ස්කයිප්
This article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. (ජූනි 2013) |
ස්කයිප් (උසුරුවනුයේ /ˈskaɪp/) යනු පරිශීලකයන් හට අන්තර්ජාලය හරහා කටහඩ සහ විදෘශ්‍ය වැනි දෑ හුවමාරු කරගැනීම සඳහාද සම්භාෂණයන් පැවැත්වීම සඳහාද නිමවන ලද මෘදුකාංග වැඩසටහනකි. ස්කයිප් සේවාව ඇතුලත සිටින අනෙකුත් පරිශීලකයන් හට ඇමතුම් ලබා ගැනීම නොමිලේ වන අතර, සාම්ප්‍රදායික ස්ථාවර දුරකථන සහ ජංගම දුරකථන වලට ඇමතුම් ලබා ගැනීම් හර මත පදනම් වූ පරිශීලක ගිණුම් පද්ධතිය භාවිතා කර ගාස්තුවක් ගෙවා ලබා ගත හැකි වේ. ස්කයිප් සතුව ක්ෂණික පණිවුඩකරණය, ගොනු හුවමාරුව, සහ විදෘශ්‍ය සංවාද වැනි අමතර ගුණාංග රාශියක් අඩංගු වෙන නිසාම එහි ජනප්‍රියත්වයද වැඩි වී ඇත. 2010 වන විට ස්කයිප් සතුව මිලියන 663 ක ලියාපදිංචි වූ පරිශීලකයන් සංඛ්‍යාවක් තිබිණි. මෙම ජාලය මෙහෙයවනු ලබන්නේ ලක්සම්බර්ග් මුලස්ථානය කොටගත් සීමාසහිත ස්කයිප් සමාගම විසිනි.
![]() | |
---|---|
300px ස්කයිප් 5.5 වින්ඩෝස් 7 මත ධාවනය වෙමින් | |
විකාශකය(න්) | සීමාසහිත ස්කයිප් |
ප්‍රථම නිකුතුව | අගෝස්තු 2003 |
ලියන ලද්දේ | Embarcadero Delphi, Objective-C (iOS, Mac OS X), C++ with Qt4 (Linux) |
මෙහෙයුම් පද්ධතිය | හරස්-කරලිය |
ලැබිය හැකියි | බහුභාෂාමය සිංහල |
වර්ගය | අන්තර්ජාල ප්‍රොටෝකෝලය හරහා කටහඬ, ක්ෂණික පණිවුඩකරණය, videoconferencing |
බලපත්‍රය | හිමිකාර, ගෙවා ගතයුතු සමහර ගුණාංග ඇත |
වෙබ් අඩවිය | skype.com |