ජවන හා පිටිය මලල ක්‍රීඩා වලට අයත් වන තරඟ ඉසව් හතකින් මෙය සමන්විත වේ. මෙම නම සෑදී ඇත්තේ හත යන අරුත දෙන ‘හෙප්ටා’ සහ තරඟය යන අරුත දෙන ‘ඇන්ලොන්’ නම් වන ග්‍රීක වචන දෙකෙහි එකතුවෙනි. මෙම තරඟයට සහභාගී වන ක්‍රීඩකයා -හෙප්ටතලීට් ලෙස හඳුන්වයි.

සැකැස්ම සංස්කරණය

හෙප්ටැත්ලොන් කාණ්ඩ දෙකකි. පළමු වර්ගය කාන්තාවන් සඳහා වන එලිමහන් තරඟයක් වන අතර එය ඔලිම්පික් තරඟ හා අන්තර්ජාතික මළල ක්‍රීඩා සම්මේලන ශූරතාවය සඳහා පවත්වන තරඟ එකතුවකි. අන්තර්ජාතික මළල ක්‍රීඩා සම්මේලන ශූරතාවය සඳහා මෙය අවුරුදු පතා පැවැත්වේ. පහත දැක්වෙන තරඟ ඉසව් මේ සඳහා පවත්වන අතර පළමු ඉසව් හතර පළමු දිනයේ දී ද දෙවන ඉසව් 3 දෙවන දිනයේ දී ද පැවැත්වේ.

අනෙක් කාණ්ඩය පිරිමි සඳහා වන ගෘහස්ත තරඟයකි. අන්තර්ජාතික මළල ක්‍රීඩා සම්මේලනය ලෝක ගෘහස්ත මළල ක්‍රීඩා ශූරතාවය සඳහා මෙය පවත්වනු ලබයි. පහත දැක්වෙන තරඟ ඉසව් මේ සඳහා ඇතුල් වන අතර පළමු ඉසව් හතර පළමු දිනයේ දී ද දෙවන ඉසව් තුන දෙවන දිනයේ දී ද පවත්වයි. මෙම කාණ්ඩ දෙක සඳහාම ලකුණු ලබා දීම එක සමාන ලෙස සිදුවේ. සෑම ඉසව්වක දීම ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකාරීත්වය මත ලකුණු ලබා දීම සිදු වන්නේ මළල ක්‍රීඩා සඳහා වූ අන්තර් ජාතික සම්මේලනය මඟින් නිකුත් කරන ලද ලකුණු සටහනකට අනුවය. තරඟය දිනන්නේ වැඩිම ලකුණු ලබාගත් මළල ක්‍රීඩකයාය. 1980 ගණන්වල මුල් කාලයේ සිට සප්ත ප්‍රයාමය සඳහා ගැහැණු ක්‍රීඩිකාවන‍් තරඟ වදින ලදී. මූලිකව පවත්වනු ලැබූ පංචප්‍රයාම තරඟය ඉසව්වලට අමතරව මීටර 800 සහ හෙල්ල විසි කිරීමේ ඉසව් මේ සඳහා එකතු කරන ලදී. ඔලිම්පික් ක්‍රීඩා වලදි පළමුවරට මෙම තරඟය පවත්වනු ලැබූයේ 1981 වසන්ත ඔලිම්පික් ක්‍රීඩා තරඟය සඳහාය. මෑත කාලයේ දී ගැහැණු ඩිකැත්ලන් තරඟ පවත්වන ලදි. එයට අන්තර්ගතව ඇත්තේ පිරිමින් සඳහා වන තරඟ ඉසව්වේ අන්තර්ජාතික මළල ක්‍රීඩා සම්මේලනය මේ සඳහා වාර්තා සටහන් තැබීම ආරම්භ කර ඇති අතර එසේ වුව ද සප්ත ප්‍රයාම තරඟ ගැහැණුන් සඳහා වන ශූරතා මට්ටමේ තවදුරටත් තිබෙනු ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=සප්තප්‍රයාම&oldid=249475" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි