සම්පුර්ණ නම - දීපා මිල්ටන් සරත් දසනායක. උපන් ස්ථානය හා දිනය 1942 අගෝස්තූ මස 13 වැනි දින මොරටුව කටුකුරුන්දේ දී ඉපිද 1999.දෙසැම්බර් මස 18 දින මෙලොවින් සමු ගත්තේය.

ඔහුගේ පියා දොන් ධර්මපාල දසනායක වෙ‍ළ‍ෙඳ වියාපාරිකෙයකි. මළලගේ පොඩිනෝනා පීරිස් මව වන අතර මව ගූරුවරියකි.1957 දී ජේෂ්ඨ පොදු සහතික පත් විභාගය සමත්විය.

ඉගෙනගත් පාසල්- නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලය, ජා අැල නිවන්දම විද්යාලය,ලක්ෂපතියේ ශික්ෂාදාන විද්යාලය, හුණුමුල්ල මැදි විදුහල . හොරණ දොන් පේදිරිස් (එවකට බෞද්ධ විද්යාලය) විද්‍යාලයෙන් ජේෂ්ඨ පොදු සහතික පත් විභාගය සමත්විය. 1958 ඔක්තෝබර් 08 දින හොරණ ශ්‍රීපාලිය මගින් සිතාරය අතට ගත් සරත් දසනායකයන් හෙල සංගීත ලොවට පිවිසියේය. 60 දශකයේ අග භාගයේදී රජයේ සංගීත විද්යාලයට බැඳුනු ඔහු 1961 දී අාර්. මුත්තූසාමිගේ වාදක මණ්ඩලයට සම්බන්ධ විය.එමගින් ඔහු දායක වූ පුථම චිත්‍රපටය වූයේ උඩරට මැණිකේ චිත්‍රපටයයි.

සරත් දසනායක ප්‍රීති ලිලා විජේසුන්දර මෙනෙවියගේ අත ගන්නේ 1970 දෙසැම්බරයේ දීය. දරුවන් තිදෙනකුගේ පියෙකු වූ සරත් දසනායක ගේ වැඩිමල් පුතු රංග දසනායක දෙවැනි දියණිය ලක්මාලි වන අතර තෙවැන්නා ශංක දසනායක වේ.

චිත්රපටය - අධ්‍යක්ෂණය -තිරගතවූ දින-

සිතිජය - සරත්චන්ද්‍ර හේරත් - 1972.03.29
සදහටම ඔබ මගේ - මිල්ටන් ජයවර්ධන -1973.05.11
දිනුම් කනුව - රංජිත් පෙරේරා - 1974.03.05


දීපා මිල්ටන් සරත් දසනායක උපන්නේ 1942 අගෝස්තු මස 13 වන දින මොරටුව කටුකුරුන්ද ගමේ වෙළෙඳ වියාපාරික දොන් ධර්මපාල දසනායක සහ මළලගේ පොඩිනෝනා පිරිස් දෙමව්පියන්ගේ දෙවෙනි දරුවා ලෙසටය. මව ගුරුවරියක් වූ බැවින් මවගේ පාසල වූ නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලයන් අතපොත් තැබූ සරත් දසනායක අනතුරැව ජාඅැල නිවන්දම විද්යාලය, ලක්ෂපතියේ ශික්ෂාදාන විද්යාලය හුණුමුල්ල මැදි විදුහල් පසු කරමින් 1957 දී හොරණ දොන් පේදිරිස් විද්යාලෙයන් ජේෂ්ඨ පොදු සහතික පත් විභාගය සමත් විය.

1959 ඔක්තෝබර් 08 දින හොරණ ශ්‍රීපාලියට ගියඔහුට දැන ගන්නට ලැබුනේ එ දින එඩ්ව්න් සමරදිවාකරයන්ගේ අාදාහනය නිසා නිවාඩු දිනයක් බවය. නමුත් එහි සිටි සංගීත ගුරැවරයෙකු වූ හේවගේ ප්‍රේමදාසයන් හා නැටුම් ගුරැවරයෙකු වූ වීරසේන ගුණතිලකයන් සරත් දසනායක අමතා නැසී ගිය කළාකරැ එඩ්ව්න් සමරදිවාකරයන් වෙනුවට නව කළාකරැවෙකු බිහිවේවායි පතමින් සරත් දසනායකයන්ට සංගීත ලොවට පිවිසෙන්නට මග හෙළි කලහ.
1960 දශකයේ අග භාගයේ දී රජෙය් සංගීත විද්යාලයට (දැන් මෙය සෞන්දර්ය විශ්ව විද්යාලයයි)බැඳුනි.1970 දෙසැම්බර් මස ප්‍රීති ලීලා විජේසුන්දර සමග විවාහ විමෙන් දරැවන් තිදෙනෙකුගේ අාදරණිය පියකු බවට පත් විය. රංග, ලක්මාලි,ශංක එම දරැවන් වේ.

සංගීත දිවිය සංස්කරණය

1961 දී ප්‍රවීන සංගීතවේදී අාර් මුත්තුසාමි ගේ වාදක මණ්ඩලයට අැතුල්විය.
1966 සැප්තැම්බරයේ දී බිබිල මහ විද්යාලයේ සංගීත ගුරැවරයෙකු ලෙස පත්විය.
1967-69 පිළියන්දල මැදි විදුහලේ සංගීත ගුරැවරයෙකු ලෙස පත්විය.
1973 අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංගීත පරීක්ෂක ලෙස සේවය කලේය.
1977 සිට කොළඹ නියෝජ්ය අද්යාපන අද්යක්ෂ තනතුර දරා1999.දෙසැම්බර් මස 18 දින මෙලොවින් සමු ගත්තේය.
ප්‍රථම චිත්‍රපටය සිතිජය 1972.03.29 චිත්‍රපට 125කට පමණ සංගීතෙයන් දායක ව අැත.

නිෂ්පාදනය කළ චිත්‍රපට සංස්කරණය

මිහිදුම් සිහින 1982, මධු 1990, අාත්මා 1994


සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සංස්කරණය
  1. සිතිජය 1972
  2. සදහටම ඔබ මගේ 1973- "අමර පෙම් ලතාවේ, වාසනාව දෙර ඇරලා, පෙම් රස වෑහන, දෑසේ මාගේ සැතෙපනා"
  3. දිනුම්කණුව 1974 - "ඉරට අකීකරු, මියුරු කල්පනා"
  4. කස්තුරි සුවඳ 1974- "පාට පෙදක් තිලක ලා, හද විමන් දොරින්, ලස්සන ලෝකෙක"
  5. ආවා සොයා ආදරේ 1975- "රොන් සොයා, රන් මසුරන්
  6. සංගීතා 1975 –
"https://si.wikipedia.org/w/index.php?title=සරත්_දසනායක&oldid=469881" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි