විධායකය එක් පක්ෂයකින් ද ව්‍යවස්ථාදායකය වෙනත් පක්ෂයකින්ද තේරී පත්වීම සහහැසිරීම යනුවෙන් හදුන්වනු ලැබේ.

විධායකයේ  ප්‍රධානියා ජනාධිපතිවරණයකින් ද ව්‍යවස්ථාදායකය මහ මැතිවරණයකින් ද තෝරා ගැනීම සඳහා ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන අනුව සිදු කරන ලද අවස්ථාවක විධායකය එක් පක්ෂයකින් ද ව්‍යවස්ථාදායකයේ බහුතර බලය හෙවත් අගමැති ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය ප්‍රතිවිරුද්ධ පක්ෂයකින් ද තේරීපත්වීම  පිළිබඳ අවස්ථා අප රටේ ආණ්ඩුකම ව්‍යවස්ථා ඉතිහාසය තුළ දක්නට ලැබේ.

  1. 1994 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා කාලය තුළ මතු වූ ව්‍යවස්ථාමය වාතාවරනය දී පැවති එජාප රජයේ විධායක ජනාධිපති වූයේ ඩී බී විජේතුංග මහතා ය. ඔහුගේ විධායකය යටතේ 1994 නොවැම්බර් මස පවත්වන ලද මහා මැතිවරණයෙන් ව්‍යවස්ථාදායකයේ බලය චන්දිකා කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ හිමිවිය. මෙහිදී ක්‍රමයෙන් විධායක ජනාධිපතිවරයා නාමික තත්ත්වයට පත්වූ අතර අගමැති ධුරය නිලනොවන විධායකත්වයක් ලෙස කටයුතු කිරීමක් දක්නට ලැබිිණි.
  2. 2001 දෙසැම්බර් සිට 2003 පෙබරවාරි දක්වා තත්ත්වය මෙහිදී විධායක ජනාධිපති ධුරය පොදුජන එක්සත් පෙර පෙරමුණ නියෝජනය කළ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් දරන ලද අතර 2001 මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ව්‍යවස්ථාදායකයේ  බහුතර බලය ලබා ගත්තේය.  මෙම තත්ත්වය තුළ නිතරම ජනාධිපති හා අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සාමාජිකයින් අතර ගැටුම් ඇතිවීම ආරම්භ විය. එකිනෙකා දැඩිව විවේචනය කිරීම හා නොතකා හැරීම් වර්ධනය විය. අගමැති ජනපති නොසලකා කටයුතු කරමින් ජනපති සිය විධායක බලය ප්‍රදර්ශනය කිරීම සඳහා පියවර ගනිමින් සිටි අතර එමගින් ව්‍යවස්ථාදායකය හා විධායකය අතර බරපතළ ගැටුම් නිර්මාණය විය. අවසානයේ විධායක ජනාධිපතිනිය විසින් ඇමතිධූර කිහිපයක් එකවර අගමැති හෝ අමාත්‍ය මණ්ඩලයට නොදන්වා තමන් වෙත පවරා ගැනීම ඉන් නොනැවතී එක්වරම පාර්ලිමේන්තුව විසුරුවීම කටයුතු කිරීම් තුළ ද මෙම අර්බුදයේ විකාශනය මැනවින් පැහැදිලි වෙයි.

මෙවැනි දේශපාලනික වාතාවරණයක්  හෙවත් සහහැසිරීමක්  පවතින අවස්ථාවක දැකිය හැකි වූ කරුණු කිහිපයකි.

  1. විධායකය කොටස් දෙකකට බෙදීයාම.
  2. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා වුවද මෙවැනි අවස්ථාවක එම තත් තත්ත්වය නාමික ස්වභාවයකට පරිවර්තනය වෙමින් නිල නොවන ප්‍රධානියා අගමැතිවරයා බවට පත්වීම
  3. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පූර්වයෙන් රැස්වී යෝජනා සම්මත කරන අතර පසුව ජනාධිපතිවරයා වෙත එම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර අනුමැතිය සඳහා ඉල්ලීම් කරයි
  4. ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකා ප්‍ර‍තිවිරෝධයකින් තොරව අනුමත කිරීම හෝ සිය අභිමතය අනුව නැවත සංශෝධනය කර එවන ලෙස දන්වා හරවා යැවීම‍
  5. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ජනාදිපතිගේ ක්‍රියාවලිය විවේචනය කරයි
  6. ජනාධිපතිවරයා අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය හැසිරීම විවේචනය කරයි

මෙවැනි පසුබිමක් තුළ කැබිනට් මණ්ඩලයෙහි තිබිය යුතු සාමූහික වගකීම යන සංකල්පය බිඳ වැටෙන අතර විධායකය හා ව්‍යවස්ථාදායකය අතර කඹ ඇදීමක් හටගනී. එහිදී විධායකය හා ව්‍යවස්ථාදායකය විසින් පවතින නෛතික තත්වයන් ට ගරු නොකරමින් හා එ්වා නොසලකා හරිමින් එකිනෙකා අතර ගැටුම්කාරී තත්ත්වයට ගමන් කිරීම තුළ ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුය යන සංකල්පය අභියෝගයට ලක් වෙයි

අනෙක් අතට ව්‍යවස්ථාදායකයට පහසුවෙන් ජනාධිපතිවරයා ඉවත් කිරීමේ බලයක් ද නොමැති බැවින්  පවතින නෛතික ප්‍රතිපාදන හා සීමාවන් උල්ලංඝනය කරමින් තරඟකාරීව කටයුතු කිරීම සඳහා දෙපාර්ශ්වයේම පෙළඹවීම තුළ ජනපති පාර්ලිමේන්තුව හරහා ජනතාවට වගකිව යුතු යන සංකල්පය බිඳ වැටීම සිදුවෙයි.ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව තුළින්ම පැනනැගෙන  තත්වයන් තුළින් වුවද එය නීතියේ ආධිපත්‍යය සංකල්පය දෙදරීමට ලක් වන අවස්ථාවකි.

"https://si.wikipedia.org/w/index.php?title=සහහැසිරීම&oldid=502886" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි