සතුන් පිලිබඳ නීතිය

සතුන් පිලිබඳ නීතිය ව්‍යවස්ථාපිත නීතිය සහ නඩු තීන්දුවල එකතුවෙන් නිර්මාණය වූවකි. සුරතල් සතුන්, වනසතුන්, විනෝද කර්මාන්තය සඳහා යොදාගනු ලබන සතුන්, මස් පිණිස හා පර්යේෂණ සඳහා ඇති කරන සතුන් සම්බන්ධයෙන් බලපැවැත්වෙන නීතීන් මීට ඇතුලත් වේ. සතුන් පිලිබඳ නීතිය මීට වසර 30 කට පමණ පෙර පරිසර නීතියේම කොටසක් ලෙස සැලකුනි. 1979 දී නීතීඥ ජොයිස් ටිෂ්ලර් විසින් සත්ව නීති අරමුදල ආරම්භ කරන ලද අතර එය සතුන් පිලිබඳ නීතිය ප‍්‍රචලිත කිරීම සහ සත්ව ජීවිත ආරක්‍ෂා කිරීම සහ ඔවුන්ගේ යහපත උදෙසා පිහිටුවනු ලැබූ පළවන සංවිධානය විය.

වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයේ හාර්වර්ඞ්, ස්ටැන්ෆර්ඞ්, මිචිගන් හා ඩියුක් ඇතුලූ නීති විද්‍යාල 92 ක සත්ව නීතිය උගන්වනු ලැබේ රාජ්‍ය හා ප‍්‍රාදේශීය නීතීඥයින්ගේ සංගම්වල සත්ව නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන කමිටුද වැඩි වැඩියෙන් පිහිටවෙමින් පවතී. සත්ව නීතිය සම්බන්ධ කාරණාවන් සතුන්ගේ අයිතිවාසිකම් පිලිබඳ දාර්ශනික ගවේෂණයන්ගේ සිට සතුන් භාවිතා කරන අයගේ අයිතිවාසිකම් පිලිබඳව වන ප‍්‍රායෝගික සාකච්ඡාවන් දක්වා විවිධ කලාපයන් රැසක් ආවරණය කරනු ලබයි. තෝරත, ගිවිසුම්, අපරාධ සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වැනි සාම්ප‍්‍රදායික නීති ක්ෂේත‍්‍රයන් කෙරෙහි සතුන් පිලිබඳ නීතිය බලපෑම් සහගතවී ඇත.

  • දික්කසාද හෝ නීත්‍යානුකූල වෙන්වීම්වලදී සතුන්ගේ භාරකාරත්වය පිලිබඳ ගැටලූ
  • පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය විෂමාචාරය සම්බන්ධ පැමිණිලි
  • නිවාස හිමියන් විසින් සතුන් ඇතිකිරීම තහනම් කිරීමේ කොන්දේසි වලට එරෙහිව ඉදිරිපත්වන පැමිණිලි
  • සුරතල් සතුන්ට සිදුකරන තුවාල කිරීම් හෝ මරණයට පත්කිරීම්වලට වන්දි ඉල්ලා නඩු පැවරීම්
  • ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය හා කෲරත්වයට එරෙහි නීති ආවරණය කරන අපරාධ නීති
"https://si.wikipedia.org/w/index.php?title=සතුන්_පිලිබඳ_නීතිය&oldid=472764" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි