සමාන ගතිගුණ ඇති මූලද්‍රව්‍ය කාණ්ඩයන්හි සාමුහික නම්

සමාන ගතිගුණ ඇති මූලද්‍රව්‍ය කාණ්ඩයන්හි සාමුහික නම් යනු රසායනික මුලද්‍රව්‍යයන් වර්ගීකරණය සඳහා නාමකරණය විස්තර කිරීමට අයියූපීඒසී (ශුද්ධ හා ව්‍යවහාරික රසායන විද්‍යාඥයින්ගේ අන්තර් ජාතික සංගමය) විසින් යොදා ගන්නා පදයයි.[1]

අයියූපීඒසී විසින් අනුමත කෙරුණු නම් පහත දැක්වේ :

විකිපීඩියා විසින් තම ආවර්තිතා වගු - සහ රසායනික මූලදුව්‍ය -අනුසාර ලිපි වලදී පහත දෙමුහුම් ක්‍රමය භාවිතා කෙරෙයි:

  • ක්ෂාර ලෝහ, ක්ෂාර පාංශු ලෝහ, හැලජනල උච්ච වායු, ලැන්තනොයිඩ, ඇක්ටිනයිඩ සහ ආන්තරික ලෝහයන් සඳහා අයියූපීඒසී ක්‍රමය අනුගමනය කෙරේ.
  • විරල පාංශු මූලද්‍රව්‍යයන්, පෙනික්ටෝජනයන් සහ කැල්කෝජනයන් භාවිතා නොවේ.
  • ඉතිරි මූලද්‍රව්‍යයන් කාණ්ඩ කෙරෙනුයේ:
    • 'අනෙකුත් ලෝහයන්' - වෙනයම් අයුරකින් වර්තීකරණය නොවූ ලෝහයන්: Al, Ga, In, Sn, Tl, Pb, Bi
    • ලෝහාලෝහයන් - B, Si, Ge, As, Sb, Te, Po
    • 'වෙනත් අලෝහයන්' - වෙනයම් අයුරකින් වර්තීකරණය නොවූ අලෝහයන්: - C, N, O, P, S, Se, H

මූලද්‍රව්‍ය කාණ්ඩයන් සඳහා වෙනත් බොහෝ නම් සාමාන්‍ය භාවිතයෙහි පවතින අතර, තව බොහෝමයක් ඉතිහාසය පුරා භාවිතා කර ඇත. නිදසුන් සමහරක් වන්නේ:

  • ප්ලැටිනම් කාණ්ඩය - Ru, Rh, Pd, Os, Ir, Pt.
  • උච්ච ලෝහ - සාමාන්‍යයෙන් විඛාදනයට ප්‍රතිරෝධයක් දක්වන ලෝහ කාණ්ඩ විවිධ ආකාරයෙන් අර්ථ දක්වා ඇත. සාමාන්‍යයෙන් අයත් වන්නේ Ag, Au, සහ ප්ලැටිනම් කාණඩයෙහි ලෝහයන්ය.
  • කාසි ලෝහයන් - Cu, Ag, Au.
  • බැර ලෝහයන් - ඒවා‍යේ ඝනත්වය, පරමාණුක ක්‍රමාංකය, හෝ විෂ බව පදනම් කරගෙන විවිද ආකාරයෙන් අර්ථදක්වා ඇති ලෝහ කාණ්ඩයන්.
  • නිසග ලෝහයන් - සොබාදහමෙහි පරිශුද්ධ ආකාරයෙන් පවතින ලෝහ, උච්ච ලෝහ සමග Sn සහ Pb වැනි අනෙකුත් ලෝහ ඇතුළත්ය.
  • පශ්චාත්-ආන්තරික ලෝහයයන්- ආන්තරික මූලද්‍රව්‍ය තුනට දකුණෙන් පිහිටි, සම්පූර්ණයෙන් පිරුණු d-උපකවච සහිත ලෝහ: Zn, Ga, Cd, In, Sn, Hg, Tl, Pb, Bi
  • දුර්වල ලෝහ - p කාණ්ඩයෙහි ලෝහ හැඳින්වීමට සමහර විට භාවිතා කෙරේ: Al, Ga, In, Tl, Sn, Pb, Bi.
  • පාංශු ලෝහ - පැරැණි ඓතිහාසික පදය, සාමාන්‍යයෙන් 3 සහ 13 කාණ්ඩයෙහි ලෝහ හැඳින්වීමට භාවිතා වෙන නමුත්, සමහරවිට බෙරිලියම් සහ ක්‍රෝමියම් වැනි අනෙකක්ද ඇතුළත් කෙරේ.
  • පාරයුරේනියම් මුලද්‍රව්‍යයන් - පරමාණුක ක්‍රමාංකය 92 ට වැඩි මූලද්‍රව්‍ය.
  • පාරඇක්ටිනයිඩ මූලද්‍රව්‍යයන් - ඇක්ටිනයිඩ් වලට පසු මූලද්‍රව්‍යයන් (පරමාණුක ක්‍රමාංකය 103 ට වඩා වැඩි).
  • පාරප්ලූටෝනියම් මූලද්‍රව්‍යයන් - පරමාණුක ක්‍රමාංකය 94 ට වඩා වැඩි මූලද්‍රව්‍යයන්.
  • සුළු ඇක්ටිනයිඩයන් - U සහ Pu හැර, න්‍යෂ්ටික ඉන්ධනයන්හි හමු වන ඇක්ටිනයිඩ: Np, Am, Cm.
  • සුපිරිඇක්ටිනයිඩයන් - ආවර්තිතා වගුවෙහි අනාවැකි පල කෙරුණු "g ගොනුව" ඇතුළත්, මූලද්‍රව්‍යයන් 121 සිට 153 දක්වා උපකල්පිත ශ්‍රේණිය.
  • බැර පරමාණුව - හයිඩ්‍රජන් හා හීලියම් හැර අනෙකුත් මූලද්‍රව්‍යයන් හැඳින්වීමට, සංඛ්‍යාත්මක රසායන විද්‍යාවෙහිදී භාවිතා වන පදය.

මෙම කර්තව්‍යය සඳහා ඕනෑම ආවර්තිතා වගු කාණ්ඩයක් වුවද භාවිතා කල හැක. සමහරවිට, කාණ්ඩ 14 මූලද්‍රව්‍යය අයුරින්, කාණ්ඩ අංකය භාවිතා වන අතර, සමහරවිට, කාබන් කාණ්ඩය හෝ කාබන් පවුල අයුරින්, කාණ්ඩයෙහි පළමු මූලද්‍රව්‍යයෙහි නම භාවිතා වේ.

ආශ්‍රිත සංස්කරණය

  1. අයියූපීඒසී ප්‍රොවිෂනල් රෙකමෙන්ඩේෂන්ස් ‍ෆො ද නොමන්ක්ලේචර් ‍ඔෆ් ඉනෝගනික් කෙමිස්ට්‍රි (2004) (ඔන්ලයින් ඩ්‍රාෆ්ට් ඔ‍ෆ් ඇන් අප්ඩේටඩ් වර්ෂන් ඔෆ් ද "රෙඩ් බුක්" IR 3-6.2)