සර්වග්‍රාහි යෝග්‍යතාවය

සර්වග්‍රාහි යෝග්‍යතාවය (1F) පිළිබදව නිර්වචනයන් කිහිපයක් ඇත. නමුත් ඉන් ‍එකක් ( ඔලී - 2003-ට අනුව ඩබ්ලිව්.ඩී හැමිල්ටන් ගේ ප්‍රථම විස්තරය හා නොගැලපේ) පුද්ගලයෙකුගේ හැසිරිම් වල සෘජු හා වක්‍ර යෝග්‍යතා ප්‍රතිවිපාකයන්හි එකතුව සර්වග්‍රාහි යෝග්‍යතාවය වේ. එහි සෘජු ‍යෝග්‍යතා ප්‍රතිවිපාකය යනු පුද්ගලයා සහ සමාජ සහකරුවන් අතර ඇති සම්බන්ධයේ මට්ටමෙන් බර තබන ලද (රික්ලේෆ්ස් සහ මිලර් 2001) සමාජ සහකරුවන්ගේ යෝග්‍යතාවය‍ කෙරෙහි වන බලපෑමද වේ. සමාන සමාජ හැසිරිම් කෙරෙහි ලැදිකම ඇති කෙරෙන ජාන සහිත අනෙකුත් පුද්ගලයන්ගේ පැවැත්ම හෝ අභිජනනය සමාජ හැසිරිම් විසින් වැඩි කිරිමේදි හෝ අඩු කිරිමේදි ඒවා ජිවියාගේ අනියම් යෝග්‍යතාවය කෙරෙහි බලපෑම් ඇති කරයි. එහෙයින් මෙම ආකෘතිය වුල්කාර ජාන පරම්පරාවෙන් සර්වසම වන විට අවශ්‍ය වන ඥාතියා තෝරා ගැනිමට (දැඩි අර්ථයෙන්) වඩා ‍පොදු එකක් වේ. වර්ග්‍රාගි යෝග්‍යතාවය නිරූපණය කිරිම සදහා ඉතාමක් පොදු ඓතිහාසික පසුබිම ඇත්තේ ආසන්න සබදතාවයක් ඇති ජිවින් කාණ්ඩ වල නිසා ආකෘතින් දෙක එක සමාන ලෙස සාමාන්‍යයෙන් සැලකේ.


ජානයේ දැක්ම අනුව පරිණාමයේ සාර්ථකත්වය අවසානයේ රදා පවතින්නේ තමාගේ උපරිම පිටපත් සංඛ්‍යාවක් ජනගහණය තුළ රදවා තබාගැනිමෙනි. වර්ෂ 1964 වර්ෂය වන තෙක් ජාන විසින් මෙම තලය ලගා කරගත්තේ පුද්ගලයාට උපරිම ජීවය දරුවන් සංඛ්‍යාවක් ඉතිරි කොට තබා යාමට සැලැස්විමෙන් බව සාමාන්‍ය විශ්වාසය විය. කෙසේ වුවද, ජිවියෙකුගේ ආසන්න ඤාතින් ජාන වැඩිගණනක් පොදුවේ කොටස් කර ගැනීමට ඉඩ ඇති නිසා (දුර්ලභ ජානවල ප්‍රතිවාදි වු "පොදු ‍ජාන" හා පටලවා නොගත යුතුය) මෙම ඥාති පුද්ගලයන්ගේ අභිජනනය සහ පැවැත්මට අනුබල දිම මගින් ජානයට හිමි පරිණාමික සාර්ථකත්වය වැඩි දියුණු කර ගත හැකි බව වර්ෂ 1964 දි ඩප්ලිව්. ඩී හැම්ටන් විසින් පෙන්වා දුන්නේය. මෙසේ පුද්ගලයින්ට ඔවුන්ගේ පුද්ගල යෝග්‍යතාවයට වඩා සර්වග්‍රාහී යෝග්‍යතාව උපරිමයට පත්කර ගැනීම සදහා ගැලපෙන ක්‍රමයකට හැසිරිම සදහා මෙහෙයවනු ලබයි.


සර්වග්‍රාහී යෝග්‍යතා මුලධර්ම පිලිබද ප්‍රත්‍යක්ෂ මුලනය උදාහරණයක් ලේඩින්ගේ බිම් ලේනා විසින් සැපයේ. මෙහිදී තමන් ගොදුරු කර ගැනිමට බලාසිටින කෙනෙක් සිටි බව ඔවුන්ගේ කාණ්ඩායටමට අනතුරු ඇගවිම සදහා එක් එක් ලේනා විසින් අනතුරු ඇගවිමේ සංඥා නිකුත් කරනු ලැබේ. අනතුරු ඇගවිමේ සංඥා නිකුත් කිරිමෙන් ‍බෙල්ඩින්ගේ බිම් ලේනා තමන් සිටින ස්ථානය දැන ගැන්නට සැලැස්විම මගින් තමන් වැඩි අනතුරකට ලක්වේ. කෙසේ වුවද මෙම ක්‍රියාවලියේදි ලේනා ජනගහණය තුළ ජීත්වන සිය ඥාතින් ආරක්ෂා කර ගනී. වැඩි දුරටත් කළ අධ්‍යනයන්හිදි ලේනා තම අවදානමට පත්විම ඇති කැමැත්ත ඌ ජනගහණයේ සාමාජිකයන්ට කෙතරම් ආසන්න වශයෙන් ඥාතිත්වය දරන්නේ ද යන්නට සෘජුවම සමානුපාතිකය වන බව පෙනි ගොස් ඇත. එහෙවින් තමාගේම ජාන ප්‍රජානය කිරිමෙන් ඉතිරි කර යා හැකි ජනගහණය ප්‍රමාණයට වඩා ආසන්න තම ප්‍රදේශයේ සිටින අනෙකුත් ලේනුන් ආරක්ෂා කිරිම මගින් ජාන වැඩි වශයෙන් ඉදිරියට ඉතිරි කිරිමට තුඩු දෙයි නම් ලේනා තමාගේ ජීවිතය බිලිදිමට කැමති වේ. එය වැඩි සර්වග්‍රාහි යෝග්‍යතාවකට තුඩු දෙයි. තවත් හොද නිදසුනක් වනුයේ කිරළ පක්ෂයා තමාගේ පැටවුන් උකුස්සන්ගේ අවධානයෙන් මගහැරවීම සඳහා තමාට තුවාල වු බවට ව්‍යාජ පෙන්විමක් කිරිමයි.




සටහන් සංස්කරණය

Inclusive fitness