කාර්මික කෘෂිකාර්මික සත්වයන්

සීමිත සත්ව පෝෂණ ක්‍රියාදාම හෝ බලවත් පශුසම්පත් ක්‍රියාදාම හෝ කර්මාන්ත ගොවිපල වලට සත්වයන් විශාල ගණනක් රදවා තබා ගත හැකිය. රටම සත්වයන්ට ගවයන්, කළුකුමන් හෝ කුකුළුන් අයත් වේ. මෙම ගොවිපල වල අරමුණ වන්නේ මස්, බිත්තර හෝ කිරි අඩුමුදලකට නිපදවිමට පශු සම්පත් එක්රැස්කර තබා ගැනීමයි.

මෙම ගොවිපල තුල විධිමත් ආහාර සැපයීම, සත්ව සෞඛ්‍ය්‍ය හොදින් පවත්වාගෙන යාම උන්ගේ වර්ධනයට අවශ්‍යය විටමින් සැපයිම රෝගනාශක ප්රතික්ෂුද්‍රජීවි (antimicrobial) පාවිච්චිය සිදුකරයි. කුකුල් මස් නිෂ්පාදනයේදී වර්ධක හෝමෝන භාවිතා නොකරන අතර යුරෝපා සංගමය තුල කිසිම සත්වයකු සඳහා මෙම හෝමෝන භාවිතා නොවේ. මස් නිෂ්පාදනයේදී අනිකුත් සතුන් හා මුහුවිම නිසා සත්වයන්ට පෙන්විය හැකි නුසුදුසු හැසිරීම් රටා පාලනය කිරීමටද පියවර ගනී. වඩා හීලෑ වර්ග බෝ කිරීමද සිදුකරයි. වඩා‍ හොඳින් ආහාර සැපයිම තුලින් බරෙහි වර්ධනයන් කිරිමද මෙහි තවත් අංගයකි.

වඩා වැඩියෙන් සත්වයන් එක්රැස් කිරිම තුලින් සත්ව අපද්‍රව්‍යය, සත්ව මරණ වැනි ආචාර විධි පිළිබඳ ගැටළු ඉස්මතු විය හැක. සත්ව අයිතීන් හා සත්ව සුභසාධන ක්‍රියාකාරීන් වඩා බලවත් සත්ව බෝ කිරීම් සත්වයන්ට කුරිරැ වන බවට ප්‍රකාශ කර සිටියි. තවත් කාරණා වන්නේ මෙමගින් වාත දුෂණය භූ ජලය අපවිත්‍ර වීම එමගින් මිනිස් සෞඛ්‍යයට බලපෑම් ඇතිවීම වැනි දේය.

මෙවන් ගොවිපල තුල ප්‍රතිජීවක විරෝධි බැක්ටීරියා වර්ධනය වීමද සිදුවේ. සත්වයන් විශාල ගණනක් කුඩා අවකාශයක සිරකර තබන නිසා ඕනෑම රෝගයක් පැතිරවේ. අවදානමක් පවතින අතර ඒ සදහා ප්‍රතිජීවක ලබාදිම සිදුවේ. මෙවන් බැක්ටීරියා වාතයට මුසුවීමෙන් මිනිසුන්ට රෝග ආසාදනය විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=සත්ත්‍ව_පාලනය&oldid=469834" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි