සම්බන්ධි වගා ක්‍රම

සම්බන්ධි වගා ක්‍රම

සම්බන්ධි වගා ක්‍රම යොදාගන්නා පද්ධති හා සංකල්ප ගණනාවක් පවතී.

උදාහරණයක් ලෙස සම සතරැස් අඩි ගෙවතු ක්‍රමයේදී වගාවන් ඉතා කිට්ටුවෙන් ඇසිරීම මඟින් වගාවන් ආරක්ෂා කිරීම සිදුකරයි. මෙහිදි සම්බන්ධි ශාක සාමාන්‍ය භාවිතයට වඩා කිට්ටුවෙන් වගා කිරීම සිදුකරයි. නව ක්‍රමයක් වන්නේ කැලෑ වතු ක්‍රමයයි. මෙහිදී සම්බන්ධි ශාක කලවම් කිරීම මඟින් සැබෑ පරිසර පද්ධති නිර්මාණය කිරීම සිදුකරනු ලබයි.

‍ඓන්ද්‍රිය ගෙවතු ක්‍රමය සම්බන්ධි වගාවේ සාර්ථකත්වය මත රඳා පවතින්නකි. මීට හේතු වන්නේ බොහෝ කෘතිම ආකාරයේ පෝර යෙදීම්, වල් පැලෑටි අඩුකිරීම්, පළි‍බෝධක පාලනයන් හා අනිකුත් ගෙවතු අවශ්‍යතා මෙම ක්‍රමය තුළ යොදා නොගැනීමයි.

සමහර වල්පැල බෝග සමඟ මිශ්‍රව වගාකිරීමෙන් වාසි තත්ව ඇතිකර ගත හැකිය.

නවතම අධ්‍යයනයන් පෙන්වා දෙන්නේ බෝග වටා අනිකුත් බෝග වගාකර ඇතිවිට පියාඹන කෘමීන් ඒවා හානිකිරීමේ හැකියාව අඩුවන බවයි. මෙලෙස බෝග වටා වගාකරන ශාකවලට ධාරක බෝග ලෙස හඳුන්වයි.

ධාරක බෝග සොයාගැනීමේ ක්‍රියාවලිය පියවර කීපයකින් සිදුවේ.

1. පළමු පියවර වන්නේ ධාරක ශාකවලට ආවේනික වූ ගන්ධයන්ගෙන් උත්තේජනය කිරීමයි. මෙය කෘමියා සොයන ශාකයට ළගාවීමට ඌව පොළඹවයි.
2. දෙවන පියවර වන්නේ කෙටි පියාසර කිරීම් මඟින් කොළයෙන් කොළයට ශාකාවේ සමස්ත යෝග්‍යතාවය සෙවීමට කෘමියා පියඹා යාමයි.
මෙහිදී බිත්තර දැමීමට කෘමියාට ප්‍රමාණවත් උත්තේජනයක් ධාරක ශාඛාව මඟින් සැපයිය යුතුය. එනිසා කෘමියා වාර කීපයක්ම ශාකවල වැසීම් සිදුකරයි. නුසුදුසු වැසීමක් සිදුකලහොත් කෘමියා නැවතත් තම ක්‍රියාදාමය අලුතින් පටන් ගනියි.

සටහන් සංස්කරණය

Companion_planting Versions
"https://si.wikipedia.org/w/index.php?title=සම්බන්ධි_වගා_ක්‍රම&oldid=471720" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි