ජාතිය, ආගම, ජාතිකත්වය, දේශපාලනික හා පාරිසරික ව්‍යසන වැනි කරුණු නිසා රටක් හැර යන මිනිසුන් සරණාගතයන් වේ. ජූනි 20 ජාත්‍යන්තර සරණාගත දිනය ලෙස නම් කර ඇත. සරණාගතයින්ගේ සංක්‍රමණයට තල්ලු සාධක බොහෝ දුරට බලපායි. සරණාගතයින් සෑම විටම තම රටේ දේශසීමා තරණය කරයි. 1980 ගණන්වල සිට සරණාගතයින්ගේ ගැටලුව නැගෙනහිර ආසියාවේ, අප්‍රිකාවේ සහ මැද පෙරදිග උග්‍ර ගැටලුවක් බවට පත්ව ඇත. උදාහරණයක් ලෙස පසුගිය දා මියන්මාරයේ සිදු වූ ජන සංහාරය හේතුවෙන් රොහින්ග්‍යා ජනතාව සරණාගතයන් ලෙස බංග්ලාදේශයට සංක්‍රමණය විය.

"https://si.wikipedia.org/w/index.php?title=සරණාගතයා&oldid=509143" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි