා කරයි.

ඉතිහාසය සංස්කරණය

යුරෝපියානු සම්බන්ධතා ඇතිවීමට පෙර, ඇමෙරිකාවේ ස්වදේශීය පෞරාණික ඇත්දැකිම් බලහත්කාරයෙන් සටහන් කෙරිණි. ඇතැමුන් විසින් යුරෝපියානු ඇමෙරිකානු සංස්කෘතියේ මුඛ්‍යධාරාවද උරාගැනීමට තැත් කරන ලදි. මිෂනාරීන්ගෙන් ආරම්භ කර ‍පසුව ෆෙඩරල් පාලනය දක්වා වර්ධනය වු පාසල් වල මුලික අරමුණ වූයේ ඇමෙරිකානු ඉන්දියානුවන්ට අධ්‍යාපනය සලසා දී ඔවුන් නැවත ඔවුන්ගේ සමාජවලට යවා සමාග්‍රහණ ක්‍රියාවලින් වර්ධනය කිරීමයි. ඩේවිඩ් බෙක්(David Beck) ඔහුගේ “1974 පෙර ඇමෙරිකානු ඉන්දියානු උසස් අධ්‍යාපනය කොලොනියකරණයේ සිට ස්වයං නිර්ණය තෙක්” යන ලිපියෙහි දක්වන පරිදි පාසල්, සමාග්‍රහණයට මෙවලමක් ලෙස යොදා ගන්නා ලදි. ඒවායේ මුලික අරමුණ වුයේ බුද්ධිමතෙකු බිහි කිරීම නොව රැකියා සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීමයි.

සමාග්‍රාහකයාගේ මුඛ්‍යධාරා ප්‍රතිපත්තියේ අධිශීක්ෂණය සහ එක්සත් ජනපදය පුරාවට K -12 පාසල් වල සහ විශ්වවිද්‍යාලවල උගන්වා ඇති දේ ගැන 1950 -1960 මිනිස් අයිතිවාසිකම් පිළිබඳව පැවැත්වුණු සම්මේලනයේදී ප්‍රශ්න කෙරිණි. ඇමෙරිකානු ඉන්දියානු ශිෂ්‍යයන් දයාබර මහාචාර්යවරුන්ගේ සහය ඇතිව නව අරමුණු සහිත නව වැඩසටහන් සෑදීමට පොළඹ විණි. ඉන්දියානුවන් ඔවුන්ගේ සමාජයට ගොස් සමාග්‍රහණයට පුහුණු කරවනවාට වඩා බලය පැවරීමට ඔවුන්ව පුහුණු කරවන ලදී. සමාජය පුරා පැතිරි යන සහ වි‍ශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට ධාරණය කරගත හැකි වැඩසටහන් ඉහත කී සම්මේලනය විසින් ගොඩනඟා ඇත. තවදුරටත්, පාසල් වල ඇති එවැනි සටහන් ඇමෙරිකානු ඉන්දියානු ඉතිහාසයට, සමාජ විද්‍යාවට සහ දේශපාලනයට නව අරුතක් ගෙන දුණි.