කළිඟු දේශයේ උපන් මොහු ලීලාවතී රැජින ගේ කීර්ති සෙනෙවියාගේ සතුරන් වූ අදිකාරම් වරුන් දෙදෙනෙකු විසින් මෙහි ගෙනෙනු ලැබ කීර්ති සෙනෙවියා මරා රජ කමට පත් කරන ලදී. ක්‍රි.ව. 1200 අගෝස්තු 23 දා සිදු වූ මොහුගේ අභිශේකය, නිශ්චිත දිනයක් සඳහන් වන ප්‍රථම අවස්තාවයි. සාහසමල්ල තමා මෙහි ගෙනා අදිකාරමක වූ ආබෝ නැමත්තා විසින් මරන ලදී.ඉන් පසු ආබෝ විසින් නිශ්ශංකමල්ල රජු ගේ දෙවන මහේශිකාව වූ කල්‍යාණවතීව රාජ්‍යත්වයට පත් කරන ලදී. මෙම කාලය ලංකාවේ පාලන බලය වැඩි වශයෙන් මැති ඇමති වරුන්ට පත් වී ඇතැයි සිතිය හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=සහස්සමල්ල_රජ&oldid=519005" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි