මහාචාර්ය සම්පත් අමරතුංග දැනට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රත්පධන කොමිෂන් සභාවේ සභාපති දුරය දරයි. හෙතෙම 1964 නොවැම්බර් 1 වන දින ශ්‍රී ලංකාවේ බත්තරමුල්ලේ දී ප්‍රියදර්ශනී අත්තනායක සහ සරත් චන්ද්‍රසිරි පෙරේරා අමරතුංගට දාව උපත ලැබීය. ඔහු 1970 දී කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර 1990 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් හැදෑරීමට ඇතුළත් වූ අතර එහිදී ඔහු දේශන කටයුතු ද ආරම්භ කළේය. 1994 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට ඔහුට හැකි විය

මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රථම ආර්ථික විද්‍යා ගෞරව කලා උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයෙන් ලබා ගත් අතර කලා දර්ශනවේදී උපාධිය කොළඹ විශ්වවිද්‍යාලෙනුත් විද්‍යා දර්ශනවේදී උපාධිය සහ ආචාර්ය උපාධිය ජපානයෙන් ද ලබා ගත්තේය. අවුරුදු 27 ක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සේවයේ නියතු වූ එතුමා ජපානයේ ග්‍රාමීය ආර්ථික සංවර්ධන අධිකාරියකින් පර්යේෂණ විශිෂ්ටතා ගෞරවාන්විත සම්මානය(2012) ඇතුළු සම්මාන කිහිපයක්ම දිනා ගත්තේය. මෙතුමාගේ නමට 75 කට වඩා වැඩි දේශීයව හා අන්තර්ජාතිකව නිර්දේශිත ප්‍රකාශන ප්‍රමාණයක් පවතී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ 2008 සිට 2014 දක්වා පිඨාධිපති ධුරය හෙබවූ එතුමා 2014 වසරේ උපකුලපති ධුරයට පත් වූ පසුවද පිඨයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් එතුමා ගෙන ගිය වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලදී. මෙතුමාගේ උපකුලපති ධුර කාලයේදී විශ්වවිද්‍යාලයේ පිඨ 5 පිඨ 7 ක් දක්වා ඉහළ යවමින් නව ඉංජිනේරු හා තාක්ෂණ පිඨ පිහිටුවීම සඳහා පෙරමුණ ගත්තේය.

ප්‍රකාශ සංස්කරණය

කලා අංශයෙන් උපාධි ලබාගන්නා පිරිසෙන් සියයට 70කට මෙරට තුළ රැකියා නොමැති බවත්, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම විවේචනයට භාජනයවීමට එකම හේතුව එය බවත් 2023 මාද්‍ය හමුවකදී ප්‍රකාශකරන ලදී[1]

  1. රට යන අයගෙන් උපාධියේ මුදල අයකරගැනීමේ වැඩපිළිවෙලක් (adaderana.lk)
"https://si.wikipedia.org/w/index.php?title=සම්පත්_අමරතුංග&oldid=578413" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි