ස්ත්‍රි පුරුෂ භාවය සහ රූපවාහිනිය
සාම්ප්‍රදායිකව ගත් කල පුරුෂයන්ට වඩා ,හුදකලා වූ කාන්තාවන්ට වඩාත්”පුරුෂමය “වැඩසටහන් පර්භෝජනය කිරීමේ සමාන අවස්ථා ලැබෙන අතරතුර බොහෝ රූපවාහිනී වැඩසටහන් වල පවතින භාවාත්මක උත්තේජන ස්වභාවය පුරුෂයන් තුල පවතින ස්ත්‍රී පාර්ෂවයන්ටම බලපෑම් ඇති කළේය. රූපවාහිනියට කාන්තා ව්‍යාපාරයේ ප්‍රධාන ස්ථානයක් හිමි විය. රූපවාහිනිය පෙන්වන පෙන්වන බොහෝ කාන්තාවන් , බොහෝ පුද්ගලයන් තුල පවතික පොදු ඒකාකාරී මතයට අනුකූලවුවත් රූපවාහිනිය මිනිසුන්ගේ ජීවිත මෙන්ම ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම්ද ඉදිරිපත් කළේය. රූපවාහිනිය ඔස්සේ පෙන්වූ මෙම ‘අනෙකුත් ජීවිත’වලට කාන්තාවන් ගේ පවතින සම්බන්ධ සමාජකරණය පිළිබඳ තෘප්තිමත් නොවූණි. මෙය සමාජය තුල කාන්තාවන්ගේ භූමිකාව පිළබඳ බෙහෝ කතිකාවන් සහ තර්ක විතර්ක මතු කළේය. රූපවාහිනිය වාණිජමය වශයෙන් භාවිතයට පැමිණි 1930 අග භාගයේ සිටම රූපවාහිනී තිරය මත කාන්තා හා පුරුෂ නියෝජනය සමාජය තුල සාකච්ඡාවට තුඩුදුන් මාතෘකාවක් විය. 1964 දී බෙටී ෆ්‍රීඩන් විසින් “- ඇමරිකානු කාන්තාව ,සිය දුක්ඛදායක, මෝඩ ,කම්මැලි දිවා කාලය ආදරය පිළිබඳ සිහින දකිමින් සහ සිය ස්වාමිපුරුෂයන් පිළිගැනීමට යටිකූට්ටු සැලසුම් හදමින් ගතකරන මෝඩ අසුන්දර අස්ථිර කුඩා ගෘහ සේවිකාවක් ලෙස ඉදිරිපත් කර ඇත.” යනුවෙන් ප්‍රකාශ කර ඇත. 1960 සහ 1970 වකවානුවල කාන්තාවන් විසින් සාමාජයේ සම තත්වය ලබා ගැනීම සඳහා කළ විප්ලව සහ විරෝධතා වලදී ඔවුන් විසින් ආමන්ත්‍රනය කරනු ලැබුවබූ එක් කාන්තාවක් වන්නේ රූපවාහිනිය තුල ඔවුන්ගේ නිරූපනයයි. මාධ්‍යවේදී 1980 වකවානුවේ ජාලගත රූපවාහිනියේ භාවිතය සහ වැඩසටහන් කරණය පෙර පැවති කාන්තාව පිළිබඳ සමාජයේ වූ පොදු ඒකාකාරී මතය වෙත නැවත කැඳවාගෙන යාමේ ප්‍රයත්නයක් ලෙස ප්‍රකාශ කළේය. රූපවාහිනිය ඔස්සේ නිවසටම සීමා වූ කාන්තාවකට වුවද ක්‍රීඩා, යුද්ධය,ව්‍යාපාර, වෛද්‍ය, නීති සහ දේශපාලන යන කාලයක් තිස්සේ මූලික වශයෙන් පිරිමින්ට සීමා වූ ෙලස සැලකූ අපේ සංස්කෘතියේ කොටස් අත්දැකීමෙන් දැනගැනීමේ හැකියාව ලැබී ඇත. රූපවාහිනිය සතු සහජ මිත්‍රශීලීභාවය සුපුරුදු පරිදි අලංකාරවත් ලෙස සැරසුණු මිනිසුන්ව ඔවුන්ගේ බාහිර ස්වරූපය සහ අලංකාරය යන කාරණාවලින්ද වින්ශ්චයට ලක් කරන, සමාජයේ ඇති පොදු රංග භූමි කිහිපයෙන් එකක් බවට එය පත් කරයි.
1930 සිට 2007 දක්වා දිවා රූපවාහිනිය එතරම් වෙනසකට ලක්වී නැත. Soap operas සහ talk shows වැසටහන් තවමත් දිවා වැඩසටහන් ලේඛනයේ ඉහළින්ම වැජෙඕ. 1950 සිට වැඩිම පිරිසක් රූපවාහිනිය නරඔන වේලාවන් පිරිමින් ඉලක්කරගෙන සහ ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන පරිදි නිර්මාණය විය. 1952දී මෙ වේලාව තුලදී විකාශනය වූ නාට්‍ය වල චරිත 68% ක්ම පිරිමි චරිත වූඅතර 1973 දී එය 74% ක් විය. 1970දී ‘කාන්තාවන් සඳහා ජාතික සංවිධානය’(NOW) මේ සඳහා පියවර ගනු ලැබුණි. ඔවුන් විසින් , රූපවාහිනියේ පෙන්වන මෙම අපහාසාත්මක පොදු ඒකාකාරී ස්වරූපයේ කාන්තාවන් පිළිබඳ අධ්‍යනය කොට වෙනස් කිරීමට කාර්ය බලකායක් පිහිටුවිය.1972 වර්ෂයේදී ඔවුන් විසින් විකාශන ජාල හිමි ආයතන 2කට කාන්තාවන්ට අසාධාරණ ලෙස වැඩසටහන් නිර්මාණය කිරීම සම්බන්ධව ඔවුන්ගේ බලපත්‍ර වලට අභියෝග එල්ල කරනු ලැබිණි. 1960 වකවානුවේදී විකාශය කෙරුණුI Dream of Jeannie සහ Bewitched යන නාට්‍ය තුලින් ඉදිරිපත් කල අදහස වූයේ කාන්තාවන්ට සිය රාජකාරිය මගහැරී යාමට ඇති එකම ක්‍රමය වන්නේ ඔවුන්ගේ මායිම් තුලින් බවයි. ඇ.එ. ජනපදයේ Carat රාජ්‍යයේ කර්මාන්ත විශ්ලේෂිකා Shari Anne Bril “අවුරුදු ගණනාවක් තිස්සේ පිරිමින් කැමරා පිටුපස රඟ දක්වන විට කාන්තාවන්ට හිමි වුයේ මෝඩ තත්වයකි. නමුත් වර්තමානයේදී ඔබට අති දක්ෂ වීරවරියන්ගේ සහ දක්ෂ ව්‍යාපාරික කාන්තාවන්ගේ චරිත රඟපාන කාන්තා නායිකාවන් දැකිය හැකිය.” ලෙස ප්‍රකාශ කළාය. වර්තමාන විකාශන ජාල වලට විවිධ වූ විශේෂ කාන්තා චරිත ඇතුලත් කර තිබේ.