සංස්කාරක ප්‍රවේශය හා වෙළඳ පොළ ස්ථානය

සඟරාවෙහි වෙළඳ පොළ ස්ථානය සලකමින් සිදු කරන සංස්කාරක තීරණ කවරයේ සිටින කාන්තා රුව මත ඇති කරන ප්‍රධාන බලපෑමකි.

සුපිරි නිරූපිකා ජිසෙල්, විලසිතා සඟරා කවර වල වැඩි වශයෙන් දැකිය හැකි රුවකි.

20 වන සියවසේ දී බොහොමයක් කාන්තා සඟරා ඔවුන්ගේ පිටකවරවල රාජකීයත්වය හෝ රදළත්වය ප්‍රදර්ශනය කරන ලදී. 1980 හා 90 ගණන්වල දී ඩයනා, වේල්ස් හි රජ කුමරිය වඩා ජනප්‍රිය තෝරා ගැනීමක් විය. නමුත් ඒවා සති අන්ත පුවත්පත්වලට වූ අතර ඒවා ඡායාරූපගත කර තිබුණේ පැපරාසීන් විසිනි. එමනිසා ඒවා කවර ගැහැණු ළමයින් (Cover Girl) ඡායාරූප නොවීය. කෙසේ නමුත් ඩයනා, බියට්රිස් රාජකුමාරිකාව හා දෙවන එලිසබත් රැජින වැනි රාජකීයන්ගේ අවසර ලත් ඡායාරූප වෝග්, ටැට්ලර් හා හාපර්ස් බාසාර් වැනි සඟරා සඳහා ගෙන තිබුණි. 1990 දී උපයෝජනය පිළිබඳ වූ මහජන චෝදනා හැරුණුකොට ප්‍රකාශකයන් හැකි සෑම විටම රාජකීයත්වයයොදා ගැනීමෙන් වළක්වා නොතිබිණි. සුපිරි නිරූපිකාවක වන ජිසෙල් බූන්ඩ්චෙන් විලාසිතා සඟරා කවරවල දැකිය හැකි වඩාත් ජනප්‍රිය මුහුණකි.

1980 ගණන්වල දී ආරම්භ වු නව පිරිමි විලාසිතා සඟරා (Arena හා Gentlemen’s Quarterly වැනි) තම කවරයේ කාන්තාවන් නිරූපණය කළේ ඉතා දුලබව වන අතර එලෙස යොදා ගත් අවස්ථාවලදීද ඒවා යොදා ගෙන තිබුණේ ලිංගිකව උත්තේජනය නොකරන අයුරිනි. එස්කවයර්ගේ ප්‍රථම සංස්කරණයේ බ්‍රිජෙට් බාඩොට්ගේ ඡායාරූපයක් ඇතුළත් වූ අතර ඇය වයස අවුරුදු 30කටත් වඩා වැඩි කාන්තාවකි. කෙසේ නමුත් මෙම ප්‍රවණතාවය 1990 ගණන්වල දී වෙනස් විය. ඒ UK හි Loaded හා FHM මඟිනි. GQ හි UK සංස්කරණය මෙම ප්‍රවණතාව අනුගමනය කිරීමට පෙළඹුණි.

එස්ක්වයර්හි (Esquire) UK සංස්කාරකවරයා වූ පීටර් හොවාත් එහි පිට කවරයෙන් අඩ නිරුවත් කාන්තා ඡායාරූපයක් ඉවත් කර නැවතත් සඟරාව තරඟයෙන් වෙනස් කිරීමට පියවරක් තැබීය. මෙහි ප්‍රතිඵලය වූයේ වෙළඳාමෙහි බිඳ වැටීමක් වුවත් ප්‍රචාරණ ආදායමෙහි වැඩි වීමකි. එහි දී සඟරාවට පෙරට වඩා වැඩිපුර ඉහල අන්තයේ නිෂ්පාදනය සඳහා ප්‍රචාරකවරුන් ආකර්ෂණය කර ගැනීමට හැකි විය.

1980 පසු භාගයේ හා 90 ගණන්වල මුල් භාගයේ දී ජනප්‍රිය සංස්කෘතියේ ආරම්භයත් සමඟ සඟරා පිටකවරවල (විශේෂයෙන් විලාසිතා සඟරාවල) නිළියන් පෙනී සිටීම ආරම්භ විය. මෙය ඇති වීමට ඇත්තේ සාම්ප්‍රදායික නිරූපිකාවන් හා නිළියන් අතර විශාල මාධ්ය තුළ වූ අභිසාරීතාව නිසාය. 1980 ගණන්වල දී විශාල වශයෙන් සුපිරි නිරූපිකාවන් හරහා නිරූපිකාවන් උසස් ස්ථානයක් හිමි කර ගන්නා ලද අතර ඔවුන් ජනප්‍රිය පුද්ගලයන් බවට පත් විය. ඒ අතරතුර නිළියන් විලාසිතා සඟරාවලට පෙනී සිටියේ ඔවුන්ගේ වෘත්තීය ජීවිතයට හා මුළු කාර්ය භාරයට වන ප්‍රයෝජනය නිසාය. මීට අමතරව නිරූපිකාවන් විශාල සංඛ්යාවන් රංගනය සඳහා ද යොමු විය. අවසාන වශයෙන් මෙමඟින් විකිණීම පිළිබඳ ගැටළුවක් පැන නැඟිනි. එනම් හඳුනන මුහුණකින් යුත් සඟරාවක් වැඩි විකිණීමක් වාර්තා කරන ලදී.

නිරූපිකාවක් තෝරා ගැනීම අදාල සඟරා විකුණන වෙළඳ පොළ ප්‍රදේශයේ අදාල තැනැත්තාගේ ජනප්‍රියතාව මත රඳා පවතී. උදාහරණයක් ලෙස Lucire Romania විසින් දේශීය කවර ගැහැණු ළමයෙකු වූ (Cover Girl) මොනිකා ගේබර් යොදා ගැනීමත් සමඟ නවසීලන්තයේ මාස්ටර් එඩිෂන් හි ඡායාරූප යොදා ගන්නවාට වඩා වැඩි විකිණීමක් වාර්තා කළේය.

සඟරා කවර සඳහා මිත්රශීලී බව සැලකිය යුතු අංගයක් වන නිසා සුපිරි නිරූපිකාවන් හා ජනප්‍රිය පුද්ගලයින් ඡායාරූපවලට පෙනී සිටීම සඳහා විශාල මුදලක් අය කළ හැකි නිසා අයෙකුගේ රූපය වැඩිපුර අනාවරණය කිරීම හා බාල කිරීමේ ගැටළුවක් සැමවිටම පවතී. උදාහරණ ලෙස සියළු පිටකවරවල පාහේ නිරූපණය වන්නේ ජනප්‍රිය පුද්ගලයන් අතලොස්සක් පමණක් නම් වෙනස් විම අවම වන අතර සෛද්ධාන්තිකව එමනිසා වැඩිපුර නොදන්නා මුහුණු ප්‍රදර්ශනය කිරීමේ ප්‍රවණතාවක් ඇති විය හැක.

වසර 2000 ගණන්වල දී සමහරුන් උපකල්පනය කර තිබුණේ අධි නිරාවරණය හා වර්ධනය වන ශ්වනවාදය නිසා විලාසිතා සඟරාවලින් නිළියන් හා ජනප්රිය පුද්ගලයින් නැතිවී යනු ඇති බවයි. කෙසේ නමුත් InStyle වැනි ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පිටකවර යොදා ගන්නා සඟරාවල සාර්ථකත්වයත් සමඟ අදාල උපකල්පන දශකයේ මැද භාගයේ දී සිදු වන බවට කුඩා සාධකයක් විය.

රූප සංස්කරණය සංස්කරණය

රූප සංස්කරණය යනු ප්‍රචාරණයේ දී හා ප්‍රකාශනයේ දී හා කවර ඡායාරූපවල දී ඡායාරූප සඳහා යොදා ගන්නා පොදු ක්‍රියා පිළිවෙලකි. රූප සංස්කරණය යනු විලාසිතාකරණයේ හා තෝරා ගැනීමේ ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් වන අතර එමඟින් කාන්තාවන්ගේ පෙනී සිටීම්වලට අදාල ගැටළු සම්බන්ධ විවාදවලට ආරම්භය සපයා දේ. මතභේදාත්මකලෙස ප්‍රචාරණය හා කවර ඡායාරූප, සමෙහි අවපැහැ ගැන්වීම් හා ඇස් යට කළු වීම් ඉවත් කරන, සමෙහි වයනය සුමුදු කරන හෝ දීප්තිමත් බව වැඩි කරන ක්රම හරහා සමහරක් විට ලබා ගත නොහැකි පරිපූර්ණ ලස්සන චිරස්ථායී කිරීමට උදව් විය හැක.

සමහරක් ව්‍යාපාර මඟින් නැවත සකස් කරන ලද ඡායාරූප වඩාත් හොඳින් අදාල වස්තුව නිරූපණය කරන බව පවසමින් ප්‍රතිවිරුද්ධ අදහසක් ඉදිරිපත් කරයි. සිද්ධාන්තය වන්නේ පුද්ගලයෙකුගේ සහභාගීත්වයෙන් වන එකක දී අයෙක් විසින් ඔහුගේ හෝ ඇයගේ අවපැහැ ගැන්වීම් නිරීක්ෂණය නොකිරීමයි. එමනිසා නැවත සකස් කිරීම මඟින් වස්තුවෙහි ශක්තිය ප්‍රතිස්ථාපනය කරනු ලබයි.

References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Cover_girl#Editorial_approaches_and_the_market-place