සත්ව භාෂාව
සතුන්ගේ භාෂාව යනු මිනිසාගේ භාෂාවන් මිනිස් නොවන සත්ව පද්ධතීන් වෙත ආදර්ශනය කිරීමයි. මෙම යෙදුම පුළුල් ලෙස යොදාගනු ලැබූවද සත්ව භාෂාව මිනිස් භාෂාව තරම් සංකීර්ණ හෝ ප‍්‍රකාශනාත්මක නොවන බව බොහොමයක් පර්යේෂකයෝ පිලිගනිති.
සමහර පර්යේෂකයින් තර්ක කරන්නේ සත්ව භාෂාව එහි සංකීර්ණතම ස්වරූපයේදී පවා සත්ව සන්නිවේදනය සහ මිනිසාගේ භාෂාව අතර සැලකියයුතු වෙනස්කම් පවතින බවයි. එමෙන්ම ඔවුන්ගේ අදහස වන්නේ මේ දෙකෙහි යටිපෙළ මූලර්මයන් අතර සම්බන්ධතාවයක් නොමැති බවය. අනෙක් අය තර්ක කරන්නේ සතුන්ගේ සන්නිවේදනය සහ මිනිසාගේ භාෂාව අතර පරිණාමීය අඛණ්ඩතාවයක් පවතින බවයි. මිනිස් භාෂාවේ පවත්නා පහත ලක්‍ෂණයන් හේතුවෙන් එය සතුන්ගේ සන්නිවේදනයෙන් වෙනස්වන බව සැලකේ.
අහඹුබව - ශබ්දය හෝ සංඥාව සහ එහි අර්ථය අතර කිසිදු තාර්කික සම්බන්ධයක් නොමැත (‘ගෙදර’ යන වචනයේ කිසිදු ‘ගෙවල්මය’ බවත් නැත).
සංස්කෘතික සමපේක්‍ෂණය - භාෂාව ව්‍යවහාර කරන එක් අයෙකුගෙන් තවත් අයෙකුට සවිඥ්ඥාණිකව හෝ අවිඥ්ඥාණිකව ගමන් කරයි.
විචාරශීලීත්වය - භාෂාව නිර්මාණය වී ඇත්තේ අර්ථය නිර්මාණය කිරීම සඳහා සංයෝජනයක් ලෙස යොදාගනු ලබන ප‍්‍රභින්න ඒකකයන්ගෙනි.
විස්ථාපනය - අවකාශයේ හෝ තාවකාලිකව වටපිටාවේ නොමැති අදහස් පිලිබඳ සන්නිවේදනය කිරීමට භාෂාව යොදාගත හැක.
ද්වෛතය - භාෂාව තල දෙකක එකවර කි‍්‍රයාත්මක වෙයි. එනම් මතුපිට තලය සහ ශබ්දාර්ථ මට්ටමයි.
පාරභාෂාමය බව - භාෂාව පිලිබඳ සාකච්ඡා කළහැකිවීම.
ඵලදායීත්වය - උච්ඡාරනයන් අතිවිශාල සංඛ්‍යාවක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන්නේ ඒකකයන් සීමිත සංඛ්‍යාවක් පමණකි.
ෆ‍්‍රැන්සීන් පැටර්සන් කෝකෝ සමග කළ පර්යේෂණ වැනි වානරයින් සමග කළ පර්යේෂණ විසින් පෙන්වා දෙන්නේ ඉහත අවශ්‍යතාවන් සමහරක් තෘප්ත කරන භාෂාවක් වානරයින් විසින් යොදාගනු ලබන බවයි. උදාහරණයක් ලෙස එක් චිම්පන්සියකු සර්පයකු දුටුවහොත් අනෙක් සියලූ චිම්පන්සීන්ට අසල ගස්වලට නැගින ලෙස අනතුරු අඟවමින් යමක් එකිනෙකට ගැටෙන ආකාරයේ පහත් හඬක් නිකුත් කරයි.
මී මැස්සන්ගේ නැටුම්වල අවකාශය පිලිබඳ විස්ථාපන අංගයන් හඳුනාගත හැක. සංඥා භාෂාව උගන්වනු ලැබූ බොහෝ වානරයින්ගේ ජනිතයින් වෙත සංස්කෘතික සමපේක්‍ෂණය සිදුව ඇත. කෙසේවෙතත් මෙම තනි තනි ලක්‍ෂණයන් පැවතීම සතුන්ට මිනිසුන් මෙන් සන්නිවේදනයේ යෙදිය හැකියැයි කීමට සුදුසුකමක් නොවේ.