ස්පොන්ඩී (චන්ද්‍රයා)

ජුපිටර් XXXVI ලෙසින්ද හැඳින්වෙන, ස්පොන්ඩී යනු, බ්‍රහස්පතිගේ ස්වභාවික චන්ද්‍රිකාවකි. 2001 දී ස්කොට් එස්. ෂෙපර්ඩ්ගේ නායකත්වය දැරූ, හවායි විශ්වවිද්‍යාලයීය තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සොයා ගත් එයට, S/2001 J 5 යන තාවකාලික නිල නාමය ලබා දෙන ලදි. [1][2]

කිලෝමීටර 2 ක පමණ විෂ්කම්භයක් සහිත ස්පොන්ඩී චන්ද්‍රයා, එහි ග්‍රහ ලෝකය වන බ්‍රහස්පතීට කිලෝමීටර මිලියන 24.253 පමණ සාමාන්‍ය දුරකින්, දින 771.604 ක කාලයක් ගනිමින් එය වටා පරිභ්‍රමණය වන්නේ, කක්ෂතලයට 154° ක (බ්‍රහස්පතිගේ සමකයට 156° ක) ආනතියක් සහිතව, ප්‍රතිගාමී දිශාවට සහ 0.443 ප්‍රමාණයක උත්කේන්ද්‍රියතාවයක් සහිතවය.

හොරීවරුන් (පැය) අතුරින් සත් වන පැය (දිවා ආහාරයට පසුව මත්පැන් පිළිගැන්වීම) අරක්ගන්නා දේවතාවිය අනුව යමින්, 2003 අගෝස්තු මාසයේදී එය නම් කෙරිණි. [3] දිනයෙහි පැය මෙන්ම වසරෙහි සෘතුන් ද අරක්ගන්නා හොරී දේවතාවියන් සියුස් (බ්‍රහස්පතී) සහ තෙමිස් යන්නන්ගේ දියණියන් වෙති.

අක්‍රමවත් ලෙසින් හා ප්‍රතිගාමී චලිතයෙහි යෙදෙමින්, 22.8 සහ 24.1 ගිමී අතර පරාසයක දුරක් බ්‍රහස්පති ග්‍රහ ලෝකයේ සිට තබමින් සහ, 144.5° සහ 158.3° අතර වන පරාසයක ආනතීන් දරමින් එය වටා පරිභ්‍රමණය වන චන්ද්‍රයින් අඩංගු පැසිෆේ කාණ්ඩයට මෙම චන්ද්‍රයා අයත් වෙයි.

ආශ්‍රිත සංස්කරණය

  1. IAUC 7900: සැටලයිට්ස් ඔෆ් ජුපිටර් 2002 මැයි 16 (සොයාගැනීම)
  2. MPEC 2002-J54: ලෙවන් නිව් සැටලයිට්ස් ඔෆ් ජුපිටර් 2002 මැයි 15 (සොයාගැනීම සහ ග්‍රහචාරය)
  3. IAUC 8177: සැටලයිට්ස් ඔෆ් ජුපිටර්, සැටර්න්, යුරේනස් 2003 අගෝස්තු 8 (චන්ද්‍රයා නම්කිරීම)
"https://si.wikipedia.org/w/index.php?title=ස්පොන්ඩී_(චන්ද්‍රයා)&oldid=264248" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි