සලාගම කුලය මුහුදු බඩ ප්‍රදේශ වලට සීමා වූ කුලයකි. සලාගම කුලයේ ජනයා බහුතරයක් බෞද්ධයන් සුලුතරයක් කතෝලිකවෙ. මහා විජයබාහු රජ (1055-1010) එතුමාෙග් ඔටුණු පැළැදවීෙම් උත්සවය සඳහා උතුරු ඉන්දියාෙව් සාෙලයියා ගම (ශාලිගාම) වාසී උසස්බාහ්මණ පිරිසක්ය පැමිණ කර ඇති අතර මෙම කුලය ඔවුන්ගෙන්තා පැවැත්ව එන බව විශ්වාස කෙරේ. පශ්චාත් කාලීනව ඔවුන් කුරුඳු වැවිලිකරුවන් වි මේ විදේශ විනිමය උපයන්න ගත් අතර පහත රට යහමින් මුදල් තිබු කුලයකි. බ්‍රාහ්මණ උසස් කුලයකි. කුලය ලංදේසි යුගය වන විට බෙදී පැවතියේ මහාබ්‍රාහ්මණ සලාගම සහ ශින්න බ්‍රාහ්මණ සලාගම ලෙසිනි.ඒ අතරින් මහා බ්‍රාහ්මණ සලාගම සමූහය තුළද පණිවිඩකාර හෝ ඉලන්දාරි සලාගම, හේවාපන්න සලාගම, කුරුදුකාර සලාගම, ඌලියන්කාර සලාගම ලෙස උප වර්ග 4 කි. ශින්න බ්‍රාහ්මණ සමාජය තුලද සුත්ත,පට්ටි,රදා,බෙරවා ගැහුත්තර ලෙසින් උප වර්ග 5කි. හින්න බ්‍රාහ්මණ සමාජයේ එක් කොටසක් සලාගම සේවක පක්ෂයක් ලෙසින් බෙදී සිටී. එම සේවක පක්ෂ ආරම්බභය හින්න උප කුලය ට එහි ඉතිහාසය සමඟ ගලපන කළ ඉතා පසුකාලයේ සිදුවූවකි. කුරුඳුකාර පොහොසත් බමුණන් අනෙක් බමුණු වර්ග තලා පෙලා දැමීම හේතු කොටගෙන මෙම හින්න කුලයේ රදා ගැහුත්තර සහ බෙරවා කොටස් ඇරඹුන බව සඳහන් වේ. තතු හරිහැටි නොදත් පර්‍යේක්ෂකයන් හින්න උප කුලය කුලයක් ලෙසින් වර්ග කරයි.

නැතහොත් රදා කුලයට ඇතුලත් කරයි. එනමුදු හින්න යන්න උප කුලයක් බව තරයේ වටහා ගත යුත්තේය. සලාගම කුලය අනෙක් කුලයන්ට වඩා උසස් යැයි පිළිගැනීම හේතු කරගෙන හින්න ප්‍රජාව මහ බ්‍රාහ්මණ සලාගම කුලය සමඟ සසඳන විට පහත් වුවත් අනෙක් කුල වලට වඩා ඉහළ බව පිළිගැනේ. දකුණු වෙරළබඩ ගමක් ඇර ගමක් සලාගම කරාව කුල මාරුවෙන් මාරුවට වෙසෙන්නා සේ සලාගම ග්‍රාම තුලද මහ සලාගම සහ හින්න සලාගම වෙන වෙනම ප්‍රදේශ සාදාගෙන ජීවත් වෙයි. අතීත ලංකාවේ මතයන්ට අනුව වලව්වක් සාදාගැනීමට බමුණු පරපුරට අයත් විය යුත්තේය. ලංකාවේ මහ බ්‍රාහ්මණ සලාගම කුලයට අයත් ඉපැරණිම වලව්ව වන්නේ බලපිටියේ බ්‍රාහ්මණ වත්ත වලව්ව වන අතර හින්න බ්‍රාහ්මණ සලාගම වංශයට අයත් ඉපැරණිම වලව්ව වන්නේ පොතුපිටියේ හින්න බ්‍රාහ්මණ මහ ගෙදර හෙවත් කංකානම් මහ වලව්වයි. ලංකාව පුරා ප්‍රකට මහා ධානපතියන් බිහිවූවේ බලපිටියේ මහ කප්පින ආදී වලව්, ලංකාවේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසුවා වූ අහුංගල්ල ආරච්චි වලව් ආදිය සලාගම එක් පවුලක් ලෙසින් උපවර්ග නොසලකා රැකගතයුතු වන්නේය.

මහ බ්‍රාහ්මණ සහ ශින්න බ්‍රාහ්මණ සමාජ විසින් බුදුසසුනට රටට දැයට සිදුකළ මෙහෙය පිළිබඳ බොහෝ සාදක පානදුරේ සිට ගාල්ල දක්වා සලාගම බහුතරයක් වෙසෙන ප්‍රදේශ වල සංචාරය කරන අයෙකුට මනාව පසක් කරගත හැක්කේය.

"https://si.wikipedia.org/w/index.php?title=සලාගම_කුලය&oldid=691686" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි