වියලි කලාපයට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි පිහිටා තිබීම හේතුවෙන් මෙම දිය ඇල්ල සුවිශේෂී වේ. ඌරුබොක්ක, වලස්මුල්ල මාර්ගයෙහි රම්මල(වරාපිටිය) ග්‍රාමයෙහි පිහිටා ඇත. ඓතිහාසික රම්මලේ කන්ද රක්ෂිත වනාන්තරයෙහි නැගෙනහිර බෑවූමෙහි පිහිටා ඇති සුන්දර දියඇල්ලකි.... මහා මාර්ගය ආසන්නයේම පිහිටා තිබීම හේතුවෙන් ලඟාවීම ඉතා පහසුය. දිය ඇල්ලට පහලින් ජලකඳ හරස්කොට මනරම් ජලතටාකයක්ද ඉදිකොට ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=සපුගහදොළ_ඇල්ල&oldid=469850" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි