අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ගුණ සිහි කරමින් පිහිට ලබාගමු.

අතීතය පිළිබඳ පසුතැවීම ජීවිතයෙන් පහකළා වූ අංගුලිමාල මහ රහතන් වහන්ස,

තමන්ගේ අතීතය පිළිබඳ කිසිදා සමාජයට චෝදනා නොකළා වූ අංගුලිමාල මහ රහතන් වහන්ස,

අතීතය අමතක කර සමථ - විදර්ශනා භාවනා දියුණු කළා වූ අංගුලිමාල මහ රහතන් වහන්ස,

මිනිසුන්ගේ දොස් නැගීම් හමුවේ ශක්තිමත් මානසික දියුණුවක් ඇති කරගත් අංගුලිමාල මහ රහතන් වහන්ස,

ධර්මය තුළින් ප්‍රබල පරිවර්තනයක් ඇති කර ගත් අංගුලිමාල මහ රහතන් වහන්ස,

මිනිසුන්ගේ ප්‍රහර හමුවේ ඉවසීම ප්‍රගුණ කළ අංගුලිමාල මහ රහතන් වහන්ස,

ශක්තිමත් හිතින් තමන්ගේ සියලු අබල දුබලකම් වෙනස් කර අළුත් ජීවිතයක් නඟාගත් අංගුලිමාල මහ රහතන් වහන්ස,

සියලු ලෝකයන් විදර්ශනා කර ලෝකයෙන් නිදහස් වුණා වූ අංගුලිමාල මහ රහතන් වහන්ස,

අප ජීවිත වලට ආදර්ශයක් සපයන අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ගුණ සමුදාය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් අප ජීවිත තුළ දුර්වලතා දුරුවේවා. අප ජීවිත දියුණුවේවා. අප තුළ ශක්තිමත් මනසක් ඇතිවේවා.

"https://si.wikipedia.org/w/index.php?title=සත්‍යක‍්‍රියාව&oldid=469836" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි