සයිකෝෂියාවේ ස්වභාවය හා රෝග ලක්ෂණ

මානසික විකෘතිතාවය(භ්‍රාන්තිය) පවතින පුද්ගලයින් පහත සඳහන් එකකින් ‍හෝ වැඩි ගණනකින් පෙළිය හැක.

භ්‍රාන්තිය හෝ මායාවන් යනු බාහිර උත්තේජනයක් නොමැතිව ඇතිවන සංවේදන අවබෝධයන් වෙයි. මෙය බාහිර උත්තේජනයේ වැරදි දැක්මක් වන අවබෝධයේ විකෘතිතාවය සහ මායාවන් යන්නන්ගෙන් වෙනස් වෙයි. (බාහිර උත්තේජකයන් සහිත වීම නිසා) ව්‍යාජ දර්ශනයන් ඉන්ද්‍රියන් ‍පහේම විවිධ ආකාරයෙන් ඇති විය හැක. එනම් එළිය , පැහැයන්, රස, සුවඳ වැනි සරල සංවේදන මෙන්ම සත්වයින් සහ මිනිසුන් දැකීම සහ බිය වීම, විවිධ කටහඬවල් ඇසීම, සංකීර්ණ ස්පර්ෂ සංවේදන වැනි සංකීර්ණ අර්ථ සහිත අත්දැකීම් ද විය හැක.

ශ්‍රවණ මායාවන් , විශේෂයෙන්ම කටහඬවල් ඇසීමේ අත්දැකීම් මානසික විකෘතිතාවයේ පොදු සහ ප්‍රමුඛ රෝග ලක්ෂණයකි. මෙම ශ්‍රවණයන් තමාට කථා කරන ලෙස, තමා ගැන කථා කරන ලෙසත් තවද විවිධ කථකයින් වෙන පුද්ගලයෙකු ගැන කථා කරන ලෙස ද අත්විඳිය හැක. ශ්‍රවණ මායාවන් අවනම්බු කරන, විධාන සලස්වන , කලින් සිතේ පැවත එන මායාවන් වූ කළ ඒවා එම පුද්ගලයාට විශේෂයෙන්ම කරදරකාරී වෙයි. නමුදු සෑම විටම මෙලෙස ශබ්ද ඇසීම අනර්ථකාරී ලෙස සැලකිය නොහැක. එනම් මෙලෙස ශ්‍රවණ මායාවන් ඇසෙන බොහෝ ‍දෙනාට මනෝ චිකිත්සකයකුගේ උපකාරය අවශ්‍ය නොවේ. මොවුනට මානසික ‍රෝගයක් නොමැති වුවද ඔවුනගේ උපකාර කිරීමට ශ්‍රවණ ශබ්ද පාලකයන් නිර්මාණය කර ඇත.


මිථ්‍යාමතයන්

සංස්කරණය

මානසික විකෘතිතාවයන්හි දී මිථ්‍යා විශ්වාසයන් ඇති විය හැක. සමහරක් විශ්වාස පීඩනෝන්මාදී ඒවා වෙයි. කාල් ජැස්පර්ස් විසින් මානසික විකෘති විශ්වාසයන් ප්‍රාථමික සහ ද්විතීයික ලෙස වර්ගීකරණය කරන ලදී. ප්‍රාථමික මිථ්‍යා විශ්වාසයන් යනු හදිසියේ ඇතිවන සාමාන්‍ය මානසික ක්‍රියාවලීන්ගෙන් පැහැදිය නොහැකි විශ්වාසයන්ය. ද්විතීයික මිත්‍යා විශ්වාසයන් යනු ඇතැම් විට පුද්ගලයාගේ පසුබිම හෝ දැනට පවතින තත්වය අනුව බලපෑම් ඇති කළ හැකි මිථ්‍යාමතයන් වෙයි. (උදාහරණ - ජාතීන් අනුව / ලිංගික/ ආගමික පසුබිම /)


සිතීමේ රෝග

සංස්කරණය

සවිඥානයට ඇති වන බාධා කිරීම් නිසා ඇති වන සිතීමේ රෝග එමගින් කථනයට සහ ලිවීමට ඇති වන බලපෑම මත වර්ගීකරණය කොට ඇත. බලපෑමට ලක් වූ පුද්ගලයා කථන පීඩනය (ඉක්මණින් නොනැවතී කථා කිරීම, වාක්‍ය මැදදී වෙනත් මාතෘකාවලට නොගැළපෙන ලෙස මාරු කිරීම , සිතීමේ හිස් බව, එලිසමයට අනුව කථනය වැනි රෝග ලක්ෂණ පෙන්විය හැක.


සිතේ අභ්‍යන්තරය ගැන අවබෝධයක් නොමැතිකම

සංස්කරණය

මානසික විකෘතිතාවයේ වැදගත් සහ හඳුනාගත නොහැකි ලක්ෂණය වනුයේ අබාධයට ලක් වූ පුද්ගලයාට එය පිළිබඳ අවබෝධයක් නොමැති වීම එනම් අසාමාන්‍ය විකාර රූපී පුද්ගල අත්දැකීම් හා හැසිරීම් ගැන ඔහුට අවබෝධයක් නැත. උග්‍ර හදිසි මානසික විකෘතිතාවයක දී වුව ද එම පුද්ගලයෝ ඔවු‍න් අත් විඳින විකාර රූපී මායාවන් , විශ්වාස කළ නොහැකි මතයක් සත්‍යයන් නොවන බව අවබෝධ කර නොගනිති.

මුල් කාලයේ දී එම අවබෝධය අඩුකමට හේතු ලෙස සාමාන්‍ය ක්‍රමය සිහි බුද්ධියේ අකර්මණ්‍යතාවය ද හෝ විඳ දරා ගැනී‍මේ හැකියාව මග හැරීම ලෙස විශ්වාස කරයි. නමුත් පසුකාලීන අධ්‍යයනයන් මඟින් හීනෝන්මාදය පමණක් ඇති පුද්ගලයින් තුළ මෙන්ම විවිධ මානසික විකෘතිතා ඇති පුද්ගලයින් කණ්ඩායම් තුළ ද සිත පිළිබඳ ඇති අවබෝධය හා සිහිබුද්ධිය අතර සම්බන්ධයක් නොමැති බව හඳුනාගෙන ඇත.