සතර ඉර්ධිපාද සහ සතර මාර්ග ඵල යනු දෙකකි. සතර ඉර්ධිපාද යනු, ඡන්ද, චිත්ත, වීරිය, වීමංසා යන හතරයි.

   ඡන්ද ඉර්ධිපාද යනු යම් කිසිවකට ඇති කැමැත්තයි.
   චිත්ත ඉර්ධිපාද ‍යනු, අරමුණ කෙරෙහි බොහෝ කොට නැමුණා වූ හිතයි.
  වීරිය ඉර්ධිපාද යනු අරමුණ සඳහා වූ වීර්‍යයයි.
  වීමංසා ඉර්ධිපාද යනු, විමර්ශන නුවණ නොහොත් සතර මාර්ගපඅපාය දුක්ඛයාගේ භයානකත්වය, විශාලත්වය දක්නා වූද, සංසාර දුක්ඛයාගේ විශාලත්වය දක්නා වූද, ඉර්ධියෙහි අනුසස් දක්නා වූද,  ස්කන්ධාදී ගම්භීර ධර්මයන්හි හැසිරීමට සමර්ථ  වන්නා වූද ඥාණයයි.

(පූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමියන් විසින් රචිත "බෝධිපාක්ෂික ධර්ම විස්තරය" ග්‍රන්ථය ඇසුරිනි)

සම්බෝධියට පැමිණීමේ අදිය‍ර හතර සංස්කරණය

පුද්ගලයෙකු අරහත් බවට පැමිණෙන මාර්ගයේ අදියර හතරක් මෙසේ නම් කොට ඇත.

1‍. සෝතාපන්න
2‍. සකෘදාගාමි
3‍. අනාගාමි
4 .අරහත්

බෞද්ධ සහ ථේරවාද ධර්මය ඉගැන්වෙන පාසල්වල ඉහත සඳහන් අදියර බෞද්ධාගම පහුණු කිරීමේදී ප්‍රධාන වස්තු මාත්‍රයක් කර ඇත.

සාමාන්‍ය පුද්ගලයා

සාමාන්‍ය පුද්ගලයෙක් සංසාරයේ ඇති වන නිමක් නැති වෙනස් කම් වලට මූහුණ දිය යුතු වේ. ඔවුන් කරන හොඳ හෝ නරක ඔන්ගේ කර්මයට බලපානු ඇත. එසේ හෙයින් ඔවුන්ගේ කර්ම ශක්තියට අනුකූලව සුගතියක් හෝ දුගතියක ඔවුන් උත්පත්තිය ලබන්නෝය. සාමාන්‍ය පුත්ගලයෙකුට තමන්ගේ සිත පාලනය කිරීමට නොදන්නා හොයින් ඔවුන් අතින් විශාල පාප කර්මයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ කෙරෙනු ඇත. ධර්මය නියම ආකාරයෙන් වටහා ගන්නට නොහැකි නිසා ඔවුන් බොහෝ දුක්ඛයන්ට මූහුණ පාන්නෝය.

ප්‍රශස්ත පුද්ගලයා

මෙම පුද්ගලයින් අව්‍යාජ බෞද්ධයෝ වෙති. ඔවුන් ආර්‍ය පුද්ගල යනුවෙන්ද හඳුන් වනු ලැබේ. තවද ඔවුන් ආත්ම හතක් ඇතුළත අරහත් භාවයට පත් වන බව සඳහන් වේ. “ඕනෑම ප්‍රජාවක ‚ තථාගතයන් වහන්සේගේ අනුගාමික සංඝයා වහන්සේලාට හිමිවන්නේ උත්තරීතර ස්ථානයකි. එසේ හෙයින් සංඝයා වහන්සේලාට අනුගමනය කරන පුද්ගලයින් අනුත්තර ධර්මයෙහි ශ්‍රද්ධාව ක් ඇත්තේය.” ආර්‍ය සංඝයා වහන්සේලා ශ්‍රාවක කණ්ඩායම් හතරකට බෙදා ඇත. ඒ පහත සඳහන් අයුරින්ය.

1 සෝතාපත්තියට පැමිණි ශ්‍රාවකයින්
2 සකෘදාගාමියට පැමිණි ශ්‍රාවකයින්
3 අනාගාමියට පැමිණි ශ්‍රාවකයින්
4 අරහත් භාවයට පැමිණි ශ්‍රාවකයින්


1 සෝතාපත්තියට පැමිනි අයෙක් ආත්ම හතක් ඇතුළත අනිවාර්‍යයයෙන් අරහත් භාවයට පත්වන බව සඳහන් වේ. ඒ වාගේම ඔවුන් කිසිම ආත්මයක දුගතියක උත්පත්තිය නොලබන්නෝය. මෙම පුද්ගලයින් ඉතාමත් උසස් සිල්වන්ත පුද්ගලයෝ වෙති.
2 දෙවෙනි අදියර වන්නේ සකෘදාගාමි භාවයයි. මෙම තත්ත්වයට පැමිණි පුද්ගලයා මනුෂ්‍ය ලෝකයේ නැවත එක් වතාවක් උපදී. ඒ අරහත් භාවය ලැබ ගැනීම සඳහාය.
3 තුන් වන අදිර වන්නේ අනාගාමි භාවයයි. මෙම පුද්ගලයින් නැවතත් මිනිස් ආත්මයක් නොලබන්නේය. ඒ වාගේම ඔවුන් ඊට පහත ආත්මයක් ද නොලබන්නේය.
4 හතරවන හෝ අවසාන අදියර වන්නේ අරහත් භාවයයි. මෙම භාවයට පත් පුද්ගලයින් මරණින් මතු උත්පත්තියක් නොලබන්නේය.

සටහන් සංස්කරණය

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Four stages of enlightenment
"https://si.wikipedia.org/w/index.php?title=සතර_සෘධිපාද&oldid=625629" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි