ස්ථිර කෘෂිකාර්මික සංස්කෘතියේ මූලාරම්භ

1970 වසර මැදභාගයේදී, ඕස්ට්‍රේලියානු ජාතික ආචාර්ය බිල් මොලිසන් හා ඩේවිඩ් හෝ මිග්‍රන් ස්ථිර කෘෂිකාර්මික සමාජයක් ඇතිකිරීමේ අදහස ගෙන එන ලදී. මෙයට හේතුවූයේ සීඝ්‍රයෙන් වැඩෙන විනාශකාරී කාර්මික, ‍කෘෂිකාර්මික ක්‍රමවේද වේ. මෙම ක්‍ර‍මවේද ඔස්සේ භූමිය හා ජලය දුෂණය කරන බවත්, ජෛවවිවිධත්වය විනාශකරන බවත්, කලින් සාරවත් ඉඩම්වලින් ටොන් බිලියන ගණනක පස් ඉවත්කරන බවත් ඔවුන් අත්දැකීමෙන් දැක ගත්හ. මෙයට පිළිතුරක් ලෙස ඔවුන් පළමුවරට "ස්ථිර කෘෂිකාර්මික සංස්කෘතිය" නම් සැලැස්මක් එළිදක්වන ලදී. 1978 දී එය "පර්මකල්චර් වන් (Permaculture One)" ලෙස ප්‍රකාශනය කරන ලදී .

වේයන් ගොඩැලි අනුප්‍රාණය නූතන නිවාස පද්ධතියේ නිශ්ක්‍රිය කාලගුණ පාලනය සඳහා.


"පර්මකල්චර්" යන වචනය පළමුව ස්ථිර කෘෂිකර්මාන්තය යන තේරුම හැඟවුවද, ඉක්මනින්ම එය "ස්ථිර සංස්කෘතිය" බවට ප්‍රසාරණය විය. එයට හේතුවක් වූයේ සමාජ සාධක නොනැසී පවතින පද්ධතියකට අවශ්‍ය අංගයක් වන නිසාය. මොලිසන් හා හෝම්ග්‍රන් නූතන පර්මකල්චර් සංකල්පයේ සම-උත්පාදකයන් ලෙස ප්‍රසිද්ධවී ඇත .


"පර්මකල්චර් වන් (Permaculture One)" ප්‍රකාශනයෙන් අනතුරුව මොලිසන් හා හෝල්ම්ග්‍රන් තව දුරටත් ඔවුන්ගේ අදහස් වර්ධනය කිරීම සිදුකළේය. ඒ සඳහා ඔහු පර්මකල්චර් භූමි භාග සියගණනක් නිර්මාණය කිරීමද, මෙම දත්ත විස්තර සහිත පොතකට සංවිධානය කර එකතු කිරීමද සිදුකළේය. මොලිසන් රටවල් 80 කට වඩා තැන්වල දේශනා පැවැත්වූ අතර ඔහුගේ සති-දෙකේ නිර්මාණ පාඨමාලාවෙන් සුවිශාල ශිෂ්‍යයන් ප්‍රමාණයකට ඉගැන්වීම් කරන ලදී.


1980 වනවිට මෙය න්‍යායමය කෘෂිකාර්මික "පද්ධති නිර්මාණයක" සිට "නොනැසී පවතින මානුෂික වාසස්ථානයක පිහිටුවීමට වඩා සංකල්පය ක්‍රියාදාමයක්" දක්වා වර්ධනය වී තිබිණ.


1980 මැද භාගය වනවිට බොහෝ ශිෂ්‍යයන් සාර්ථක වෘත්තිකයන් බවට පත්ව තිබුණ අතර, තමන් උගත් ශිල්ප ඉගැන්වීමට පටන්ගෙන තිබිණ. කෙටිකාලයක් තුල පර්මකල්චර් කාණ්ඩ, ව්‍යාපෘති, සංගම් හා ආයතන සියයකට අධික රටවල් ගණනක ස්ථාපිත කරන ලදී. 1991 දී ABC නිෂ්පාදන මඟින් කල රූපවාහිනී වාර්තාවක් වූ "ලෝක ව්‍යාප්ත උයන්පල්ලා" පෙන්වූයේ පර්මකල්චර් පද්ධති ලෝක-ව්‍යාප්ත තත්ව ගණනාවකට භාවිත කර ඇති බවයි. මෙහි පටිගත දර්ශන "යුටියුබ්" (Youtube) වෙබ් අඩවියෙන් නැරඹිය හැක. "පර්මකල්චර්" එහි මුලාරම්භය වූ ඕස්ට්‍රේලියාවේ සිට අන්තර්ජාතික ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී තිබේ. ඉංග්‍රීසි ජාතික පර්මකල්චර් දේශක "පැට්‍රික් වයිට්ෆීල්ඩ්" (පෘථිවිය රැකීමේ අත්පොතේ හා පර්මකල්චර් සැකෙවින් හි කතෘ) යෝජනා කරන්නේ දැන් පර්මකල්චර් ක්‍රමවේද දෙකක් දැකිය හැකි බවයි. (මූලික හා නිර්මාණ ලෙස) මූලික පර්මකල්චර් ආකාරයේ ස්වාභාවික පරිසර පද්ධතිවලට සමාන ප්‍රතිචලිත ස්වභාවධර්ම පද්ධති නි‍ර්මාණය කිරීමක් සිදුකරයි. නිර්මාණ පර්මකල්චර් භාවිතයේ පවතින වැඩකරන සම්බන්ධය, පරිසර පද්ධතිවලට ගෙන ඒවා පදනම ලෙස යොදාගනී. අවසාන ප්‍රතිඵලය "කැලෑ උයනක්" වැනි ස්වභාවික පෙනුමක් නොපෙන්වන අතර ඊට පාදක වූ නිර්මාණය පාරිසරික මූලධර්ම මත පදනම් වී තිබේ. ස්වභාවික ශක්තීන් හා ගලායන රටා නිරීක්ෂණය කිරීමෙන් කාර්යක්ෂම නිර්මාණ පද්ධති වර්ධනය වී තිබේ. මෙය ස්වභාවික පද්ධති නිර්මාණය ලෙස හඳුන්වයි. (ආචාර්ය M. මිලින්ටන් හා A. සැම්සන් කෙලි)


සටහන් සංස්කරණය

Permaculture Mollison and Holmgren