සංචාරණයේ නව ප්‍රවණතා

සංචරණය යන්න අතීතයේ පටන් සිදුවන්නකි.එදා ස්ථානයකින් ස්ථානයකට පැමිණීම තරම් සංචරණය සරල දෙයක් වුවද නව ලොවතුලදී එය කර්මාන්තයක් ලෙස ගත්කල එය වඩාත් සංකීරණ වී ඇත. නව ගොලීයකරණය හමුවේ සංචාරක කර්මාන්තයද එකතැන් වන කර්මාන්තයක් නොවී නව ප්‍රවණතා මගින් ඉදිරියට පැමිණ ඇත.එබැවින් සංචාරක කර්මාන්තයද අතීතයේ පටන් දියුණු වෙමින් මෙම යුගය වනවිටදී අනිකුත් ක්ෂේත්‍රයන් සමග සම්බන්දවී ඉදිරියට යන කර්මාන්තයක් ලෙස හැදින්විය හැකිය.

     අතීතයේදී සංචරණය පටු සීමාවන්ට කොටු වූ දෙයකි. එය කර්මාන්තයක් ලෙස දියුණු වී නොතිබූ අතර සංචාරකයා දේශීය හා විදේශීය ස්ථානයන්ට ගොස් තම නිවාඩුව ගතකර නැවත පැමිණීම තරම් එය සීමා සහිත විය.එදා සංචාරකයා විදේශ රටකට පැමිණියේ එරට ඇති දේශගුණය විදගනීම හා ඒ ඒ රටවල උරුමයන් බලාගැනීම වැනි සම්ප්‍රදායික අරමුණු සදහාය .නමුත් මෙම සාම්ප්‍රදායික කම තුලින් ඇත්වී වර්තමානයේ එය නව ප්‍රවණතා අනුව ඉදිරියට යාමක් දක්නට ලැබේ.වර්තමාන සංචාරකයා පැමිණෙනුයේ ඉහත කී සාම්ප්‍රධායික කරනා සදහා නොවන අතර ඔහුට ආවේනික වින්දනය සොයා ඔහු පැමිණෙනු ඇත.එබැවින් ඔහුගේ අපේක්ෂා ඉටු කිරීම සදහා සංචාරක කර්මාන්තය සාම්ප්‍රදායික රාමු තුලින් ඉදිරියට පැමිණිය යුතු වේ.එබැවින් හුදු නරබුම් සංචාරයකට සේවා සැපයීමෙන් ඈත් වී සංචාරක කර්මාන්තයේ නියෙලෙන්නන් විවිධාන්ගීකරණය වූ සංචරණ ප්‍රවණතා අනුව සේවා සැපයීමට වගබලා සිටී. එසේ නව ප්‍රවනතාවන් මෙලෙස දැක්විය හැකිය.


ත්‍රසයජනක සංචරණය ත්‍රසයජනක සංචරණය ලෙස හදුන්න්වනු ලබන්නේ ජීවිත අවදානමක් එක්කරමින් තම සංචරණ කටයුතු සිදුකිරීමයි .මෙහිදී සාමාන්‍ය ජනයා අත්හදා බැලීමට බියක් දක්වන ඇග කිලිපොලා යන අද්දැකීම් විදීම මෙහිදී සිදුවේ .මෙහිදී සංචාරකයා වින්දනය මෙන්ම පෞර්ෂ වර්ධනයක්ද අපේක්ෂා කරනු ලැබයි .මෙහිදේ ගිරිදුර්ග තරණය bungee jump ලෙස හදුන්වනු ලබන ඇදෙන කබා මගින් උස් ස්ථානයක සිට පැනීම ,කදු පහලට බයිසිකල් පැදීම ,වේගවත් ජල පහරක් හරහා පහලට ඔරු පැදීම බිත්ති නැගීම,පැරෂුට් ආධාරයෙන් අහසේ සිට පැනීම ආදිය මෙහිදී සිදුකරනු ලබයි .එසේම සංචාරක ආයතන මගින් cable car මාධ්‍ය යොදාගනු ලබන්නේද මෙම ත්‍රස්යජනක අද්දැකීම සංචාරකයාට ලබාදීම පිණිසයි.මෙහිදී සංචාරකයාගේ ආරක්ෂාව හා ප්‍රථමාධාර ලබාදීම වර්ධනය හා කඩිනම් කිරීමට සංචාරක කර්මාන්තයේ නියලී සිටින්නන්ගේ වගකීම වී තිබේ .මෙහිදී කොටස් කීපයකට වර්ගකොට මෙම ත්‍රස්යජනක සංචරණය නව ප්‍රවණතා හදුන්ව දිය හැකිය .

      කදු ශිඛර නැගීම 
      සංචාරකයන් ආකර්ෂණය කරන  නව ක්‍රීඩාවක් ලෙස  කදු ශිඛර නැගීම හදුනාගත හැකිය.මෙම නැගීම සිදුවන ස්ථානකීපයක් වේ. ගල් කදු නැගීම, ගොඩනැගිලි නැගීම, ගැබුරු පතල් බැසීම,හුණු කදු නැගීම,තරගයට නැගීම,හිමකදු නැගීම,ගිරිපව් නැගීම,කණු නැගීම,ගස් නැගීම ආදිය දැක්විය හැකිය.පහත සදහන් ස්ථාන මෙම ක්‍රීඩාව සදහා සංචාරක ආකර්ශනය ලැබී ඇත.
        පර්වත නැගීම සදහා සුප්ප්‍රසිද්ද ස්ථාන ලෙස අලෙස්කවේ Ozark Mountains,දකුණු අප්‍රිකාවේ  Rocklands,ස්විස්ටර්ලන්තයේ Ticino, ප්‍රංශයේ Fontainebleau, හදුනාගත හැකිය.හිමකදු නැගීම සදහා සංචාරකයන් නිතර පැමිණෙන ස්ථාන ලෙස කොලරාඩෝ Ouray,අලෙස්කවේ Valdez,නොර්වේ Rjukan,ස්ව්ස්ටර්ලන්තයේ The Alps,කැනඩාවේ Rocky Mountains ආදිය හැදින්විය හැකිය.

සැඩසුල් හරහා ඔරු පැදීම ගංගා ආශ්‍රිත සැඩසුල් පවතින හැරුම් ස්ථාන, කුඩා ඇලි සහිත ප්‍රදේශ ,අදිවෙගයෙන් පෙන නංවමින් ජලය ගලයන ගල් පර පවතින ස්ථාන හා ගං මෝය ආශිතව කුඩා වේගවත් බෝට්ටු පැදීම සංචාරකයා සිදුකරනු ලබයි.සංචාරක ආකර්ෂණයට ලක්වී ඇති ප්‍රධාන ත්‍රසයජනක ජලරල් පවතින තැන් කෙපයක් වේ .චිලී රාජ්‍යයේ futaleufu river,ඇමරිකාවේ කැලිෆෝර්නියාවේ cherry creek, සිම්බාබ්වේ zambezi river,ඉක්වධෝරේ rio upano, උගන්ඩාවේ වික්ටෝරියා නයිල් ආදී ස්ථාන හදුනාගෙන තිබේ . බයිසිකල් ආශයෙන් දුෂ්කර ස්ථානය තරණය සංචාරකයා සංචාරක වාහන ආශය කරගනිමින් ස්ථාන කරා යාම හැරදමා සිය බයිසිකලය ආධාරයෙන් එම සහන කරා යාමේ නව ප්‍රවනතාවයක් වේ.මෙහිදී දුෂ්කර කදු තරණය, නෙරුම් සහිත පල්ලම් මාර්ග තරණය ආදී ත්‍රසයජනක ක්‍රියාවන් බයිසිකලය ආධාරයෙන් සිදුකරනු ලබයි .සංචාරකයන් කුඩා කණ්ඩායම් වශයෙන් මෙම සංචරණයට එක්වීම දක්නට ලැබේ . Bangee juming උස් ස්ථානයක එල්ලා ඇති දිග ඇදෙන සුළු කබායක් ආධාරයෙන් එය දෙපාවල බැද උස් මුදුනේ සිට පැනීම මෙහිදී සිදුකරනු ලබයි. මෙහිදී සංචාරකයා උස් කුළුණු මත සිට පැනීම,පාලම් වල සිට ගංගා මතට පැනීම සිදුකරයි .විවිද රටවල මෙම ක්‍රීඩාව සදහා අයකිරීම් හා උස ප්‍රමාණය මෙසේය .මෙම ත්‍රසයජනක ක්‍රීඩාව සදහා ඇමරිකාව හොදම ප්‍රසිද්දියක් දරන රට වන අතර අඩි 1200 සිට අඩි 100 දක්වා මෙම පැනීම සිදුකරනු ලබයි.මේ සදහා අයකිරීම ඩොලර් 40 සිට ඩොලර් 325 දක්වා වේ .ඇමරිකාව තුල මෙම ක්‍රීඩාව සිදුකරන ස්ථාන වන්නේ Royal George Bridge, Golden Gate Bridge,Rio Grande Bridge,Navajo Bridge,Crooked River Bridge,Northern California Bridges ආදියි.Bangee juming සදහා ලොව ජනප්‍රියම ස්ථානයන් වන්නේ Bloukrans River Bridge ,සිම්බාබ්වේ Victoria Falls Bridge,නේපාලයේ Bhote Khosi ,Great Canadian , Ice skating හිමමත ලිස්සායාම ලොව පවතින ප්‍රධානම ත්‍රසයජනක ක්‍රීඩාවක් වේ .මෙම ක්‍රීඩාවේ නිරත වීම පිණිස සංචාරණයේ යෙදෙන බොහෝ පිරිස් හිම කදු වෙත සංචරණය කිරීම සංචාරක කර්මාන්තයේ සුලබ කටයුත්තක් වේ.හිමපතනය පවතින රටවල හා කෘතිමව හිම මාර්ග සකසා සංචාරකයාට ක්‍රීඩාවේ නිරත වීමට ඉඩ ලබාදීම සංචාරක වියපාරිකයන් කටයුතු කරයි .මෙම ක්‍රීඩාව සදහා බහුල වශයෙන් ඉන්දියාවේ kufei ඉන්දියාවේම Narkanda ස්ථාන යොදාගනී .kufei හි ක්ලොමීටර් 10 පමණ ලිස්සායමක් තිබෙන අතර Narkanda හි දී එය කිලෝමීටර් 64ක් වේ. මීට අමතරව ත්‍රසයජනක සංචාරණයේ විශේෂිත අවස්ථා පහත ලෙස වර්ගකර දැක්වීම සිදුකල හැකිය. 1 ආබාදිත පුද්ගලයන් සදහා වූ ත්‍රසයජනක සංචරණය මෙහිදී සමාන්‍ය පුද්ගලයන් සිදුකරන ත්‍රසයජනක ක්‍රියා යන අර්ථය එහි ගැබ් නොවේ . සමාන්‍ය පුද්ගලයන් සිදු කරන කිමිදීම කදු නැගීම යන අවස්ථා ආබාදිත පුද්ගලයන් සිදු කිරීම මෙහි අර්ථයයි .මෙය ත්‍රසයජනක සංචරණයේ නව ප්‍රවනතාවක් ලෙස දැක්විය හැකිය. 2 ආපදා තත්වයන් නැරබීම මෙහිදී යම් ආපදා තත්වයක් නැරබීමට යාම සිදුකරනු ලබයි .කාලගුණික හා දේශගුණික තත්වයන් හමුවේ සිදුවී ඇති ආපදා තත්වයක් නැරබීම මෙහි අර්ථය වේ .නාය යාම්,ගිනිකදු පිපිරීම්,ජල ගැලුම් මෙහිදී සංචාරකයාගේ අනුබුඋතින් බවට පත්වේ. 3 ස්වාදීශියන් හමුවීම මෙය සාමාන්‍ය සංස්කෘතික සංචාරයක් නොවන අතර මෙහිදී සිදුවන්නේ සංචාරකයන් නිතර නොයන නොදියුණු භයානක මිනිසුන් සොයා යාමයි 4 හුදකලා වූ වනාන්තර තුල සංචරණය මෙය පරිසර සංචරණයට ඇතුලත් නොවන අතර මෙහිදී සිදුවන්නේ යම් අවධානමක් සහිතව සමාන්‍ය සංචාරකයන් නොයන වනාන්තර ආදියෙහි කෙරෙන සංචාරයයි


කුෂිකාර්මික සංචරණය කුෂිකර්මික සංචරනයෙදී ගොවිපලක අද්දැකීම් ලබාගැනීම සංචාරකයාගේ අරමුණ වේ . මෙය ග්‍රාමීය සංචරණය හා එක්ව පවතින සංචරණ ක්‍රමයකි .මෙහිදී ගොවිපල නැරබීම,ගොවියාගේ අද්දැකීම් ක්‍රියාකාරකම් වලට සහභාගී වීම ,මාළු බෑම ,නැවුම් එළවලු පලතුරු මිලදීගැනීම මෙහිදී සංචාරකයා සිදුකරනු ලබයි . කාබනික නිෂ්පාදන සදහා සමීප වීම මෙහිදී සිදුවෙන ලබයි.සමහර සංචාරකයන් හොටෙල් වල නවතිනවාට වඩා ග්‍රාමීය ගොවිපල තම සංචරණ කාලසීමව් නැවතීමට රුචිකත්වයක් දරයි.මෙහිදී සංචාරකයා ගොවිපලී රැදී සිටින අතරතුර වගාව බලාගැනීම සතුන්ට අහාර ලබාදීම ආදියද,මී මැසි පාලනයද ,ගොපල්ලෙකු ලෙස එමකලය ගතකිරීම වැනි අද්දැකීම් ඔවුන් අපේක්ෂා කරනු ලබයි .ඒකදේශික ආහාරයන්ට විශේෂ කැමැත්තක් දක්වන්නන් මෙම සංචරණයට බෙහෙවින් ඇදී එම දක්නට ලැබෙයි. එසේම ඒ ආශ්‍රිත සංකෘතියට අනුගත වවීමත් එය අධ්‍යනය කිරීමත් ඔවුන් බලාපොරොත්තු වෙයි.මෙහිදී ගොවිපල නිකේතනයන් තුලදී විවිධ කුෂිකර්මික අද්දැකීම ලබාදීමට සංචාරක ආයතන කටයුතු කරනු ලබයි .නව ප්‍රවනතාවක් ලෙස තමන් ආහාරයට ගන්නා ආහාර සකෙසෙන ආකාරය පිළිබද දැනුමක් ලබා ගැනීමට මිනිසුන් කැමතිය. එය පදනම් කරගනිමින් සංචාරකයා ආකර්ෂණය කරගැනීමට කෘෂි ප්‍රදර්ශන පැවැත්වීම සිදුකරනු ලබයි.


උරුම සංචරණය ලෝක උරුමයන් වන ඒ ඒ රටවල උරුමයන් නැරබීමට සංචාරකයා යොමුවීම සංචාරක ප්‍රවනතාවක් වේ .උරුමයන් ආකාර දෙකකට වෙන්කර දැක්විය හැකිය.එනම් මිනිසා නිපදවනු ලැබූ උරුමයන් හා සොබාවික උරුමයන් මෙයට අදාල වේ . රටක ඉතිහාසයට සම්බන්ද ස්පර්ෂිත ස්ථාන මිනිසා නිපදවනු ලැබූ උරුමයන් වේ .එනම් ඉතිහාසගත් සිද්දියක් සිදුවූ ස්ථානයක් ,පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්තවන්නා වූ මාලිගා ,ඉතිහාසගත පුද්ගලයන් ඉපදුනු මියගිය ස්ථාන ,කෞතුකාගාර ,ස්මාරක ,ආගමික ස්ථාන ,ආරක්ෂක පව්රු ආදී වූ ඉතිහාසගත ශාක්ෂි උරුමයන් වේ .එසේම සොබාවික උරුමයන් වන වනාන්තර ,පර්වත ,පොකුණු ආදිය නරබීමද උරුම සංචරණය යටතේ සංචාරකයා සිදුකරනු ලබයි.


ගෘහස්ත සංචරණය කෙටිකාලීන නිවාඩුවක් පිණිස කෙටි සංචාරයක දීම මේ යටතේ සංචාරකයා සිදිකරනු ලබයි . දවසක් හෝ සතියක් ඇතුලත තම සංචාරය නිම කිරීම ඔහු සිදුකරනු ලබයි . මෙම සංචරණය තමරටේ හෝ වෙනත් රටක සිදුකරයි .ඒ ඒ රටවල සංචරණය කිරීම තුලින් එම රටේ සංස්කෘතිය, ආහාරපාන ,දේශගුණය විදීම මගින් තම කෙටිකාලීන නිවාඩුව ගතකිරීම මේ යටතේ සිදුවේ .

පාරසරික සංචරණය පරිසරයට සංවේදී වෙමින් පරිසර හානියකින් තොරව පරිසරය ආරක්ෂාකරමින් සොබාදහම විදීම පාරසරික සංචරණය වේ .මෙය වගකීම් සහිත සංචාරක වියාපාරයක් ලෙස හැදින්වේ . ශබ්ද දුෂණයෙන් හා වායු දුෂණයෙන් තොර වූ ග්‍රාමීය හා හරිත පරිසරයක් ආශ්‍රය කරමින් මෙම සංචරණය සිදුවේ . මෙහි ආධායම ග්‍රාමීය ප්‍රදේශ කරා වියපත වීම සිදුවන අතර සංස්කෘතික පද්දතීන්ට හානි නොවන පරිදි දැකබලා ගැනීම අධ්‍යනය කිරීම සිදු කරයි .සංචාරකයා සංස්කෘතියට ගරුකිරීම නිසා ඒවාට දීර්ග කාලීන රැකවරණයක් අපේක්ෂා කෙරේ.ජලාශ,ගංගා ,වනාන්තර ,දියඇලි ,දුපත් නැරබීම මෙම සංචරනයේදී සිදුකරනු ලබයි .මෙහිදී පාරසරික වස්තුන්ට අගය කිරීමක් වටිනාකමක් ලබාදෙමින් සොබාදහමත් සමග මිත්‍රශීලී අයෙකු ලෙස සංචරනයෙදී තම හැසිරීම ක්‍රියාත්මක කරනු ලබයි .පාරසරික හා සංස්කෘතික ලක්ෂණ එලෙසම ආරක්ෂා වන ලෙසද එය සමාජ වගකීමක් යන පණිවිඩය ලබා දෙමින් මෙම සංචරණය සිදුකරයි..

සෞඛ්‍ය සංචරණය තම ශරීර සෞඛ්‍ය හා සනීපාරක්ෂාව වෙනුවෙන් කෙරෙන සංචරණය සෞඛ්‍ය සංචරණය ලෙස හදුන්වනු ලබයි. මෙම සංචාරයේදී සංචාරකයාගේ අරමුණ වන්නේ තම සනීපරක්ෂවයි.ලොව ප්‍රධානම වෛද්‍ය ක්‍රමය වන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයි. නමුත් මෙය බිහිවීමට බොහෝ පෙර කාලයේ ආසියාතික කලාපයේ ,මැදපෙරදිග,අප්‍රිකානු කලාපයේ ,දකුණු ඇමරිකානු කලාපයේ විවිද ස්වාභාවික වෛද්‍ය ක්‍රම දක්නට ඇත.මෙයින් සමහරක් බටහිර වෛද්‍ය ක්‍රමය අභිබවා යාම දක්නට ලැබෙයි.එහෙයින් සංචාරකයා මෙම ක්‍රමවේද අත්හදා බැලීමට කටයුතු කරයි.මෙම වෛද්‍ය ක්‍රමය පවතින රටවලට සංචරණය කරනු ලබන සංචාරකයන් බහුතරයක් මෙම ක්‍රමය අත්හද බලනු ලබන්නේ මෙම ක්‍රමය රසායන ද්‍රව්‍ය නොපවතින ස්වබාවික ක්‍රමයක් වන බැවිනි .එසේම ඇතැම් රෝග පාලනය මිස නිට්ටාවට සුව කිරීමට බටහිර ක්‍රමය සමත් නොවීමත් ඉන් ඇතිවන අතුරු අබාද මෙම සම්ප්‍රදායික ක්‍රමය තුල නොවීමත් නිසාය.එසේම බටහිර වෛද්‍ය ක්‍රමය නොදියුණු රටවල ඇතැම් සංචාරකයන් තම රට තුලදී කරගත නොහැකි බටහිර ප්‍රතිකාර ,පරීක්ෂණ ,අභ්‍යස කරගැනීම සදහා බටහිර වෛද්‍ය ක්‍රමය දියුණු රටවලට සංචාරය කිරීම දක්නට ලැබෙන නව ප්‍රවණතාවයකි.නව යුගය තුලදී සෞඛ්‍ය සංචරණය තුලින් ආසියානු සහ මද පෙරදිග රටවල් සදහා විශාල අදායමක් ලැබී තිබේ. ඉරානය සෞඛ්‍ය සංචරණය සදහා ඉරානය බලා 2006 දී 15000 පැමිණ තිබෙන අතර ඔවුන්ගෙන් ලැබූ මුළු ආදායම ඩොලර් මිලියන 40 කි.ඉරානය තවත් රටවල් 12 සමග එක වී helth tuorism සදහා ඒකාබද්ද වී තිබෙන අතර ඒ සදහා පැමිණි සංචාරකයන් ප්‍රමාණය 3000 වේ ජෝර්දානය සෞඛ්‍ය සංචරණය සදහා 2008 දී ජෝර්දානයට පැමිණි සංචාරක ප්‍රමාණය 25000 වන අතර ඉන් ලැබූ අදායම ඩොලර් බිලියනයකි. චීනය සෞඛ්‍ය සංචරණය ඉතා දියුණු රටක් වන චීනය ස්නායුවේදය ,හර්ද වේදය,විකලාංග චිකිත්සාව ,ආදී රෝග බොහොමයකට දේශීය වෛද්‍ය ක්‍රමය මගින් ප්‍රතිකාර ක්‍රම සොයාගෙන ඇති අතර සෞඛ්‍ය සංචරණයචීනය තුල දියුණු වීමට ප්‍රදාන හේතුව වන්නේ චීන වෛද්‍ය ක්‍රමය හා බටහිර වෛද්‍ය ක්‍රමය එක් කොට චීනය තුල සෞඛ්‍ය අභ්‍යාස ලබාදීමයි.හොන්කොන් රාජ්‍ය මේ සදහා වෙනම රෝහල් 36 පිහිටුවා ඇත. ඉන්දියාව ඉන්දියාව තුල 2012 වසරේදී 30% කින් සංචාරක ව්‍යාපාරයට සහය දක්වා තිබෙනු යේ සෞඛ්‍ය සංන්චරණයයි . දකුණු කොරියාව සෞඛ්‍ය සංචරණය සදහා දකුණු කොරියාවද විශාල ප්‍රසිද්දියක් උසුලන අතර සෞඛ්‍ය ආවරණ ,පිලිකා නිවාරණ ක්‍රම,ඉන්ද්‍රිය බද්ද කිරීම්,කශේරුකා සැත්කම්,අක්ෂි විද්‍යා ආදිය සදහා වැඩි වශයෙන් සංචාරකයින් පැමිණෙන අතර 2008 වසරේදී ඉන් ලබා ඇති ආදායම 27480 කි.2015 දී ඔවුන් අපේක්ෂා කරන අදායම වන්නේ 140000 කි අභ්‍යවකාශ සංචරණය දැනට ලොව පවතින සීමිත පිරිසකට පමණක් සිදුකල හැකි මිල අදික සංචරණ ක්‍රමයක් ලෙස අභ්‍යවකාශ සංචරණය ලෙස හැදින්විය හැක.මෙම සංචරණය රුසියානු අභ්‍යවකාශ සංචරණ පවත්වාගෙන යන ආයතනයක් මගින් ක්‍රයාත්මක කරනු ලබයි.මෙහිදී සංචරකයට ගගනගාමීන් සමග තම සංචරණය සිදුකිරීමට සංචාරකයාට හැකිවේ.එක සන්චාරණයක් සදහා සංචාරකයකුට දැරීමට සිදුවන මුදල වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 20-30 අතර ගණනකි.දැනට සංචාරකයන් 7 දෙනෙකු සංචාරක සමගම විසින් අභ්‍යකාශ ගත කොට ඇත . අභ්‍යවකාශ සංචාරණයේ ප්‍රථම සංචාරකයා වීමේ වාසනාව ලබා ඇති සංචාරකයා වන්නේ ඇමරිකානු ජාතික ඩෙනිස් ටිටෝ ය.ඔහු 2001 අප්‍රේල් මස 28 වන දින අභ්‍යවකාශයට යොමුකර ඇත. දැනට අභ්‍යකාශ ගතකොට ඇති ඉතිරි සංචාරකයන් වන්නේ දකුණු අප්‍රිකානුජාතික . Mark Shuttleworth දෙවන සංචාරකයා ලෙස 2002 අප්‍රේල් 25 වන දින දින 11 සංචාරයක නිරත විය. ඇමරිකානු ජාතික Gregory Olsen විසින් තෙවන සංචාරකයා ලෙස 2005 ඔක්තෝම්බර් 1දින දින 11 සංචාරයක නිරත විය . ඇමරිකානු ජාතික Anousheh Ansari විසින් තෙවන සංචාරකයා ලෙස සැත්තැම්බර් 18 වන දින දින 12 චාන්චාරයක නිරත විය. මීට අමතරව හංගේරියානු ජාතික Charles Simonyi ,බ්‍රිතාන්‍ය ජාතික . Richard Garriott,කැනේඩියානු ජාතික Guy Laliberté ද අභ්‍යවකාශ සංචාරකයන් වේ.


විවාහය හා මදුසමය සදහා සංචරණය සමහර සංචාරකයන් තම විවාහ උත්සවය හා තම මදුසමය වෙනත් රටක ඒ සංස්කෘතියට අනුව කිරීමට කැමතිවේ එබැවින් එම විවාහ සංචරණය මෙම ක්ෂේත්‍රයේ නව ප්‍රවනතාවක් වේ .ඔවුන් එම කාලය තුල එරට සංකෘතියට අනුව ඇදුමෙන් සැරසී එම සංකෘතික වතාවලට සහභාගී වී එම ආහාර ගෙන එම ගෝත්‍රයේ අය මෙන් හිරීම සිදුකරනු ලබයි.මෙය ඉන්දියාව වැනි රටවල ඉතා ඉහල මට්ටමෙන් සිදුවේ.ලොව වැඩි වශයෙන් විවාහ උත්සව සදහා සංචරණය කරන පුද්ගලයන් සිටින රටවල් වන්නේ United States, United Kingdom ,Germany,Italy, France ,Scandinavia වැනි රටවල්ය.එම සංචාරකයන් විවාහය සදහා සංචරණය වන ප්‍රධාන රටවල් වන්නේ Hawaii, Caribbean, Mexico, Sri Lanka, යන රටවල්ය . travelchannel දක්වන ආකාරයට ලොව ප්‍රධානම හා හොදම පැකේජයන් දක්වන ආයතන මෙසේය. 1 මෙක්සිකෝවේ Camino Real Acapulco Diamante 2 ලාස් වෙගස්හි The Bellagio Hotel 3 කැනඩාවේ Fairmont Chateau Lake Louise 4 ෆ්ලොරොඩාහි Walt Disney World 5ඉන්දුනීසියාවේ amankila 6 ඉතාලියේ Grand Hotel Florence
 7 ඇමරිකාවේ වර්ජිනියා දුපතේ 8 ප්‍රංශ පොලොනියාවේ Hilton Bora Bora Nui Resort & Sp 9 ප්ලාම් බීච් හි Hyatt Regency Aruba Beach Resort & Casino 10 හවායිහි 
Four Seasons Resort Hualalai


මෙහිදී සන්ච්රකයින් අපේක්ෂා කරනු ලබන්නේ තම නිදහස හා ඉහල තෘප්තියක්ය.තම මදුසමය ජීවිතයේ අමරණීය මතකයක් ලෙස තබාගැනීම ඔවුන්ගේ මුලික අදහසයි.එබැවින් මෙම වියාපාරයේ යෙදී සිටින්නන්ට සිදුවී තිබෙන්නේ සංචාරකයන්ගේ මෙම අවශ්‍යතාවන් සපරීමයි . දිළිදුකම පිටුදැකීමේ සංචාරය මෙය සංචාරක චාරිකාවක් නොවන අතර මෙය ඒ ඒ රජයන් විසින් දුප්පත්කම නැති කෙරීම සදහා දුප්පතුන් සංචාරක කර්මාන්තයට සම්බන්ද කිරීම මෙහිදී සිදුකරනු ලබයි.මෙහිදී දුප්පත් ජනතාවගේ ඉඩම් සංචාරක කර්මාන්තයට යොමු කිරීම,කර්මාන්තයට අවශ්‍ය ශ්‍රමය ඔවුන්ගෙන් ලබාගැනීම ,සංචාරකයන්ට අලවිකලහැකි සමරු භාණ්ඩ සෑදීම,කුඩා සංචාරක වියාපාර ඇරබීම ආදිය සිදුකරනු ලබයි.මෙහිදී උදාහරණ ලෙස AFRICAN PRO-POOR TOURISM DEVELOPMENT CENTRE අප්‍රිකානු කලාපය තුල සිදු කරන වියපෘති දැක්විය හැකිය.ඔවුන් පහත දක්වන ආයතන අප්‍රිකානු කලාපයේ පිහිටවා එහි ක්‍රියාකාරකම් වලට එම කලාපයේ දුප්පත් ජනයා ඍජුව සබ්බන්ද කර ඔවුන්ට එම වියාපෘති මගින් දිලිදු කම නැති කිරීමට කටයුතු කර ඇත.එම වියපෘති මෙසේය. Lewa Downs හි වනාන්තර වල කැලිකසල පිරිසිදු කිරීම් Kimana සමාජය Mwaluganje හි අලි සංරක්ෂණය Kuku Field හි අධ්‍යාපන ආයතනය Ngomongo හි ගම්මානය Kiamaina ගොවිපල Shanzu සම්ප්‍රදායික වැඩපල Masai Mara වන විද්‍යා වියපෘති Masai Mara හි වන විද්‍යා වියාපෘතිය Il Ngwesi සමුහ ගොවිපල Elsamere ආරක්ෂණ මද්‍යස්ථානය

ආබාදිත පුද්ගලයන් සදහා වූ සංචරණ


අනෙකුන් හා සසදන විටදී ආබාදිත පුද්ගලයන්ට සංචරණය ඉතා දුරස්ථ මාතෘකාවකි .නමුත් Accessible Tourism වලදී සිදුකරනු ලබනු යේ එම පුද්ගලයන්ටද ඒ ඒ ස්ථානයන්ට පහසුවෙන් ලගා වීමට ඉඩ හසර ලබාදීමයි.මෙම සංචරණය Darsy හා Dickson විසින් 2009 වසරේදී හදුන්ව දෙනු ලැබීය .මෙහිදී ඔවුන් සදහා සැපයිය යුතු විශේෂ පහසුකම් වේ.ලගාවිය හැකි ස්ථාන පිලිබදව ඔවුන් දැනුවත් කිරීම,සුවිසේෂි ගමන ගමන පහසුව ලබාදීම,නවාතැන් වලදී අදාළ පහසුකම් ලබා දීම,අදාල ස්ථානයන්ට ඔවුන් සමග කටටයුතු කළහැකි පිරිස් යෙදවීම,යා මට පහසු මංමාවත් කඩ ප්‍රසිද්ද ස්ථාන සෑදීම ආදිය සැපයිය යුතු වේ.


ක්‍රීඩා සංචරණය

ලොව පුරා සිටින ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩා කිරීමට හා තරග නැරබීම සදහා කරන සංචරණය ක්‍රීඩා සංචරණය ලෙස හදුන්වනු ලබයි.විවිධ කාලයන්හිදී ලොව පුරා ක්‍රීඩා ලෝලීන් අතර එම කාලයේ පවතින ක්‍රීඩා තරගාවලි පිලිබදව උමතුවන් ඇතිවේ.ලෝක පාපන්දු තරගාවලිය,ඔලිම්පික් ක්‍රීඩා උළෙල ,ලෝක ක්‍රිකට් තරගාවලිය,හිම ක්‍රීඩා තරග ,තුරගතරග ආදිය මේවට උදාහරණ ලෙස හදුන්වා දිය හැකිය. එසේම ලොව ක්‍රීඩා ලෝලීන් තරග නැරබීම සදහා පමණක් නොව ඇතැම් තරග වලට සහභාගී වීමද සිදුකරනු ලබයි.එසේ ඔවුන් සදහා වූ තරග වන්නේ හිම ක්‍රීඩා ,බයිසිකල් පැදීම,කදු නැගීම,බෝට්ටු පැදීම ආදියයි.

මේ ආදී වශයෙන් ගත් කල නුතනයේ සංචරණ ක්‍රියාවලිය සංකීරණ වී ඇත. ඒ අනුව බලන කල වර්තමානයේදී විවිද මාර්තෘකා ඔස්සේ සංචරණ ක්‍රියාවලිය ඉදිරියට යමක් ඇතිවී තිබේ .අද සංචාරකයාගේ නැරබුම් කරේය වලිය එදා මෙන් ගොඩ බිම පමණක් නොවේ. අද සංචරනයෙදී සංචාරකයා මුහුදු පතුල නැරබීම, අභ්‍යවකාශය නැරබීම,පොලොව අභයන්තරය නැරබීම ආදී වශයෙන් සංකීරණ වී තිබේ .එසේම සංචාරකයා බලාපොරොත්තුවන අද්දකීම්ද බොහොමයක් සංකීරණ වී ඇති ආකාරයද දක්නට ලැබෙන්නකි.අද සංචාරකයා ගුරුත්වාකර්ෂණය තොර පරිසරයක් විද ගැනීමට,අහසේ පියාසර කිරීමට, හිමයේ යාත්‍රා කිරීමට,කදු නැගීම ආදී වූ සංචරනයන්ද එසේම අනෙකුත් ත්‍රසයජනක අද්දැකීම විදීමද ඔහු විසින් සිදුකරනු ලබයි.මෙයට ප්‍රධානම කරණය වන්නේ තාක්ෂණික දියුණුව හරහා මිනිසාට ලංවිය හැකි ස්ථානයන්ගේ පුළුල් වීමයි .වර්තමාන තත්වය මෙසේ වන විට අනාගත සංචරණ ප්‍රවණතා පිලිබදව අපට පූර්ව නිගමනයන්ට යා හැකිය.දැනට අභ්‍යකාශසංචරණයන් සිදුකරන ආයතන ප්‍රකාශකර සිටිනුයේ 2020 වන විටදී 2000 පමණ සංචාරකයින් ප්‍රමාණයක් අභ්‍යවකාශ ගතකරන බවයි .එබැවින් යම් යුගයකදී සංචාරකයා ග්‍රහලොවක සංචරණය සදහාද කටයුතු කරනු ඇත.මේ අනුව බලන කල දක්නට ලැබෙන කරුණක් වන්නේ සංචාරක කර්මාන්තය එය සම්බන්ධ වන ක්ෂේත්‍රයන්ගේ දියුණුවට සාපේක්ෂව ඉදිරියට යනබවයි.ඒ අනුව පෙනෙන්නට ඇති කරුණක් වන්නේ ලොව නව ප්‍රවණතා අනුව සංචාරක කර්මාන්තයද නව ප්‍රවණතා විවරකරගන්න බවයි.



ආශ්‍රිත ග්‍රන්ථ සංචාරක සංවර්ධන ප්‍රවේශ ,ආචාර්ය D.A.C සුරංග සිල්වා සහ පියල් ගුරුගේ

"https://si.wikipedia.org/w/index.php?title=සංචාරණයේ_නව_ප්‍රවණතා&oldid=269503" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි