“ඇකිලීස් සහ ඉබ්බා” හි එක් යෙදුමක් මෙහි දැක්වෙන අතර අනෙකුත් යෙදුම් සඳහා “ඇකිලීස් සහ ඉබ්බා” පැහැදිලි කිරීම් බලන්න.

ඊතල විරුද්ධාභාසිකයේ එක් යෙදුමක් මෙහි දැක්වේ. වෙනත් යෙදුම් සඳහා “ඊතල විරුද්ධාභාසය පැහැදිලි කිරීම” බලන්න.


අපට සංවේදනය වන්නා වූත් අප විශ්වාස කරන්නා වූත් බහු විවිධත්වයට සහ වෙනස් වීමට සැබෑ පැවැත්මක් නොමැති බවත්, විශේෂයෙන්ම චලනය හුදෙක් මායාවක් වන බවත් ප්‍රකාශ කෙරෙන පැමිනිඩේස්ගේ ‘සියල්ල එකම වේ’ - ("all is one") යන මතවාදයට සහාය පළ කරමින් එහිලා සීනෝ විසින් ඉදිරිපත් කළ ගැටලු සමූහයක් සීනෝ විරුද්ධාභාසය නම් වේ. වෙනත් දාර්ශනිකයන් පැමිනිඩේස්ගේ මතයට එරෙහිව විරුද්ධාභාස නිර්මාණය කිරීම සීනෝ මෙම විරුද්ධාභාර නිර්මාණය කිරීමට හේතු වූ බව පොදු මතය වේ. එබැවින් මෙම විරුද්ධාභාස ඔස්සේ සීනෝ උත්සාහ කරනුයේ බහුවිවිධත්වය පිළිගැනීම ඒකීයත්වය පිළිගැනීමට ද වඩා හාස්‍යජනක බව පෙන්වීම යැයි සිතිය හැකිය. අප සීනෝ විරුද්ධාභාස විශ්වාසය කරයි නම් පැමිනිඩේස්ගේ මතවාදය අප වඩාත් වැදගත් කොට සැලකිය යුතු යැයි වරක් ප්ලේටෝ ප්‍රකාශ කර ඇත.

දැනට ඉතිරි වී ඇති සීනෝ විරුද්ධාභාසය (ඇරිස්ටෝටල්ගේ “Physics” සහ සිම්ප්ලිසිස්ගේ “commentary thereon” තුළ අන්තර්ගත) අටෙන් කිහිපයක්ම බොහෝ දුරට එකිනෙකට සම ආකාර ගනී. තවද අතීතයේ පවා ඒවා නිෂ්ප්‍රභා කිරීම ඉතා පහසු යැයි සලකන ලදී. සීනෝ විරුද්ධාභාසය අතරින් වඩාත් ශක්තිමත් සහ ප්‍රසිද්ධ වන “ඇකිලීස් සහ ඉබ්බා” “ද්විධාකරණ තර්කය” සහ ඊතලයක ගමන් මග පිළිබඳව තර්කය වඩාත් සවිස්තරව පහත ඉදිරිපත් කර ඇත.

“reductio ad absurdum” හෙවත් විසංවාදයෙන් ඔප්පු කිරීමේ ක්‍රමය සඳහා මුල්ම ආදර්ශයක් සීනෝ විරුද්ධාභාස ලෙස සැලකිය හැකි වේ. සොක්‍රටීස් විසින් යොදාගත් තර්කන ක්‍රමයට මූලාංගයන් මේවා මඟින් සපයන ලද බවත් සැලකේ.

සීනෝ විරුද්ධාභාසය ආදී සහ මධ්‍යතන යුගවල දාර්ශනිකයන්ට දැඩි ගැටලුවක් වූ අතර ඒවා සඳහා යෝජනා වූ බොහෝ විසඳුම් අසතුටුදායක බව ඔවුන් විසින් සොයාගන්නා ලදී. කලනය භාවිතයෙන් ඉදිරිපත් කර ඇති වඩාත් නූතන විසඳුම් සතුටුදායක බව සමස්තයක් ඉංජිනේරුවන්ගේ හා ගණිතඥයන්ගේ පිළිගැනීමට ලක්ව ඇත. නමුත් මෙම විරුද්ධාභාස සම්පූර්ණයෙන්ම විසඳා ඇති බව පිළිගැනීමට වර්තමානයේ පවා බොහෝ දර්ශනවාදීයෝ මැලිකමක් දක්වති. ඒ අතරම මෙම විරුද්ධාභාස සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට උත්සාහ කිරීම බොහෝ බුද්ධිමය සොයා ගැනීම්වලට හේතු වී ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. වර්තමානයේ පවා මෙම විරුද්ධාභාසවල විවිධ විචලනයන් (තොම්සන් ලාම්පුව බලන්න) පැහැදිලි කිරීමේ දී අප යොදා ගන්නා තර්කයේ යම් වැරදි තිබේ ද , එසේ නම් ඒ මොනවාද යන්න පිළිබඳ තාවකාලික හෝ ගැටලු සහගත තත්ත්ව ඇතිවීම සිදු වේ.

මෙම විරුද්ධාභාසයන්හි උපත යම්තාක් දුරට අපැහැදිලි වේ. ෆැවෝරින්ස්ට අනුව “ඇකිලීස් සහ ඉබ්බා” නම් තර්කය මුල්වරට යොදාගෙන ඇත්තේ සීනෝගේ ගුරුවරයා වූ පැමිනිඩේස් බව ඩයෝජීනස් ලාටියස් පවසයි. නමුත් පසුකාලීනව විරුද්ධාභාස සීනෝගේ නිර්මාණ බව ලාටියස් විසින්ම ප්‍රකාශ කර ඇත.


සටහන් සංස්කරණය

Zenos_paradoxes
"https://si.wikipedia.org/w/index.php?title=සනෝ_විරුද්ධාභාස&oldid=472208" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි