සම්පසාදනීය සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දාවෙහි පාවාරිකා අඹ උයනෙහි වැඩ වාසය කළාහුය. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකපැත්තක හුන්නේය. ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ´´ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ පැහැදුනෙමි. සම්බෝධියෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨවූ අන්‍ය ශ්‍රමණයෙක් හෝ අන්‍ය බ්‍රාහ්මණයෙක් හෝ පෙර නොවීය. අනාගතයෙහිත් නොවන්නේය. දැන්ද නොවෙයි´´ යනුවෙනි.

2. ´´ශාරිපුත්‍රය, තා විසින් මහත්වූ නිර්භීත වචනයක් කියන ලදි. ඒකාන්ත වචනයක් කියන ලදි. සිංහනාදයක් කරණ ලදි.´´

(මෙහි 238 වෙනි පිටේ 26 වෙනි පේළියේ සිට 240 පිටේ 7 වෙනි පේළිය දක්වා යොදන්න)

සිත් නුඹගේ සිතින් දැන මෙසේ ප්‍රකාශ කෙළෙහිද?´´

3. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද ධර්ම ශ්‍රවණය පිණිස එතැනට පැමිණියෙමි. ස්වාමීනි, ඒ මට භාග්‍යවතුන් වහන්සේ වඩ වඩා උතුම්වූ වඩ වඩා යහපත්වූ විපාක සහිත කුශලාකුශල ධර්මයන් දේශනා කළාහුය. ශ්‍රාවක සං තෙමේ ඒ ධර්මය හොඳින් පිළිපදින්නේය.´´

´´යම් මේ කුශල ධර්මයන් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේට වැඩියෙන් දන්නාවූ අන්‍ය ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් ඇත්තේද නැත.´´

´´භාග්‍යවතුන් වහන්සේ කුශල ධර්මයන් පිළිබඳ දේශනා කිරීම ඒට වඩා උතුම් දෙයක් නැති කාරණයකි. එහි මේ කුශල ධර්මයෝයි සතර සතිපට්ඨානයෝය (සිහිය වැඩිය යුතු භාවනා සතර), සතර සම්‍යක් ප්‍රධානයෝය (මහා වීර්යය සතර), සතර ඎද්ධි පාදයෝය (සත්‍යාවබෝධය පිණිස පවත්නා හේතු සතර), පංචේන්ද්‍රිය (ඉන්ද්‍රිය ධර්ම පස), පංචබලයෝය (බල ධර්ම පස), සප්ත බොජ්ඣංගයෝය (සත්‍යාවබෝධය අංග සත), අර්යාෂ්ඨාංගික මාර්ගය යන කුශල ධර්මයෝයි.´´

´´ආයතන පැනවීම් ධර්මය, ගැබ් පිළිසිඳ ගැනීම් පිළිබඳ ධර්මය, ආදේශන (අදහස් ප්‍රකාශ කිරීම) කොට්ඨාශයන් පිළිබඳ ධර්මය, දර්ශන සමාපත්ති (නුවණින් දැකීමට) පැමිණීම පිළිබඳ ධර්මය, (දෙතිස් කුණප ඇත කියා දකියි.) දෙතිස් කුණපය නැවත නැවත සිහිකරයි. මේ ලෝකයෙහි පිහිටියාවූද පරලෝකයෙහි පිහිටියාවූද පුරුෂයාගේ විඥානය දැනගනී. මේ ලෝකයෙහි නොපිහිටියාවූද පරලෝකයෙහි නොපිහිටියාවූද පුරුෂයාගේ විඥානය දැනගනී.´´

´´පුද්ගල ප්‍රඥප්ති ධර්මය (මේ පුද්ගලයෝ සත් දෙනෙක් වෙත්), උභතොභාග විමුත්ති (අරූප සමාපත්තියෙන් රූප කයෙනුත් මාර්ගයෙන් අරූප කයිනුත් යන දෙයාකාරයෙන් මිදුනු පුද්ගල තෙමේ), පඤඤාවිමුත්ත (ප්‍රඥාව කරණ කොට මිදුණාවූ පුද්ගල තෙමේ), කායසක්ඛී (පළමු කොට ධ්‍යාන ලැබ පසුව නිවන් දක්නා පුද්ගල තෙමේ), දිට්ටප්පත්ත (දැකීමේ අනන්තයට පැමිණියාවූ), සද්ධාවිමුත්ත (ශ්‍රද්ධාව කරණ කොට මිදුනාවූ), ධම්මානුසාරී (ප්‍රතිපත්ති පූර්ව කොට මාර්ගය වඩන පුද්ගලයා), සද්ධානුසාරී (ශ්‍රද්ධාව පූර්ව කොට මාර්ගය වඩන පුද්ගලයා) යන සත්දෙනයි.´´

4. ´´වීර්යය වැඩීම පිළිබඳව ධර්මය බෞඬ්‍යංග ධර්මයෝ සත්දෙනෙක් වෙත්. සතිසම්බොජ්ඣංගය (මාර්ග ඥානයට හේතුවූ සිහිය) ධර්මවිචය සම්බොජ්ඣංගය (මාර්ගඥානයට හේතුවු ප්‍රඥාව), වීරිය සම්බොජ්ඣංගය (මාර්ග ඥානයට හේතුවු ප්‍රීතිය), පස්සද්ධි සම්බොජ්ඣංගය (මාර්ග ඥානයට හේතුවු සිතේ සන්සිඳීම), සමාධි සම්බොජ්ඣංගය (මාර්ග ඥානයට හේතුවු සමාධිය), උපේක්ශ සම්බොජ්කධංගය (මාර්ග ඥානයට හේතුවූ උපේක්‍ෂාව) යන සතයි.´´

5. ´´පිළිපැදීම පිළිබඳව ධර්මය මේ පිළිපැදීම සතරෙකි. දුක්ඛාපටිපදාදන්‍ධාභිඤ්ඤා (දුක්වූ පිළිපැදීම් සහිත සෙමින් අවබෝධ කිරීම),දුක්ඛාපටිපදාඛිප්පාභිඤ්ඤා (දුක්වූ පිළිපැදීම් සහිත වහා අවබෝධ කිරීම), සුඛාපටිපදාදන්‍ධාභිඤ්ඤා (පහසුවූ පිළිපැදීම් සහිත සෙමින් අවබෝධ කිරීම),සුඛාපටිපදාඛිප්පාභිඤ්ඤා (පහසුවූ පිළිපැදීම් සහිත වහා අවබෝධ කිරීම) යන මේ සතර වෙති.´´

´´ස්වාමීනි එහි යම්පිලිවෙත් පිරීමක් දුක් වන්නීද, අවබෝධය සෙමින් වන්නේද, එය හීනයයි කියනුලබන්නීය. ප්‍රතිපදාවක් දුක් වන්නීද අවබෝධය නහාවන්නේද මේ ප්‍රතිපදාව දුක් බැවින් හීනයයි කියනු කියනු ලබන්නීය,. මේ ප්‍රතිපදාවක් සැපවන්නීද, අවබෝධ ප්‍රමාදවන්නේද එය හීනයයී කියනු ලබන්නීය.´´

´´යම් මේ ප්‍රතිපදාවක් සැප වන්නීද, අවබෝධය ස්‍රීවන්නේද මේ

ප්‍රතිපදා තොමෝ ප්‍රවීනයයි කියනු ලබන්නීය. යහපත් කොට කථාකිරීම පිලිබඳ ධර්මය, මේ ලෝකයෙහි ඇතැමෙක් බොරු වන්නාවු වචන කථා නොකරයි. භොද කරවන්නාවූ වචන කථා නොකරයි.කේළාම් වචන කථා නොකරයි. එකට එක කථා නොකරයි. ජය ගැනීමට කථා නොකරයි. නුවණින් පරීක්‍ෂා කොට සුදුසු කාලයෙහි සිත්හි තබා ගත යුතු වචන කියයි. යහපත් කොට තථා කිරීම පිළිබඳ ධර්මයයි.´´

6. ´´පුරුෂයන්ගේ යහපත් හැසිරීම පිළිබඳ ධර්මය මේ ලෝකයෙහි ඇතැමෙක් සත්‍ය වචන කියන්නේ ශ්‍රද්ධා ඇත්තෙක් වන්නේය. කුහක නොවන්නේය. චාටුබස් කියන්නෙක්නොවන්නේය. ලාභ ලැබීම සඳහා අඟවන වචන කියන්නෙක් නොවන්නේය. සහමුලින් ගුණ මකා කීම නොකරන්නේය. ලාභය නොසෙයන්නෙක්ද ඉන්ද්‍රියයන්හි වසනලද දොරටු ඇත්තෙක්ද වන්නේය. භෝජනයෙහි පමණ දන්නෙක් වන්නේය. කාය වංකාදිය හැර සමව හැසිරෙන්නෙක් වන්නේය. නින්ද දුරු කිරීමෙහි යෙදුනෙක් වන්නේය. අලස නොවූයේ පටන් ගන්නා ලද වීර්යය ඇත්තෙක් වන්නේය. ධ්‍යාන වඩන්නෙක් වන්නේය. සිහි ඇත්තෙක් වන්නේය. යහපත් වැටහීම් ඇත්තෙක් වන්නේය. ඥාන ගමනෙහි සමර්ථ නුවණින් යුක්තයෙක් වන්නේය. නුවණින් යුක්තයෙක් වන්නේය. කාමයන්හි ගිජු වුවෙක් නොවන්නේය. සිහි ඇත්තෙක්ද, තැනට සුදුසු ප්‍රඥා ඇත්තෙක්ද වන්නේය. ස්වාමීනි, මෙයද පුරිස ශීල සමාචාරය පිළිබඳ ධර්මයයි.´´

7. ´´අනුශාසනා කොට්ඨාසයන් පිළිබඳ ධර්මය. මේ අනුශාසනා කොටස් සතරෙකි. මේ පුද්ගලතෙමේ, අනුශාසනාව යම්සේද, එසේ පිළිපැදීමෙන් ත්‍රිවිධ සංයෝජනයන්ගේ (සක්කාය දෘෂ්ඨි විචිකිව්වා ශීල වෘත පරාමාස යන රැහැන් තුන) නැති කිරීමෙන් සෝවාන් වූයේ මේ පුද්ගලතෙමේ අනුශාසනාව යම්සේද එසේ පිළිපැදීමෙන් ත්‍රිවිධ සංයෝජනයන්ගේ නැති කිරීමෙන් රාග, ද්වේශ මෝහයන්ගේ තුනී කිරීමෙන් සකෘදාගාමී වන්නේය. මේ පුද්ගලතෙමේ අනුශාසනාව යම්සේද එසේ පිළිපැදීමෙන් පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂය ඕපපාතික වන්නේය, ඒ බඹලොව පිරිනිවන් පාන්නේ ඒ බ්‍රහ්ම ලෝකයෙන් පෙරළා නොඑන්නේ යයි භාග්‍යවතුන් වහන්සේ දැනගනී. මේ පුද්ගලතෙමේ අනුශාසනාව යම්සේද, එසේ පිළිපැදීමෙන් කෙළෙස් නැති කොට කෙළෙස් නැතිවූ අර්හත් ඵලයට පැමිණ මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නේ යයි භාග්‍යවතුන් වහන්සේ දැනගනී. කෙළෙසුන් කෙරෙන් මිදීමේ ඥාන පිළිබඳව ධර්මය මේ පුද්ගලතෙමේ ත්‍රිවිධ සංයෝජනයන්ගේ නැති කිරීමෙන් රාග, ද්වේශ මෝහයන්ගේ තුනී කිරීමෙන් සකෘදාගාමී වන්නේය, මේ පුද්ගලතෙමේ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ (ඕරයයි කියන ලද කාම ලෝකය භජනය කරන්නාවූ සක්කාය දෘෂ්ඨි විචිකිව්වා ශීලව්‍රත පරාමාස කාමරාග ව්‍යාපාද යන පස් වැදෑරුම් රැහැන් නැති කිරීමෙන් ඕපපාතික වන්නේය, එහි පිරිනිවන් පාන්නේය, ඒ ලෝකයෙන් පෙරළා නොඑන්නේය, මේ පුද්ගලතෙමේ කෙළෙස් නැති කිරීමෙන් කෙළෙස් රහිතවූ අර්හත් ඵලයට පැමිණ මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නේ යයි භාග්‍යවතුන් වහන්සේ දැනගනී.´´

8. ´´ශාස්වත වාදයන් (සදාකලිකයයි ගන්නා වාදයන්) පිළිබඳ ධර්මය ඇතැම් ශ්‍රමණයෙක් සිත එකඟවූ කල්හි නානාප්‍රකාරවූ පෙරවාසය කළ ආත්ම පිළිවෙළ සිහිකරයි.´´

´´ලෝකය විනාශ වුයේය කියා හෝ වැඩුනේය කියා හෝ මම අතීත කාලය අනාගත කාලයද දනිමි, ආත්මයද ලෝකයද ශාස්වතය (සදාකාලිකය), වඳය, පර්වත කුටයක් මෙන් සිටියේය, ඉන්ද්‍රඛීලයක් (මහ කණුවක්) මෙන් සිටියේය, ඒ සත්වයෝද ගමන් කරත්, සැරිසරත්, චුතවෙත්, උපදිත්, සදාකාලික වස්තුමෙන් නොවෙනස්ව ආත්මය ඇත්තේය. මේ පළමූවෙනි ශාස්වත වාදයයි. ඇතැම් ශ්‍රමණයෙක් සිත එකඟවූ කල්හි අනේකවිධ පූර්වේනිවාසය සිහිකෙරේද පෙර විසූ ආත්ම පිළිවෙළ දැනගැණීමේ නුවණ ලබයි. ඒ කෙසේද? නැසෙන වැඩෙන හෙයින් සංවර්ත විවර්ත නම්වූ එක් කල්පයක්ද, සංවර්ත විවර්ත දෙකක්ද, සංවර්ත විවර්ත තුනක්ද, සංවර්ත විවර්ත සතරක්ද, සංවර්ත විවර්ත පසක්ද, සංවර්ත විවර්ත දශයක්ද, අසුවල් තැන උපන්මි, මෙනම් වීමි, ආත්මයද ලෝකයද ශාස්වතය (සදාකාලිකය), වඳය, පර්වත කුටයක් මෙන් සිටියේය, ඉන්ද්‍රඛීලයක් (මහ කණුවක්) මෙන් සිටියේය, ඒ සත්වයෝද ගමන් කරත්, සැරිසරත්, චුතවෙත්, උපදිත්, සදාකාලික වස්තුමෙන් නොවෙනස්ව ආත්මය ඇත්තේය. මේ දෙවන ශාස්වත වාදයයි.´´

9. ´´ඇතැම් ශ්‍රමණයෙක් යම්සේ සිත එකඟවූ කල්හි අනේක ප්‍රකාර පූර්වේ නිවාස සිහිකරයිද විනාශවන වැඩෙන කල්ප එකක්ද, විසි සංවර්ත විවර්තයක්ද, තිස් සංවර්ත විවර්තයක්ද, සතළිස් සංවර්ත විවර්තයක්ද, සිහිකරයි. අසවල් තැන උපන්මි, මෙනම් වීමි, මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි, එයින් චුතව අසවල් තැන උපනිමි. එහිදු මෙනම් වීමි, මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි, මෙබඳු වර්ණ ඇත්තේ වීමි, මෙබඳු ආහාර ඇත්තේ වීමි, මෙබඳු සැප දුක් වින්දේ වීමි, මෙබඳු ආයුෂ කෙළවරක් ඇතිවීමි, ඒ මම එයින් චුතව උපනිමියි මෙසේ ආකාර දැක්වීම් සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් ආකාර පෙර විසූ පිළිවෙළ සිහිකරයි. හෙතෙමේ මෙසේ කියයි. ´´ලෝකය සංවර්ත විවර්ත සහිතයයි මම අතීතයද දනිමි. ආත්මයද ලෝකයද ශාස්වතය (සදාකාලිකය), වඳය, පර්වත කුටයක් මෙන් සිටියේය, ඉන්ද්‍රඛීලයක් (මහ කණුවක්) මෙන් සිටියේය, ඒ සත්වයෝද ගමන් කරත්, සැරිසරත්, චුතවෙත්, උපදිත්, සදාකාලික වස්තුමෙන් නොවෙනස්ව පවතිත්´´. මේ තුන්වන ශාස්වත වාදයයි.´´

´´පූර්වේනිවාසනුස්මෘති ඥානය පිළිබඳ ධර්මය. මෙසේ දේශනා කරයිද මෙයද අන්‍යවූ (නිරුත්තර) උතුම් බවකි. ´´ස්වාමීනි, මේ ලෝකයෙහි ඇතැම් ශ්‍රමණයෙක් සංවර්ත කල්පයන්ද නොයෙක් විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, අනේකවිධ පූර්වේනිවාසය සිහිකරයි. සංඥා තලයන්හි හෝ අසංඥා තලයන්හි හෝ නේවසඤ්ඤානාසඤ්ඤා තලයන්හි හෝ යම් යම් ආත්මභාවයක වාසය කළේද මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, අනේකවිධ පූර්වේනිවාසය සිහිකරයි.´´

10. ´´සත්වයන්ගේ චතූපපාතඥාන පිළිබඳව (මරණය හා ඉපදීම දැනගන්නා නුවණ) ධර්මය. මෙසේ මිනිස් ඇස ඉක්මවූ, පිරිසිඳු දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද කම්වූ පරිදි පරලොව යන සත්වයන් දැනගනී.´´

´´ඎධි විෂයෙහි ධර්මය. මේ ඎධි විෂයයෝ දෙදෙනෙකි. ආශ්‍රව සහිතවූ උපධි (කෙලෙස්) සහිතවූ, ආර්යය නොවූ ඎධියක් ඇත්තේය. ආශ්‍රව රහිතවූ උපධි (කෙලෙස්) රහිතවූ, ආර්යයවූ ඎධියක් ඇත්තේය. ඇතැම් ශ්‍රමණයෙක් සිත එකඟවූ කල්හි අනේකවිධ ඎධිවිධිය ලබාද එබඳුවූ චිත්ත සමාධිය ලබයි.´´

11. ´´ස්වාමීනි, පටන් ගන්නා ලද වීර්යය ඇති ස්ථිර වීර්යයෙන් යුක්ත පුරුෂ වීර්යයේන් යුක්ත පුරුෂ පරාක්‍රමයෙන් යුක්ත මහා පුරුෂ වීර්යයෙන් යුක්ත ශ්‍රද්ධාවත් කුල පුත්‍රයෙකු විසින් පැමිණිය යුතු යමක් ඇද්ද භාග්‍යවතුන් වහන්සේ එයට පැමිණියේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හීනවූ ග්‍රාම්‍යවූ පෘථග්ජනයන්ට අයිතිවූ, ආර්යය නොවූ අනර්ථ සහිතවූ කාමසුඛල්ලිකානු යෝගයෙහි (කාම සැපයේ ඇලීමෙහි) නොයෙදුනේ වෙයි. දුක්වූ අනාර්යවූ අනර්ථ සහිතවූ අත්ථකිලමතානු යෝගයෙහි (තම ශරීරය වෙහෙසට පමුණුවා යෙදීම) නොයෙතුනේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ කාමාවචර සිත් (කාම භවයෙහි හසුරුවන්නාවූ) ඉක්ම සිටියාවූ, මේ ආත්ම භාවයෙහි සැප විහරණ ඇත්තාවූ සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නේය. පහසුවෙන් ලබන්නේය. මා අතින් අතීත කාලයෙහි සම්බෝධියෙන් මා හා සමානවූ අර්හත් සම්‍යක් සම්බුදූවරයෝ පහළවූහයි අසන ලදි. අනාගතයෙහි සම්බෝධියෙන් සමානවූ අර්හත් සම්‍යක් සම්බුදුවරයෝ පහළවන්නාහයි භාග්‍යවතුන් වහන්සේගෙන්ම අසන ලදි. භාග්‍යවතුන් වහන්සේ වෙතින්ම පිළිගන්නා ලදි. එක් ලෝකයක අර්හත්වූ බුදුවරු දෙනමක් ඉදිරි පසු නොවී උපදින්නාහුයයි යන මේ කාරණය අස්ථානයි. (සිද්ධ නොවේ) අනවකාශයි. ඊට හේතු නැතැයි අසන ලදි.´´

12. ´´ස්වාමීනි, යම් තථාගතවරයෙක් තෙමේ මහත් ඎධි ඇත්තේ, මෙබඳු මහානුභාව ඇත්තේ වේද? එමඳු තථාගතයන්ගේ මදකින් සතුටුවන බව, ලද දෙයින් සතුටුවන බව, සැහැල්ලු පැවතුම් ඇතිබව, ආශ්චර්යය අද්භූතය. එසේද වූවත් තමාගේ ගුණ ප්‍රකට නොකරන්නේය.´´

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ කැඳවූවෝය. ´´එසේ නම් ශාරිපුත්‍රය, මේ ක්‍රමය භික්‍ෂූන්ටද, භික්‍ෂුණීන්ටද, උපාසකයන්ටද, උපාසිකාවන්ටද නැවත නැවත කියව. ශාරිපුත්‍රය යම්බඳු හිස් පුරුෂයන්ගේ තථාගතයන් වහන්සේ කෙරෙහි සැකයක් හෝ විමතියක් හෝ වන්නේද ඔවුන්ගේ ඒ සැකය ඒ විමතිය මේ ධර්ම ක්‍රමය අසා නැති වන්නේය.´´

ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි සතුට පළ කළේය. එහෙයින් මේ ප්‍රකාශනයට ´´සම්පසාදනීය´´ යනුම නමෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=සම්පසාදනීය_සූත්‍රය&oldid=469861" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි