සම්බන්ධක පුරා විද්‍යාව
සම්බන්ධක පුරා විද්‍යාව යනු සාම්ප්‍රදායික පුරා විද්‍යාවේ හා මානව විද්‍යාවේ යන දෙකෙහිම අවයව සංයුක්ත කරන 1940 දශකයේ දී වෝල්ටර් ටේලර් විසින් දියුණු කරන ලද අතීතය පිළිබඳ අධ්‍යයනය කිරීමේ ක්‍රමයකි. එය ටේලර්ගේ A Study of Archaeology ග්‍රන්ථයෙන් හොඳින් නිරූපනය වේ. (1948, ඇමරිකානු මානව විද්‍යා සංගමය, නිබන්ධනය 69)
ටේලර් විසින්, අතීතයේ සාකල්‍ය දර්ශනයක් සැපයීම සඳහා ආහාර, ජනාවාස රටා, මෙවලම් හා අනෙක් අවයව පිළිබඳ අධ්‍යනය සංයුක්ත කරන සංයුක්ත විෂය පථයක් ලෙස පුරා විද්‍යාව දකින ලදී. මෙම ප්‍රවේශය ටේලර්ගේ ඔහුගේ කාලයේ ප්‍රසිද්ධ පුරා විද්‍යාඥයන් පිළිබඳ විවෘත හා විශේෂිත විවේචන සමඟ එම කාලයේ සිට බොහොමයක් පුරා විද්‍යාඥයන් අතර කැළඹීමක් ඇති කරන ලදී. නමුත් වර්තමානයේ ටේලර්ගේ ප්‍රවේශය මෙම විෂය පථය තුළ සම්මත ක්‍රියාවක් වේ.
විෂය පථය අත්පත් කරගෙන සිටි පුරා විද්‍යාවට වූ විස්තරවලින් යුත්, ඓතිහාසික ප්‍රවේශය විවේචනය කළ පළමුවැන්නන්ගෙන් කෙනෙක් වූයේ ටේලර්ය. පැටී ජෝ වොට්සන්ට අනුව ටේලර්ගේ අරමුණ වූයේ නරක දෙයක් ඇති කිරීම නොව ඇමරිකානු පුරා විද්‍යාඥයින්ගේ විසින් සිදු කළ ඉලක්ක අරමුණු හා අභිමතාර්ථ ඉටු කිරීමයි. (1983, A Study of Archaeology හි 1983 සංස්කරණයට පෙරවදන. පුරා විද්‍යාත්මක ගවේෂණ සඳහා වූ මධ්‍යස්ථානය, දකුණු ඉලිනොයිස් විශ්ව විද්‍යාලය, කාබන් ඩේල්)