සංස්ථාවල නොවිසඳුනු අර්බුද

පවතින සංස්ථා නව අදහස් මෙන්ම අලූත් ආකෘතීන් ප‍්‍රවර්ධනය කරන විට, උසාවි ප‍්‍රතිඋත්තර දෙන අවස්ථාවලදී සහ ආණ්ඩුව විසින් අලූත් නියෝග නිකුත් කරන අවස්ථාවලදී ව්‍යවස්ථාවට අලූත් තත්ත්වයන්ට මුහුණදීමට සිදුවේ. එවැනි තත්ත්වයන්ට ප‍්‍රතිචාර දක්වමින් සංස්ථාවේ ස්වභාවය ටිකෙන් ටික වර්ධනය කරගැනීම නොකඩවා සිදුවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටළුවක් වනුයේ එහි වගකීම්වල විසිරීගිය භාවයයි. නිදසුනක් ලෙස යම්කිසි සංස්ථාවක් මරණයක් සඳහා වගකිවයුත්තෙක් සොයන විට, ඒ වරදට අදාල දඩුවමට සංස්ථාවේ කොටස් හිමියන්, අධ්‍යක්ෂවරුන්, කළමනාකරුවන්, කාර්ය මණ්ඩලය සහ සංස්ථාව අතරින් කවුරුන් හට එය ලබාදිය යුතු දැයි වෙන් කරනු ලබන්නේ කෙසේද යන ප‍්‍රශ්නය දැක්විය හැක. එවිට ආයතනික වගකීම් දෙස බලන්න. විශේෂයෙන් සංස්ථාපිත අපරාධ දෙස නිවැරදිව බලන්න. අධිකාරී බලයත් අතරේ තිබෙන නීති අසමාන වන අතර ඒවා නිරන්තරයෙන් වෙනස්වත තත්ත්වයක් යටතේ පවතී. සමහර අය තර්ක කරනුයේ ඉහත ආකාරයේ සිදුවීම්වලදී අවසාන වශයෙන් වගකිව යුත්තේ කොටස් හිමියන් බවටයි. තව ද ඔවුන් කොටස් හිමියන්ට බලකර සිටින්නේ තමන් ආයෝජනය කරන අවස්තාවන්හිදී ලාභයට වඩා ප‍්‍රශ්න ගැන සැලකිලිමත් විය යුතු බවයි. එසේ නමුත් සංස්ථාවක් සතුව එහි ව්‍යාපාරික කටයුතු ගැන කිසිදු දෙයක් නොදන්නා මිලියන ගණනක් කොටස් හිමියන් සිටිය හැක.


නිරුක්තිය

සංස්කරණය

ලතින් භාෂාවේ ඇති කෝපස් යන වචනයෙන් බිඳී ආ යන වචනයෙන් නියෝජනය කරන අර්ථය වන්නේ ”මිනිස් සිරුරක්” යන්නයි. එනම් තනි පුද්ගලයෙකු ලෙස කි‍්‍රයා කිරීමට හැකි බලයලත් පුද්ගල කණ්ඩායමක් යන්නයි. පුද්ගල කන්ඩායමක් හැඳින්වීම සඳහා ,යුනිවර්සිටි, යන වචනයද භාවිත කළ හැකි නමුත් අද වන විට එය භාවිත කරන්නේ විශේෂයෙන් උගත් පිරිසකගෙන් යුත් කණ්ඩායමක් සඳහායි. මහා බි‍්‍රතාන්‍යයේ සහ අයර්ලන්තයේ සංස්ථාව ("කෝපරේෂන්") යන වචනය භාවිත කළේ ලන්ඩනයේ පාලන කොට්ඨාශයක් හෝ නගරයක් භාරව සිටි දේශීය ආන්ඩුවේ නියෝජිත පිරිසටය. 1970 දී බි‍්‍රතාන්‍යයේ සහ 1990 දී අයර්ලන්තයේ සමුහාණ්ඩුවේ ආණ්ඩු ප‍්‍රතිසංස්කරණය වීම තුළ ”සංස්ථාව” (කෝපරේෂන්) යන වචනය වෙනුවට ”සභාව” (කවුන්සිල්) යන වචනය භාවිත කරන ලදි. එහි තිබෙන එකම සංස්ථා දෙක වන්නේ සිටි ඔෆ් ලන්ඩන් කෝපරේෂන් සහ ලාෆන් කෝපරේෂන් යන ඒවායි.

මූලාශ්‍ර

සංස්කරණය

http://en.wikipedia.org/wiki/Corporation#Unresolved_issues