සොතාපන්න වීම සඳහා අත්හලයුතු ත්‍රිවිද සංයෝජන ධර්ම වලින් එක් අංගයකි. සක්කාය දිට්ඨිය යනු කුමක්දැයි නිවැරදිව අවබෝධ කර නොගෙන මාර්ඝඵල ලැබීම කල නොහැකිය. සක්කාය දිට්ඨිය පිලිබඳ නිවැරදි විග්‍රහය සක්කාය දිට්ඨි සුත්‍රයේ දැක්වේ. එය ඉතාම සරලව පැහැදිලි කර දිය හැකිවේ.

බුදු රජාණන් පහල වීමට පෙර පැවතියේ ආත්ම වාදයයි. විවිධ ධ්‍යානලාභී ශාස්තෘ වරුන් පෙර හා පසු ආත්මයන් හා එම ආත්මයන් වලදී එකිනෙකා ගතකල ජීවිත පිළිබඳව නිවැරදිව දක්ක්නා ලදී. ඔවුන් මරණයෙන් පසුව නැවත ආත්මයක් අනිවාර්යයෙන් ඇතැයි පසක්කොට පවසන ලදී. මතු ආත්මය සැපවත් කරගැනීම පිනිස සමත භාවනා කොට ධ්‍යාන ලබන ලදී. මෙයින් සැපක් සුගතියක් අත්වන බව විශවාස කරන ලදී. මෙය සරලව සක්කාය දිට්ඨියයි.

නමුත් බුදු රජාණන් වහන්සේ ආත්මය යන්න විග්‍රහ කිරීමට භවය යන වචනය යොදාගෙන භවය ඇතිවීම පිළිබඳව ගැඹුරු දහමක් දේශනා කරන ලදී. නැවත භවයක් ඇතිවන්නේ හේතුන් නිසා බවත් එම හේතුන් ඉවත් කිරීමෙන් නැවත භාවය සකස් නොවන බවත්, එම භවය ඇතිකරන හේතුන් ඉවත් කරන ක්‍රමවේදයත් පැහැදිලිව විග්‍රහ කරන ලදී. භාවය ඇතිකරන හේතුන් නම් රාග ද්වේශ හා මෝහයයි. රාගය දේවේශ හා මෝහය ඉවත් කිරීමෙන් භවය ඇතිවීම මුළුමනින්ම නැතිකළ හැකි ක්‍රමවේදය බුදුරජානන් වහ්සේ නිවැරදිව විස්තරකොට ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රමවේදය ලෙස සතර සතිපට්ඨානය හඳුන්වාදෙන ලදී.


සක්කාය දිට්ඨිය

රුපය තමාලෙස (ආත්මය) ගැනීමද , තමා (ආත්මය) සැදී ඇත්තේ රුපයෙන්ය යි සිතීමද , රුපය ඇත්තේ තමා (ආත්මය) තුල යැයි සිතීමද , තමා (ආත්මය) සිටින්නේ රුපය තුල යයි සිතීමද යනායුරින් වේදනා, සංඥා, සංකාර, විඥඥාන යන පංචස්කන්දය දෙස ආත්ම වසයෙන බැලීම විසි වැදෑරුම් වූ සක්කායදිට්ඨිය වේ. (නකුල පිතු සුත්ත)

සෝවන් මගට පිවිසෙන ආර්ය ශ්‍රාවකයා ප්‍රථමයෙන් මේ සක්කාය දිට්ඨිය අවබෝදයෙන් දුරුකටයුතුවේ.

ආර්ය ධර්මය නොදන්නා ආර්ය ධර්මයතෙරුන්ගත නොහැකි ආර්ය ධර්මයෙහි නොහික්මුණු අශ්‍රුතවත් පෘතග්ජන පුද්ගලයා මේ සක්කාය දිට්ඨියෙහි තදින් ඇලි සිටිත්.

ආර්ය ධර්මය දන්නා ආර්ය ධර්මය අවබෝදකරගැනිමෙහි දක්ෂ ආර්ය ධර්මහි යෙහි හික්මුණු ශ්‍රතවත් ආර්ය ශ්‍රාවක තෙමේ සක්කාය දිට්ඨිය අවබෝදයෙන් දුරුකරගැනීමේ සමත් වේ.

හේතු ඵල දහමට අනුව සක්ඛාය දිට්ඨිය දැඩිව ගැ නිම නිසා ම අප මෙතෙක් සංසාරයේ දුක් විඳිමින් යන ගමන අවසන් කරගත නොහැකිව සිටින බව ප්‍රඥාවන්ත පුද්ගලයාට අවබෝධ කරගත හැක.

"https://si.wikipedia.org/w/index.php?title=සක්කාය_දිට්ඨිය&oldid=469825" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි