ස්කන්ධ චලන වර්ග සංස්කරණය

 
ස්කන් චලනය at Palo Duro Canyon, West Texas (2002)


ප්‍රාවරණ පාෂාණ හෝ පාෂාණ සම්පූර්ණයෙන්ම යටි අතට සංචරණය වන ක්‍රමය අනුව ස්කන්ධ චලනය වර්ග කෙරේ.


රූරායාම සංස්කරණය

පල්මක් රූරායාම දීර්ඝකාලීන ක්‍රියාවළියකි. පස් හෝ පාෂාණ විවිධ දිශා වලට කාලයක් ඔස්සේ සිදුකරන කුඩා චලන වලට හේතුව වන්නේ පල්ලමේ යටි අතට ඇති ගුරුත්වාකර්ෂණ බලයයි. පල්ලමේ ආනතිය තියුණු රූරා යාමේ වේගයද වැඩිවේ. පොළොව තුළ පවතින පස් ශක්තිමත් භාවයෙන් අඩු නිසා බොහෝ විට මෙමඟින් නායයාම් ඇතිවේ. ජලය හා හිරුඑළිය මදිකම නිසා ගස් මිය යන අතර මෙය තෙත් කළාපයේ විරල සිදුවීමකි. හිම මීදිම හෝ දිය වීම උණුසුම් හා සිසිල් උෂ්ණත්ව වැනි කරුණු මඟින් පස් පෘෂ්ඨයෙන් ඉහළට හා පහළට චලනය වීමෙන් බැවුමේ පතුළ වෙත පස ගමන් කරයි. මෙය පියවී ඇසට නොපෙනෙන වේග‍යකින් සිදුවේ. මෙය බොහෝ විට සිදුවන්නේ නිවර්තන කළාප වලය.


නායයාම් සංස්කරණය

පැහැදිලිව අර්ථ දැක්වුණු කළාපයක් හෝ තලයක් මතින් සිදුවන ස්කන්ධ චලනයත් නායයාමත් නම්වේ. පාෂාණ නායයම්, ලිස්සායාම් හා මෙම වර්ගයට අයත් වේ. මෙය ස්කන්ධ පරිහාණියේ සුලභ වර්ගීකරණයයි.


ගලාබැසීම සංස්කරණය

පස හා ප්‍රාවරණ පාෂාණ ද්‍රව හැසිරීමත් පෙන්නුම් කරන විට එහි චලනය ගලා බැස්මක් නම් වේ. හිම ධාවය, මඩ ගලායාම් සුන්බුන් ගලායාම, බිම් ගලායාම්, පාංශු ඛාදනය,සුන්බුන් ගැලීම හා Sturtstom මෙම වර්ගයට අයත් වේ. ජලය, වාතය හා අයිස් බොහෝ විට ද්‍රව ආකාරයේ චලනය දක්වන ද්‍රව්‍ය වේ.


ඇද වැටීම සංස්කරණය

ගල් කැබලි විවර්තනයෙන් බෑවුමකින් ඇදවැටීම


පතිතවීම සංස්කරණය

ගල් පහතට වැටීම වැනි ප්‍රාවරණ පාෂාණ බෑවුමක් දිගේ පහතට කඩා වැටීමකි. මෙය ගලාබැසීමක් ලෙස සැළකීමට තරම් දුස්ස්‍රාවිතාවයකින් හෝ පරිමාවක් සහිත නොවේ. සිරස් ඉරි තැලීම් සහිත ගල් පවතින ස්ථානවල මෙම තත්තවය බහුලව දක්නට ලැබේ. නිටින් හැරි යන ජලය හා රැළි නිසා පතිත වීම් හටගනී මෙය සාමාන්‍යයෙන් ඇති වන්නේ ප්‍රපාත වැනි තද බෑවුම සහිත ස්ථාන වලය. භූමිකම්පාථ වර්ෂාව, ශාක මුල් මඟින් පැලීම් හා අයිස් මඟින් ගල් බුරුල් වීම සිදුවේ. හැවකැට නමින් හදුන්වන ආකෘතිය ඇතිවීමට හේතුවන්නේ මෙසේ පවතින වන ගල් එම ස්ථානය පාමුළ එකතු වීමෙනි.


ස්කන්ධ හානි සඳහා ප්‍රේරක සංස්කරණය

ප්‍රවාහරණ පාෂාණ හෝ පස් කඳු බෑවුමක රඳා පැවතීම නැතිවන්නේ ගුරුත්වාකර්ෂණ බලය එහි ඝර්ෂණ බලය ඉක්මවා යා නොහැකි තෙක් පමණි. මෙම ඝර්ෂණ බලය අඩු කිරීමට උපකාරී වන සාධක වන්නේ භූ චලන ආකෘතියේ ඉහළ බර වැඩිවීම


පරස් තෙතමනය ඉහළයාම සංස්කරණය

පස මූලාධාරය හා බැඳී පවත්වන මුල් අඩුවීම කැණිම් හා පංශු ඛාදනයෙන් බෑවුම යටින් හැරීම තුෂර මඟින් ඛාදනය බයෝටර්බේෂන්


සටහන් සංස්කරණය

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Mass wasting Types of mass movement
"https://si.wikipedia.org/w/index.php?title=ස්කන්ධ_චලනය&oldid=188204" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි