සමුපකාර ගීතය ( Cooperative Song ) සංස්කරණය

මහජන දියුණුව සැලසෙන්නේ

පදනම සහයෝගය වෙමිනේ සමගි බලේ // / යොදවමිනේ

සිරිලක නිදහස රැුකදෙන්නේ

ජය වේවා සිරිදේවා - සමුපකාරය පැතිරේවා

උස්මිටිකම් අමතක කරදා

දුර හැර ආගම් කුල බේදා අලස නොවී /// දිරිය යොදා

ලක්මව සුරකිමු අපි සැමදා ජයවේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

තම තමනට දෙන ආධාරේ විලස ගැනේ සම උපකාරේ

දිළිඳු දනා /// පෙළ අතරේ

සේවය වෙයි සිරිලක් අඹරේ

ජය වේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

සිය රට ගොඩමඩ ගොවිතැනෙහි

වෙළහෙළදාමෙහි අත්තමෙහි දියුණුවටා /// මතු දිනෙහි

පිහිටයි සමුපකාරයෙහි ජය වේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

ජාතික ධනය ද සුදුසු ලෙසේ

පොදු ජනයා හට බෙදන ලෙසේ

සමවාසී /// ලැබෙන ලෙසේ

සමුපකාරයෙන් ඉඩ සැලසේ

ජය වේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

සමුපකාරය බලය යොදා

රට තොට උවදුරු නැති කරදා

අසරණයා // දුකින් මුදා

සැමටම සුබසෙත කරමු උදා

ජය වේවා - සිරිදේවා සමුපකාරය පැතිරේවා

සමුපකාර ගීතයේ ප‍්‍රබන්ධය - සරණගුප්ත අමරසිංහ මහතා සංස්කරණය

1934 මැයි මස 20 වැනි දින භාරතීය මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමන් අතින් මුල්ගල තබා ආරම්භ කරන ලද ‘ශ්‍රීපාලිය’ එදා මෙදා තුර මෙරට සෞන්දර්ය කලා විෂයයන් සඳහා ලබාදුන් දායකත්වය අතිමහත්ය. කලාභවනෙහි සංගීත ඉගැන්වීම සඳහා මුලින්ම පැමිණි ආචාර්යවරයා වූයේ සරණගුප්ත අමරසිංහ මහතා ය.

නිල් අහස් තලේ අගෙයි නෑ වළාකුළු

ලස්සනයි පුරාහඳේ රැස් විහිදීලා //

මල් විසිරිලා වාගෙයි තාරකා සිරි

ලස්සනයි පුරාහඳේ රැස් විහිදීලා //

විල් නෙළුම් නිදා වැටෙයි මානෙල් මල් පිපී

ලස්සනයි පුරාහඳේ රැස් විහිදීලා //

රැල් සිසිල් සුළං සැපයි මේ රැයේ වැදී

ලස්සනයි පුරාහඳේ රැස් විහිදීලා //

SW  14 අංකය යටතේ 1943 වර්ෂයේදී තැටිගත කෙරුණු “නිල් අහස් තලේ” ගීතය LANKA FILM COMPANY LTD. තැටි ලේබලයෙන් නිකුත් වුණු “ළමා ගීත ශ්‍රේණියේ” එක ගීතයක් විය. තැටි ලේබලයේ “CHILDERN’S SONG SERIES” යනුවෙන් සටහනක් ද යෙදුණි . ගීතය ගායනා කළේ යූ .ජී.පී ද සිල්වා නම් මහත්මයෙකු විසිනි. ගීතයේ තනුව ද යූ .ඩී. පෙරේරා මහතා විසිනි. සංගීතය සැපයුවේ සරණගුප්ත අමරසිංහ මහතා සහ ඔහුගේ වාද්‍ය මණ්ඩලය විසිනි. සරණගුප්ත අමරසිංහ මහතා එවකට LANKA FILM COMPANY LTD.  තැටි ලේබලයේ ප්‍රධාන ගායකයෙකු මෙන්ම සංගීත අධ්‍යක්ෂකවරයෙකු ද විය.


කුඩා කාලයේදී ඇසුනු සරණගුප්ත අමරසිංහ ගායනා කළ “පායනා කාලෙදී” ගීතයේ තනුව බොහෝ දෙනාට නිතැතින්ම මතකයට ඒයි.

රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරත් කූඹියෝ

සීතෙනුත් වැස්සෙනුත් බේරිලා ඉන්නවා ගේ සදන් එක්වෙලා කූඹියෝ

උන් ඉතා ඉක්මනින් යන්නෙ මේ සන්තොසින් කම්මැලී නෑ කිසිත් කූඹියෝ

දැන් අපත් ඒ වගේ ඉන්නවා නම් හොදයි කම්මැලී නෑ වගේ කූඹියෝ


සමුපකාර ගීතයේ තනු නිර්මාණය - ජේ. කේ. සෙබස්තියන් පෙරේරා මහතා සංස්කරණය

සමුපකාර ගීතය සඳහා පහත සබැදිය වෙත පිවිසෙන්න. https://uvacooperative.blogspot.com/p/blog-page_27.html


සමුපකාර කොඩිය (Cooperative Flag) සංස්කරණය

සර්වකාලීන හා සියළු ජාතීන් නියෝජනය කරන දේදුන්නේ පැහැය මෙම ධජයට ගෙන ඇත. සමුපකාර කොඩිය සෑම රටකටම එකසේ බලපවත්වයි. මෙම කොඩිය ජාත්‍යන්තර සමුපකාර සංධානයේ මැදිහත් වීමෙන් පිළිගන්නා ලද්දකි. මෙහි නිර්මාතෘ වන්නේ ප‍්‍රංශ ජාතික සමුපකාර විද්වතෙකු වූ චාල්ස්ගයිඞ් මහතාය. මෙයින් පිළිබිඹු කරන්නේ අනාගත මානව දයාවේ විශ්වාසනීයත්වය බව චාල්ස්ගයිඞ් මහතා ප‍්‍රකාශ කර ඇත. මෙය ප‍්‍රථමයෙන් ප‍්‍රදර්ශනය කර ඇත්තේ 1923 පැවැත් වූ පළමු ජාත්‍යන්තර සමුපකාර දිනයේදීය.

සමුපකාර කොඩියේ සඳහන් වර්ණ 07 න් කියවෙන්නේ පහත සඳහන් අදහස්ය. සංස්කරණය

රතු පාට  : උට්ඨාන වීර්ය රඹ පාට  : හරි දැක්ම වෙනුවෙන් කැපවීම

කහ පාට  : අභියෝගයන්ට ඥාණාන්විතව මුහුණ දීම.

කොල පාට  : සමුපකාරක හරයන් මැනවින් අවබෝධ කර ගැනීම හා සාමාජිකත්ව වර්ධනය

ලා නිල් පාට : සමස්ථ මිනිස් වර්ගයාගේ එකමුතුකම හා සහජීවනය.

දම් පාට  : මිත‍්‍රත්වය හා ප‍්‍රබෝධමත් බව.

1923 සිට පිලිගත් ශඩ්වර්ණ ( දේදුනු වර්ණ) සමුපකාර කොඩිය ජාත්‍යන්තර සමුපකාර සංධානය විසින් 2014 සිට වෙනස් කර ඇත. ඒ අනුව මේ වන විට දේදුනු වර්ණ කොඩිය වෙනුවට පහත දැක්වෙන කොඩිය සමුපකාර කොඩිය ලෙස ශ්‍රි ලංකාවේද පිළිගෙන ඇති අතර 2017 ජුලි පළමු සෙනසුරාදා පැවති ජාත්‍යන්තර සමුපකාර දිනයේ සිට නව කොඩිය ශ්‍රි ලංකාවේ භාවිතා වේ.

නව සමුපකාර කොඩිය සඳහා පිවිසෙන්න. http://www.crwflags.com/fotw/flags/int-ica.html

ශ‍්‍රී ලංකාවේ නිල සමුපකාර ලාංජනය The official logo of Sri Lanka Co-operative සංස්කරණය

ශ‍්‍රී ලංකාවේ නිල සමුපකාර ලාංජනය නිර්මාණය කරන ලද්දේ ඕවන් වීරක්කොඩි මහතාය. මෙයින් පිළිබිඹුවන්නේ, කාර්මික, කෘෂිකාර්මික සහ සේවා ක්‍ෂෙත්‍රයේ සංකලනය සහ සහයෝගීත්වය සහ සංවර්ධනයයි

ශ‍්‍රී ලංකාවේ නිල සමුපකාර ලාංජනය සඳහා පිවිසෙන්න..

https://uvacooperative.blogspot.com/p/blog-page_27.html

සමුපකාරය නිර්වචනය හා ප්‍රතිපත්ති සංස්කරණය

සමුපකාරය පිලිබඳ නිල නිර්වචනය සංස්කරණය

1995 දී ජාත්‍යන්තර සමුපකාර සංධානය මැන්චෙස්ටර් සම්මේලනයේදි සම්මත කරගත් සමුපකාරය පිලිබඳ නිල නිර්වචනය සමුපකාරය යන්න පිළිබදව විශ්විය නිර්වචනය වේ. එය1995 දි "සමුපකාර අනන්‍යතා ප්‍රකාශනය" නැමති ලියවිල්ල ඔස්සේ ප්‍රකාශයට පත්කරන ලදි.

"සමුපකාරය"” යන්න සඳහා ලබා දී ඇති නූතන සමුපකාර ව්‍යාපාරය පිලිබඳ නිල නිර්වචනය. සංස්කරණය

A co-operative is an autonomous association of persons united voluntarily to meet their common economic, social, and cultural needs and aspirations through a jointly-owned and democratically-controlled enterprise.
සමුපකාරය යනු සාමුහික අයිතියක් ඇතිව ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් ඇති ව්‍යවසායකයක් මගින් තම පොදු ආර්ථික සමාජිය හා සංස්කෘතික අවශ්‍යතා සහ බලාපොරොත්තු අභිලාශයන් ඉෂ්ඨ කර ගැනිම සදහා ස්වේච්චාවෙන් එක්වු ස්වාධින පුද්ගල සංවිධානයකි. සංස්කරණය

ශ්‍රී ලංකාවේ සමුපකාරය සංස්කරණය

ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරයට වසර 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් ඇත. සම්ප්‍රදාය අනුව ශ්‍රී ලංකාවේ සමුපකාරය යනු බුද්ධ සාසනයම බව ප්‍රත්‍යක්ෂ වේ. ඒ කෙසේද යත් සකල ශ්‍රී ලාංකිකා වාසී ජනතාව එනම් සිව්වනක් පිරිසට හෙවත් සංඝයට  නිරාමිස සතුට ළඟාකර ගැනීම සඳහා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරවීම පිණිස සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවගේ කායික මානසික අධිගමනය අරමුණු කොට පවත්වාගෙන යනු ලබන වසර 2500ක් ඉපැරණි ලිඛිත සම්ප්‍රදායකි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් සම්මා දිට්ඨි. සම්මා සඞ්කප්ප (නෙක්ඛම්ම , අව්‍යාපාද , අවිහිංසා), සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග වේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම පිණිස යමෙක් හෝ පිරිසක් යම්කිසි පරෝපකාරයක, ආත්මාධාරයක, කල්‍යාන මිත්‍ර සෙවනයක නිරත වෙයිද එය සම්මා උපකාරයකි, එනම් (සම්මා+උපකාරය - සමුපකාරය) හෙවත් සමුපකාරය වේ. එබැවින් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම පිණිස එක්වන සමස්තය හෙවත් සමුපකාරය බුද්ධ සාසනයම වේ. එනම් ශ්‍රී ලංකාවේ සමුපකාරය යනු බුද්ධ සාසනයම වේ. 

ශ්‍රී ලංකාවේ සමුපකාරය හෙවත් බුද්ධ සාසනය මූලික වශයෙන් ශ්‍රී ලාංකිකයාගේ නිරාමිස සතුට අරමුණු කරගෙන එකිනෙකා අතර යහපත් ලෙස උපකාර කර ගනිමින් එනම් සම්මා උපකාර කර ගනිමින් පරෝපකාර කරගනිමින් ආත්මයෙන්ම ආධාර කරමින් එනම් ආත්මාධාරය කරමින් කටයුතු කරන මුළු ශ්‍රී ලාංකික ප්‍රජාවම සහභාගී වන අතිශයින් ගැඹුරු දීර්ඝ කාලයක සිට පවතින සම්ප්‍රදායකි.

අද පවතින සමුපකාරයේ මුලික හරය වන අවම පරිභෝජනය, උපරිම මානව සම්පත් සන්වර්ධනය යනු බුද්ධ සාසනය තුල දක්නට ලැබෙන ගැඹුරු සංකල්පය වන අත්හැරීම හෙවත් පරිහරණයත්, උපරිම මානව සංවර්ධනය යනු නිරාමිස සුවය දක්වා විස්තර කෙරෙන මානසික සතුටත් අද ලෝකයට එක්සත් ජාතීන් විසින් හදුන්ව දීමට සැරසෙන දල ජාතික සතුට ට වඩා බෙහෙවින් ඉහල මට්ටමේ පවතින මානව සංවර්ධනයක් බවත් ලිඛිත සාම්ප්‍රදායික ත්‍රිපිටක ඉතිහාසය මනාව කරුණු ගෙන හැර දක්වයි.

ශ්‍රී ලංකාව තුල සමුපකාරික ගතිගුණ වලට ශ්‍රී ලාංකේය ජනයා අනුගතවන්නේ බුද්ධ සාසන ඇතිවූ දා පටන්ය. එනම් ශ්‍රී ලංකාවේ සමුපකාරය හෙවත් බුද්ධ සාසනය ත්‍රිපිටක  කල්‍යාන මිත්‍ර සුත්‍රයෙන් විස්තර කෙරෙන කල්‍යාන මිත්‍ර සම්පත්තිය හෙවත් පරෝපාකාරය වසර 2500ක ලිඛිත ඉතිහාසයකි. බුද්ධ සාසනය හරහා පවතින ශ්‍රී ලංකාවේ සමුපකාරය අද ලෝකයේ කතිකාවට ලක්වන සමුපකාරයට බෙහෙවින් ඉහල මට්ටමේ පවතින ආර්ථික සමාජයීය හා සංස්කෘතික පදනමකි. බුද්ධ සාසන සමුපකාරය  මාහා සම්මතයකි. රාජ්‍ය පාලන ක්‍රමයකි. ආචාර ධර්ම පද්දතියකි, නීති පද්දතියකි. ක්‍රියාත්මක වන ක්‍රියාවලියකි. නිරාමිස සතුට උදෙසා දෛනිකව කරනු ලබන පුහුණුවකි.  උපාසක උපාසිකා මහන මෙහෙන සිව්වනක් පිරිසකින් සමන්විත ඒකීය සංඝයකි.

ශ්‍රී ලංකාවේ  සමුපකාරය තුල නොමත්තක් නැත. සත්ව වර්ගයාගේ පැවැත්ම පිණිස අවශ්‍ය සියල්ල බුද්ධ සාසන සමුපකාරය තුල අන්තර්ගතය.

සමුපකාර ප්‍රතිපත්ති සංස්කරණය

සමුපකාර සංධානය 1995 දි මැන්චෙස්ටර් සම්මේලනයේදි දීර්ඝ කතිකාවකින් පසු සම්මත කරගත් සමුපකාර ප්‍රතිපත්ති 07 කි.

1, Voluntary and Open Membership ස්වේච්ඡා හා විවෘත සාමාජිකත්වය සංස්කරණය
2. Democratic Member Control ප්‍රජාතන්ත්‍රවාදී සාමාජික පාලනය සංස්කරණය
3. Member Economic Participation සාමාජික ආර්ථික සහභාගිත්වය සංස්කරණය
4. Autonomy and Independence ස්වයංපාලනය හා ස්වෛරීභාවය සංස්කරණය
5. Education, Training and Information අධ්‍යාපනය,පුහුණුව හා තොරතුරු සංස්කරණය
6. Co-operation among Co-operatives සමුපකාර අතර සහයෝගීතාවය සංස්කරණය
7. Concern for Community ප්‍රජාව පිලිබඳ සැලකිලිමත් වීම සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=සමුපකාරය&oldid=662100" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි