ඉන්දියාවේ මධ්‍යතන රාජධානි

(සම්භාව්‍ය ඉන්දියාව වෙතින් යළි-යොමු කරන ලදි)

ඉන්දියාවේ ‍දේශපාලනික පාලන යුගය ලෙස සලකනුයේ ක්‍රි.ව. 2 සියවසේ මෞරය අධිරාජ්‍යයේ පරිහානියේ සිට ක්‍රි.පූ. 230 දී සිමුකා සමඟ සටවහන රාජවංශය ආරම්භ වනතෙක් කාල සීමාවය. එය ඉන්දියාවේ ඉපැරණි කාල පරිච්ඡේදය ලෙස ද සැලකේ. එම කාලය තුළ පුරාතන ඉන්දියාවේ ඉතාමත් පුළුල් ආර්ථිකයක් තිබු බව සැලකේ. ලෝක ධනයෙන් ¼ ක් එම කාලය තුළ ඉන්දියාව සතු විනැයි පැවසේ. එම මධ්‍යතන යුගය අවුරුදු 1500 කට සීමා විය. ‍එය 13 වන ශතවර්ෂයේ දී අවසාන විය. එනම් ඉස්ලාමීය සුල්තාන යුගය සමඟ ආරම්භ වී චාලුක්‍යා චෝලාස් (රාජේන්ද්‍ර චෝල III ) මිය යාමත් සමඟ අවසන් විය (1279).

ගංගා තැන්න හා ඩෙකෑනය

සංස්කරණය

මෞරය අධිරාජ්‍යයාගේ මරණයෙන් පසු සතවාහන අධිරාජ්‍යයා සාර්ථක රාජ්‍ය පාලකයකු වීමට වයඹ දෙසින් එන මධ්‍යම ආසියාතික ජන වර්ගය සමඟ දිගින් දිගටම සටන් කළේය. මධ්‍යස්ත පිළිවෙතක් අනුගමනය කළ සටවහන අධිරජ්‍යයා ඩෙකෑන් සානුව පවා බුදුදහමේ ව්‍යාප්තිය සඳහා යෙදවීමට ඉඩ දුන්නේය. එසේම උතුරු දිග පෙදෙසේ ගංගා තැන්න හා දකුණු දිග උපනිශද්වරුන් අතර ද සබඳතා ගොඩ නඟා ගැනීමට ඔහු සමත් විය. එහෙත් අවසානයේ දී උතුරු ප ළාතේ දියුණුවත් සමඟ සටනෙන් පසු තවත් බොහෝ සුළු ජාතීන් ඩෙකෑන් හා මධ්‍යම ඉන්දීය ප්‍රදේශවල පදිංචි විය. ගුප්තා අධිරාජ්‍යයා ගැන්ජටික් තැන්නේ සිට සිය අණසක පතුරවමින් නැඟී සිටියේය.


ගුප්තා අධිරාජ්‍යයාගේ බිඳ වැටීමෙන් පසු ගැන්ජටික් කොට්ඨාශය තවත් කුඩා උප කොට්ඨාශ වලට කැඩී ගියේය.

වයඹ දිග ආක්‍රමණිකයන්

සංස්කරණය

කි පූ දෙවන සියවසේ අතරතුරදි මෞර්යය අධිරාජ්‍යයේ බිදවැටීමත් සමග දකුණු දිග ආසියාව එකිනෙක අපිච්ඡාදනය වන සීමා‍වලින් යුතු ප්‍රදේශීය බලමුළුවක් බවට පත්විය. කි පූ200 හා කි ව300 අතර තුරදි ඉන්දු නිම්නය හා ගංඟා නිම්නය ආක්‍රමණිකයන් විශාල පිරිසක් ආකර්ශනය කරගන්නා ලදී. පුරාණ මොවුන්ව හඳුන්වනු ලබන්නේ විදේශිකයන් හා අශුද්ධ බාබේරියන් වරු ලෙසය. මෞර්ය අධිරාජ්‍යයට අනුප්‍රාප්තික වූ ශතවහන අධිරාජ්‍යය හා ගුප්ත අදිරාජ්‍යය එම යුද්ධ වලින් හට ගත් පීඩන නිසා අභ්‍යන්තර විනාශ වී යාමට පෙර අනුප්‍රාප්තිකයේ ව්‍යාප්තවීමක් අඩංගු කර ගැනීමට ප්‍රයත්න දැරීය.

ආක්‍රමණය කරන ජාතීන් බුදුදහමින් බලපෑම‍ට ලක් වූ අතර ඔවුන් විසින් බුදු දහම වැළඳ ගන්නා ලදී. බුදු දහම අඛණ්ඩව ආක්‍රමණිකයන්ගේ හා ශතවහනාහ වරු හා ගුප්ත වරුන්ගේ අනුග්‍රහය යටතේ පිබිදීමට ලක් වූ අතර එමගින් සංස්කෘති 2 ක අතර සංස්කෘතිකමය පාලමක් නිර්මාණය විය. කාලයත් සමග ආක්‍රමණිකයන් හින්දුකරණයට භාජනය වූ අතර ඔවුන් විසින් අදාල ප්‍රදේශවල සහාජයට හ‍දෙර්ශනයට බලපෑම් එල්ල කළ අතර ප්‍රතිවර්ත ලෙස එමගින් බලපෑමට ද ලක්වුණි. නව රාජධානි සේද මාවතට පිවිසීමත් නිසා මෙම යුගය සංස්කෘතික ව්‍යාප්ති යහ සංකලනය මගින් වෙර ගැන්වුණු බුද්ධිමය හා කලාත්මක ජයග්‍රහණ වලින් පිරුණු යුගයක් ලෙස ඉතිහාසයට එක් විය.

පකිස්ථානයේ හා ඉන්දියාවේ මධ්‍යම රාජධානි යන්න කි පූ දෙවන සියවසේ සිට ඉන්දියාවේ දේශපාලනික ස්ථිතිය හැඳින්වීමට යෙදේ. එනම් මෞර්ය අධිරාජ්‍යයේ බිඳ වැටීමේ සිට හා ශතවහන පෙළපතේ නැගී සිටීම හා සිමුකා හි ආරම්භවීමත් සමග කි පූ230 සිටය. මධ්‍ය යුගය වසර 1500 ක් පුරාවට පමණ පැවති අතර 13 වන සියවසේදී ඉස්ලාමික සුල්තාන් රාජ්‍යය වල නැගී සිටීම (දිල්ලි සුල්තාන් රාජ්‍යය 1206 දී ආරම්භ විය.) හා චාලුඛ්‍යය චෝල වරුන්ගේ (රාජේන්ද්‍ර චෝල III 1279 දී මිය ගියේය. ) අවසානයත් සමග අවසන් විය.

මෙම යුගය පර්සියානු හා මධ්‍යම ආසියානු ආක්‍රමණික රැළිවලින් , ඉන්දියාවේ සිට බෞද්ධාගම ව්‍යාප්ත වීමෙන් හා ඉන්දියානු උප මහාද්වීපය තුළ මුස්ලිම්වරුන් ස්ථාපනය වීම නිසා වඩා සැලකිල්ලට භාජනය විය.

පාල අධිරාජ්‍යය

සංස්කරණය

පාල අධිරාජ්‍යයා බෞද්ධාගමික රාජවංශයේ ‍කෙනෙකි, ඉන්දියානු උප මහද්වීපයේ නැගෙනහිර කලාපයේ බෙන්ගාල් හි මධ්‍යම රාජධානියේ ප්‍රධානියා ද වුයේය. ගවුඩා ආධිපත්‍ය අනුව මහා අල්තාන මණ්ඩප නිරන්තරයෙන් ම විස්තර කෙරේ. පාල කියන නාමයේ තේරුම ආරක්ෂකයා යන්නයි. තවද පාල යන්න සියලු රාජ්‍ජවරුන්ගේ නම් වල අවසානයේ නමට එක්කර භාවිතා කෙරිණි. පාලයිල්, මහායාන හා මැන්ට්‍රික් නමැති බෞද්ධ පාසල් පිළිබදව සොයා බලන්නන් මෙන්ම එම දහම අනුගමනය කරන්නන් බවටද පත්වුණි. ගෝපාල පළමුවෙනි රාජවශයෙහි පාලකයා බවට පත්විණි. ඔහු බලයට පැමිණියේ ක්‍රි.ව. 750 දි ගවරා හි පැවති ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකිනි. මහා ජනපද කාලය වනතෙක්ම මෙය දකුණු ආසියාවෙ පැවති ප්‍රජාතන්ත්‍රවාදි පළමු ඡන්දය ලෙස හඳුනාගැනේ. ඔහු ක්‍රි.ව. 750 සිට ක්‍රි.ව 770 දක්වා රාජ්‍ය පාලනය කළ අතර බෙන්ගාල් පුරාවට ඔහු ඔහුගේ පාලන පෙදෙස ව්‍යාප්ත කරගත්තේය. බෞද්ධ රාජවංශය සියවස් 4 කින් අවසාන විණි.ඒ අතර බෙන්ගාල රාජධානියේ ස්ථිරභාවයට සහ සෞභාග්‍යය සඳහා ඔහු මග පෙන්වුවේය. ඔවුන් නාලන්දා හා වික්‍රමශිල විශ්වවිද්‍යාල වලට උදව් කිරීමට අමතරව පන්සල් බොහෝමයක් ඉදි කළහ. ධර්මපාල විසින් ඉදි කරවන ලද සෝම පුර මහාවිහාරය ඉන්දියානු උපමහද්වීපය තුළ හමුවන යහපත් තත්ත්වයේ පවතින එකමබෞද්ධ විහාරය වේ.


ධර්මපාල සහ දේවපාල යටතේ අධිරාජ්‍යය ඉහලටම නැංවිණි. ධර්මපාල ඉන්දියාවේ උතුරු උපමහද්වීයේ කොටසක් බවට පත් කිරීමට අධිරාජ්‍යාගේ කාලය දික් කළේ ය. දේවපාල, ධර්මපාල අනුප්‍රාප්තව දකුණු ආසියාවේ හා ඉන් එහාටද අධිරාජ්‍ය පතුරන ලදි.


ඔහුගේ අධිරාජ්‍යවාදය අස්සාමි සහ උමිකලා සිට වයඹ කාම්බෝජය හා දකුණු ඩෙකානී දක්වා පැතිර ගියේය. පාලා ශිලා ලිපිය අනුව දේවපාල උම්කාඩ් සහමුලින්ම නැති කර තිබෙන අතර ඔවුන් ප්‍රවිහර‍ස් ගුරජාරා සහ දේව්දාස් වලට අවමන් කළේ ය. දේවපාලගේ මරණය සමඟ පාල අධිරාජ්‍යයෙහි ඉහල නැගීමද අවසන් වුනි. තවද නිදහස් රාජධානි මෙම කාලය තුල මතුවන්නට පටන් ගැනීමද දක්නට ලඅබිණි. කෙසේ වුවද මහිපාල බෙන්ගාලය පුරා පාලනය තමාට නතු කර ගත් අතර ආධිපත්‍යද පතුරවනු ලැබීය. ඔහු රාජේන්ද්‍රචෝල සහ චලාක්යාන්ගේ ආක්‍රමණයට නොනැසි මුහුණදුණි. මහිපාලගෙන් පසුව නැවතත් රාමපාල පත්වන තෙක්ම එම රාජධානිය පරිහාණිය ඔහුට දැකගත හැක් විය. ඔහු වරේන්ද්‍රා කැරැල්ල මැඩපැවැත්වු අතර ඔහු ඔහුගේ පාලන සමයේදී පාල අධිරාජ්‍ය කාමරුප, ඔරිස්සා හා උතුරු ඉන්දියාව දක්වා ව්‍යාප්ත කළේ ය.


බෙංගාලයේ රත්‍රන් යුගය ලෙස පාල අධිරාජ්‍ය සැලකිය හැකිය. බෙන්ගාලයෙහි කිසිදු ‍‍‍පාලකයෙකුට එම බලය ඉහවහා හෝ එම සමෘද්ධීය කරා ලඟා වීමට නොහැකි විය.


මහායාන ධර්මය, ටිබෙට්, බුටාන් හා මියන්මාර් ආගම් අත‍ර පාලස් වගකීම් සහිත විය. ඊසාන දිග ආසියාවට බලපෑමක් එල්ල කළහැකි පෘථුල දැනුමක් මෙම පාලස්ට පැවතිණි. මෙය සෙයිලෙන්දු අධිරාජ්‍යයාගේ කැටයම් හා වාස්තු විද්‍යාත්මක නිර්මාණ මඟින් වෙලා ගත හැකිය.

ගුප්ත අධිරාජ්‍යය

සංස්කරණය
 
ගුප්ත රාජවංශයේ කුමර ගුප්ත I රජුගේ රිදී කාසිය(414-455)

මෞර්යයන්ගෙන් පසුව ගුප්ත අධිරාජ්යගය යටතේ (ක්රි-.ව. 320- ක්රින.ව.550) උතුරු ඉන්දියාවේ බොහෝ ප්ර්දේශ නැවත එක්සත් වූ කාල සීමාව සම්භාව්ය වකවානුව ලෙස සැලකේ. මෙම කාලසීමාව “‍ස්වර්ණමය යුගය” වශයෙන් හැදින්වෙන අතර පැතිරී ගිය සංස්කෘතික ජයග්ර හණයක් වශ‍යෙන් සමාන්යනයෙන් හදුන්වන ලද හින්දු සංස්කෘතිය පැහැදිලිව නිශ්චිත කෙරින. මෙම සම්භාව්ය‍ රාටාව සෑහෙන කාලයක් ගත වී රාජධානියේ අවසානයෙන් පසු දකුණට පමණක් පැතිරී ගියේය. මෙම සංස්කෘතික නිර්මාණයෙහි උපරිම තැන වන්නේ විශිෂ්ඨ හා නිර්මාණාත්මක ගෘහ නිර්මාණ ශිල්පය, මූර්තී කලාව, සිතුවම් කලාව වේ. මෙම යුගයේ සිටි ශේෂ්ඨතම ලේඛකයා කාලිදාස කිවිදුන් වේ. ශක්තිමත් වෙළද සම්බන්ධතා හේතු කොට ගෙන කලාපය වැදගත් සංස්කෘතික මධ්යමස්ථානයක් බවට පත් වූ අතර අසල්වැසි රාජ්යලයන් බෙංගාලය, බුරුමය, ශ්රීඨ ලංකාව හා කාම්බෝජය වන කලාපයන්ට බලපෑම් කළ හැකි වන පරිදි ඉහලින් සිටීමටත් හැකි විය.

ගුප්ත යුගය ඉන්දියානු සංස්කෘතියේ සන්ධිස්ථානයක් විය. ගුප්තවරුන් ඔවුන්ගේ පාලනය නීත්‍යානුකූල කිරීම සදහා වේද පරිත්යසගයන් සිදු කරන ලදී. එහෙත් ඔවුන් බ්රා‍හ්මණ සම්මතයන් වෙනුවට හිලව් වූ හෙයින් ඔවුන් බෞද්ධාගම කෙරෙහිද අනුග්රිහයක් දක්වන ලදී. මුල් පාලකයින් තිදෙනා වූ චන්ද්‍රගුප්ත I (319-335), සමුද්රනගුප්ත (335-376), සහ චන්ද්රවගුප්ත II (376-415) හමුදා ක්‍රියාමාර්ග තුලින් පාටලී පුත්‍ර නගරය අග නගරය කර ගනිමින් මුළු උතුරු ඉන්දියාවට ඔවුන්ගේ නායකත්වය යටතට පත් කර ගන්නා ලදී. ඔව්හු හුනාස් ගේ සම්ප්රාුප්තිය වන තෙක් වයඹ දිග රාජ්යීයන්ට සාර්ථකව විරුද්ධත්වය දක්වන ලදී.


වාකාටකවරුන්

සංස්කරණය

ගුප්ත අධිරාජ්‍යයේ සම කාලීනයින් හා සත්යමහනාස් රාජ්යයයේ අනුප්රිජනකයන් වූ මොවුන් උතුරු ප්‍රදේශයේ දකුණු මායිම් ඇතිකල අතර වර්තමානයේ මධ්ය් ප්රාදේශ් සහ මහා රාෂ්ට්ර් යනුවෙන් හැදින්වෙන ප්ර්දේශ තුන්වෙනි හා පස් වෙනි ශතවර්ෂ වලදී පාලනය කරන ලදී. මොවුන් චාලුක්ය වරුන් විසින් යටත් කර ගන්නා ලදී.

හර්ෂ වර්ධන

සංස්කරණය

ගුප්ත අධිරාජ්යාය කඩා වැටීමෙන් පසු විශාල තැනිතලා කොටස් වලට වෙන් වී ගිය කුඩා රටවල් බවට පත් විය. කන්නවුජ් හි හර්ෂ පාලක වරයා හට ඔහුගේ පාලනය යටතේ එම කොටස් සුළු වශයෙන් එක් කිරීමට හැකි විය.