ස්ටැන්ලි ද සොයිසා (1907 ජූනි 27- 1970 දෙසැම්බර් 10) ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් සහ දේශපාලනඥයෙක් විය. ඔහු එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගේ රජයේ හිටපු මුදල් කැබිනට් අමාත්‍යවරයා (1956-1959), පසුව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය (1959-1960) සහ ඉන්දුනීසියාවේ ලංකා තානාපති විය.

ගරු හිටපු අමාත්‍ය
ගොනුව:Stanley de Zoysa.jpg
මුදල් ඇමති
තනතුර දරමින්
1956 අප්‍රේල් 12 – 1959 නොවැම්බර් 22
අග්‍රාමාත්‍යවරයාඑස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක
පූර්වප්‍රාප්තිකයාඑම්. ඩී. එච්. ජයවර්ධන
අනුප්‍රාප්තිකයාඑම්. එම්. මුස්තාපා
පුද්ගලික තොරතුරු
උපත27 ජුනි 1907(1907-06-27)
විපත10 දෙසැම්බර් 1970
ජාතියශ්‍රී ලාංකික
කලත්‍රයාශීලා ද සොයිසා
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය, කොළඹ
රැකියාවව්‍යාපාරික

ද සොයිසා ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ද සොයිසා, අධිනීතිඥ සහ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකයෙකු වූ කේසී සහ එතෙල් පෙරේරා ආර්යාව අමරසේකර සිරිවර්ධනගේ පුත්‍රයාය. ඔහුට සහෝදර සහෝදරියන් කිහිප දෙනෙක් සිටි අතර, ඔවුන්ගෙන් සමහරක් ක්ෂේත්‍ර කිහිපයකම ප්‍රසිද්ධියට පත් වූහ: සිඩ්නි ද සොයිසා (හිටපු නියෝජ්‍ය පොලිස්පති ), ඒසී "බන්ටි" ද සොයිසා ( ජනාධිපති නීතීඥ ), වයලට් රාජපක්ෂ (ටියුඩර් රාජපක්ෂ සමඟ විවාහ වූ), ඔල්ගා ද සොයිසා ( පළමු මිස් සිලෝන්), සහ ලූෂන් ද සොයිසා (ප්‍රසිද්ධ ක්‍රිකට් විස්තර විචාරක). [1] ඔහුගේ මාමා ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වාය .

සිඩ්නි ද සොයිසා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ව්‍යාපාර කටයුතුවල නිරත වී ප්‍රකට ව්‍යාපාරිකයෙකු බවට පත් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙමින් 1956 මහ මැතිවරණයට ජාඇල ආසනයෙන් තරග කළ ඔහු එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජී.ජේ පැරිස් පෙරේරා පරාජය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය. 1956 අප්‍රේල් 12 වැනි දින අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක විසින් ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ සොහොයුරු එෆ් ආර් ද සොයිසා සහ ඔහුගේ හිටපු ආරක්ෂක ඔසී කොරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු 1959 නොවැම්බර් 23 වැනි දින ඔහුට ඉල්ලා අස්වීමට සිදුවිය. මිනීමැරුම් ගිනි අවිය කොරයාට අයත් බව පෙනී ගියද එෆ්.ආර්.ද සොයිසා සහ ඔසී කොරයා යන දෙදෙනාම නිදහස් කර ඇත. සිඩ්නි ද සොයිසා පසුව 1959 දී අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කරන ලද අතර මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක් 1960 දක්වා සේවය කළේය. ඔහු 1960 මාර්තු මහ මැතිවරණයේදී ජා-ඇල ආසනයට සහ 1960 ජූලි මහ මැතිවරණයේදී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරග කළ නමුත් ජී.ජේ පැරිස් පෙරේරා මහතා අතින් පරාජයට පත්විය. ඔහු 1960 ගණන්වල අගභාගයේදී ඉන්දුනීසියාවේ ලංකා තානාපතිවරයා ලෙස පත් කරන ලද අතර [2] ඔහු විවාහ වී සිටියේ ශීලා ද සොයිසා සමඟයි. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ද ඉසෙඩ් සිරිවර්ධන මහතාගේ ඥාති සහෝදරයෙක් විය .

යොමු කිරීම් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ස්ටැන්ලි_ද_සොයිසා&oldid=612873" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි