සංඝ ශාසනයේ ආරම්භය

නිර්වාණාවබෝධය ලැබීමෙන් පසු බුදුන් වහන්සේට හමුවූ තපස්සු, භල්ලූක නම් දෙදෙනා පළවන ගිහි අනුගාමිකයින් බවට පත්වූහ. බුදුන්වහන්සේගේ කේෂධාතු ස්වල්පයක් ඔවුන්ට ලබාදුන් අතර එම කේෂධාතු වර්තමානයේ බුරුමයේ රැන්ගුන්හි ස්වේදගොන් විහාරයේ තැන්පත්කොට ඇතැයි විශ්වාස කෙරේ. බුදුන් වහන්සේ තමන් වහන්සේගේ අතීත ගුරුවරුන් වූ අසිත, ආලාර කාලාම සහ උද්දකරාමපුත්ත තවුසන් වෙත වෙත ගොස් තමන් අවබෝධ කරගත් ධර්මය ඔවුන්ට දේශනා කිරීමට අරමුණු කොටගත්තද ඒ වන විට ඔවුහු මියගොස් සිටියහ.

බුදුන් වහන්සේ බරණැස මිගදාය වෙත ගමන්කළ අතර උන්වහන්සේ එහිදී තමන්වහන්සේ හා එක්ව සත්‍යාවබෝධය සඳහා වෙහෙසුනු පස්වග තවුසන් වෙත සිය ප්න‍රථම ධර්ම දේශනය පැවැත්වූහ. ඔවුන් සහ බුදුන්වහන්සේ එක්ව ප්න‍රථම සංඝ ශාසනය නිර්මාණය කරනු ලැබූ අතර ඒ අනුව බුද්ධ, ධම්ම, සංඝ යන ති්්‍රවිධ රත්නය පහල විය. කොන්ඩඥ්ඥ තවුසා ප්ව‍රථම රහත් භාවයට පැමිණි තැනැත්තා බවට පත්විය. පසුව පස්දෙනාම රහත්භාවයට පත්වූ අතර යස සහ ඔහුගේ මිතුරන් 54 දෙනා සංඝ ශාසනයට ඇතුලත්වීමත් සමඟ පළවන මාස දෙක ඇතුලත සංඝයා වහන්සේගේ සංඛ්‍යාව 60 ක් විය. කාශ්‍යප සහෝදරයින් තිදෙනා සහ පිලිවෙලින් ඔවුන්ගේ අනුගාමිකයින් වූ 200, 300 හා 500 දෙනා පැවිදි වීමත් සමඟ සඝයා වහන්සේ සංඛ්‍යාවෙන් 1000 ක් වූ අතර උන්වහස්සේලා ධර්ම ප්ව‍රචාරය පිණිස විවිධ ප්ල‍රදේශයන් කරා පිටත් කර හරිනු ලැබුණි.

"https://si.wikipedia.org/w/index.php?title=සංඝ_ශාසනයේ_ආරම්භය&oldid=512936" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි