ස්ලෝවේනියානු, ක්‍රෝඒෂියානු සහ සර්බියානු රාජ්‍යය

ස්ලෝවේනියානු, ක්‍රෝඒෂියානු සහ සර්බියානු රාජ්‍යය (Serbo-Croatian: Država Slovenaca, Hrvata i Srba / Држава Словенаца, Хрвата и Срба; Slovene: Država Slovencev, Hrvatov in Srbov) යනු පළමුවන ලෝක යුද්ධය අවසානයෙහිදී, 1918 ඔක්තොම්බර් මාසයෙහිදී ඔස්ට්‍රියා-හංගේරියා රාජධානියෙහි දක්ෂිණ කොටස් වශයෙන් පැවැති ප්‍රදේශයෙහි ජීවත්වූ ස්ලෝවේනියානුවෝ, ක්‍රෝඒෂියානුවෝ සහ සර්බ්වරු විසින් ස්ථාපනය කෙරුණු දේශපාලනමය ස්ථිතියකි. ජාත්‍යන්තර වශයෙන් පිළිනොගැනුනත්, සාර්ව-ස්ලාවික් මතවාදය මත ස්ථාපනය වුනු පළමුවන යුගොස්ලාව් රාජ්‍යය මූර්තිය එය විය. [1] එය ප්‍රකාශයට පත් කොට දින තිස්තුනකට පසුව, සර්බියානු, ක්‍රෝඒෂියානු සහ ස්ලෝවේනියානු රාජධානිය ස්ථාපනය කිරීම සඳහා සර්බියානු රාජධානිය හා සමගින් රාජ්‍යය එක් විය .

  1. මිට්‍රොවික්, ඇන්ඩ්‍රෙජ් (2007). "සර්බියස් ග්‍රේට් වෝ, 1914–1918," (PDF). ලන්ඩනය: හර්ස්ට් සහ සමාගම. සම්ප්‍රවේශය 15 ‍නොවැම්බර් 2010. {{cite web}}: Check date values in: |accessdate= (help)