ස්ථාවර බාධක හා චතුරස්‍රාකාර බාධක

ස්ථාවර බාධක වෙනස් නොවන බාධකයකි. එය වඩාත් ආරක්ෂිත එකක් වන අතර සතුරු හමුදාවන්ගේ ගමනට බාධා කිරීම‍ට සමත්ය. බඩගා යා යුතු බාධක ස්ථිර සීමාවක පිහිටුවන අතර හමගින් හමුදාවන් හට සැකසීමට ක‍ාලය හිමි වේ. එසේම සමහර විටෙක මෙම බාධක සතුරු සීමාවල ද ඉදිකෙරෙන අතර එමගින් සතුරු හමුදාවන් වෙතට දැඩි බලපෑම් කළ හැක.

චතුරස්‍රාකාර බාධකයක් නිමවෙන්නේ බාධක 3 ක් හෝ 4 ක් එක් වීමෙනි. පාබල හමුදා අණදෙන නිළධාරියාට අනුව ගොඩනගන බාධක නිසා ආරක්ෂාව පිණිස ප්‍රහාර එල්ල කිරීමට හැකි වේ. බාධක යෙදීමෙන් සතුරු ප්‍රහාරවලට ලක්විය හැකි ස්ථාන ශක්තිමත් වන අතර එමගින් විශාල හානි ද වැළකේ. 1917 මාර්තු මස සිදු වූ අගල් වැටලීමකදී I භට ඛණ්ඩය බඩගා යා හැකි බාධක ඉදි කිරීමෙන් සහාය ලබාගත් අතර සතුරු අගල්වලට පැමිණි පසු චතුරස්‍රාකාර බාධක ද ඉදි කිරීමෙන් ඔවුන් ජර්මාණු හමුදා ශක්තිමත් වීම සහ ප්‍රතිප්‍රහාර වළක්වා ගත්හ. එසේම සීමාවන්හි සිටින සතුරු සොල්දාදුවන් කලබල කිරීමෙහිලා බෝම්බ හෙලීම් ද සිදු කළහ.

http://en.wikipedia.org/wiki/Barrage_%28artillery%29#Standing_and_box_barrages