සංවර්ධනාත්මක මනෝ විද්‍යාවේ ඉතිහාසය

නූතන මනෝ විද්‍යාවේ වර්ධනය සාම්ප්‍රදායික පුරාණ ශ්‍රේෂ්ඨ පුද්ගලයින් වන ඇරිස්ටෝටල් , ටබාරි (Tabari) , රේසස් (Razes) , අල්හසන් වැනි මුල් පුරුක්වලින් පෝෂණය වේ. විලියම් ශේක්ෂ්පියර් විසින් රචිත ඛේදාත්මක චරිතයක් වන Jacques හි මිනිසා චරිතයේ අවස්ථා 7ක් එකිනෙකට සම්බන්ධ කරයි. 18 වන සියවසේ මැද භාගයේ දී ජීන් ජැකස් රූ‍සෝ විසින් ළමාවියේ අවධි 3ක් විස්තර කර ඇත. එනම් ළදරු විය , ළමා අවධිය සහ තරුණ අවධිය. මෙම පැහැදිලි කිරීම් එම කාලයේ අධ්‍යාපනඥයින් විසින් බොහෝ සේ යොදාගෙන ඇත.

19 වන සියවස අගභාගයේ දී ඩාවින්ගේ පරිණාමවාදය කළ එළි බැසීමත් සමඟ මනෝ විද්‍යාඥයින් මනෝ විද්‍යාවේ වර්ධනයේ පරිණාමය වශයෙන් පැහැදිලි කිරීමක් සෙවීමට උත්සාහ දරණ ලදී. ප්‍රධාන වශයෙන් ජේ.ස්ටැන්ලි හොල් විසින් ළදරු අවධියේ විවිධ වයස් කාණ්ඩ පුරාණ මානව වර්ගයාගේ පරිණාමය සමඟ සම්බන්ධ කිරීමට ප්‍රයත්නයක් දරණ ලදී.

ජේම්ස් මාර්කි බෝල්ඩ්වින් විසින් රචිත “ළමුන්ගේ සහ ආගමේ මානව වර්ධනය සහ විඥාණයේ ඉතිහාසය” කෘතිය මඟින් වඩා විද්‍යාත්මක ප්‍රවේශයක් මේ සඳහා ආරම්භ කරන ලදී. සිග්මන්ඩ් ප්‍රොයිඩ් විසින් ‍මානව ලිංගිකත්වයේ ප්‍රධාන අවස්ථා 5ක් එකිනෙකට සම්බන්ධ කරන ලදී. පසුව රැඩොල්ප් ස්ටෙයිනර් මිනිස් ජීවිතයේ මනෝ විද්‍යාත්මක වර්ධන අවස්ථා එකිනෙකට සම්බන්ධ කරන ලදී. මෙහි මුල් අවස්ථා 3 පිගට් පසුව විස්තර කරන ලද ළමා අවධියේ අවස්ථා සමග ඉතා ළඟින් සම්බන්ධ වේ. මෙය ස්ටෙයිනර් විසින් 1991 ළමා අධ්‍යාපනය නැමැති ප්‍රකාශනය මඟින් එළි දක්වා ඇත. 20 වන සියවසේ මුල් සහ මැද භාගයේ දී විගොට්ස්කි සහ පියාජෙ ගේ අධ්‍යාපන කටයුතු මඟින් මෙම විෂය පථයේ ප්‍රබල ප්‍රත්‍යක්ෂ මූලක සම්ප්‍රදායක් ගොඩ නඟන ලදී.


http://en.wikipedia.org/wiki/Developmental_psychology#History_of_developmental_psychology