සංදේශය සංස්කරණය

තිරගත වූ දිනය – 1960 මාර්තු 30
නිෂ්පාදනය – කේ. ගුණරත්නම් සිනමාස් නිශ්පාදනයකි
අධ්‍යක්ෂණය – ලෙස්ටර් ජේම්ස් පීරිස්
කතාව – තිර රචනය – ලෙස්ටර් ජේම්ස් පීරිස්, බෙනඩික්ට් දොඩම්පේගම, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
දෙබස් – කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
කැමරාකරණය – විලී බ්ලේක්
සංස්කරණය – ටයිටස් තොටවත්ත
කලා අධ්‍යක්ෂණය – ආරියවංශ වීරක්කොඩි
ගී තනු නිර්මාණය – සුනිල් සාන්ත
සංගීත සංයෝජන සහ අධ්‍යක්ෂණය – ආර්. මුත්තුසාමි
පසුබිම් සංගීතය – කේ. ඒ. දයාරත්න
ගීත පදමාලා – අරිසෙන් අහුබුදු

රඟපෑ නළු නිළියන් සංස්කරණය


ආනන්ද ජයරත්න – බණ්ඩාර රාළ
කාන්ති ගුණතුංග – සුමනා
ගාමිණී ෆොන්සේකා – තම්මිට
ආතර් වැන්ලැන්බර්ග් – කපිතාන්
රෙග් වැන්කියුලන්බර්ග්- ලයිතාන්
අයිරාංගනී සේරසිංහ – යසෝහාමි
එඩී ජයමාන්න – රපියෙල්
හියුගෝ ප්‍රනාන්දු – සලප්පු ආරච්චි
බන්දු ගුණසේකර – පුංචප්පු
සහ ශේන් ගුණරත්න, ඩේවිඩ් ධර්මකීර්ති,ඇන්තනි සී. පෙරේරා, ශාන්ති ලේඛා, වින්සන්ට් වාස්,තිලකසිරි ප්‍රනාන්දු තිස්ස උඩංගමුව රංගනයෙන් දායක වූහ
ශාන්ති කුමාර් ‍අධ්‍යක්ෂනය කල 1947 අප්‍රේල් 09 දින ප්‍රදර්ශනය කල අ‍ශෝකමාලා පලමු ඓතිහාසික පුවතක් රැගත් සිනමා පටය විය. 1959 අප්‍රේල් 18 ප්‍රදර්ශනය කල එස්.කේ.ඕජා ‍ ‍අධ්‍යක්ෂනය කල දෛවයෝගය දෙවැනි ඓතිහාසික පුවතක් රැගත් සිනමා පටය විය. සිනමාවට නැගුන ඓතිහාසික කතා පුවතක් රැගත් තෙවැනි සිංහල චිත්‍රපටය සංදේශයයි
බෙලිහුල්ඔය දී රූ ගත කිරීම් ප්‍රධාන වශයෙන් සිදු කරනු ලැබූ අතර මල්වාන,මැණික්කඩුව යන ප්‍රදේශවල දී ද රූගත කිරීම් කරන ලදී. මෙයට අමතරව කඳානේ එස්.එම්.පී. චිත්‍රාගාරයේදී ද රූගත කිරීම් සිදු කරන ලදී. මේ සඳහා මාස අටක පමණ කාලයක් ගතවිය.
මෙම චිත්‍රපටයේ ප්‍රදර්ශන පිටපත් සහ දලසේයාපට හැඳල විජය චිත්‍රාගාරයේ ගබඩා කර තිබූනි. 1983 ජූලි මාසයේ දී ජාතිවාදීන් විජය චිත්‍රාගාරය ගිනිතබා විනාශ කරන ලදී. සංදේශය. ධීවරයෝ සහ තවත් සිංහල සිනමාපට විශාල සංඛ්‍යාවක් ගින්නට හසු විය. මින් සිංහල සිනමාවට සිදුවූ හානිය අති මහත්ය. චෙකොස්ලෝවැකියාවේ සිනමා උළෙලකට ඉදිරිපත් කල සංදේශයේ පිටපතක් එහිඇතැයි වාර්තා වන නමුත් එය ගෙන්වා ගැනීමටද කිසිවකු උනන්දු නොවේ.

"https://si.wikipedia.org/w/index.php?title=සංදේශය&oldid=469811" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි