සංගීත උපකරණ - පියානෝව

පියානෝව යතුරු පුවරුවක් ලෙසට වාදනය වන සංගීත උපකරණයක් වන අතර ෆෙලට් මිටිවලින් වානේ තන්තුවලට පහර දීමෙන් ශබ්දය නිපදවනු ලැබේ. මිටි ක්ෂණිකව නැවත තම ස්ථානයට පත් වන අතර තන්තුවලට ඒවායේ අනුනාදී සංඛ්‍යාතයේ අඛණ්ඩව කම්පනය වීමට ඉඩ ලබා දේ. මෙම කම්පන පාලමක් හරහා ඒවා වර්ධනය කරන ශබ්ද පුවරුවක් මතට සම්ප්‍රේශණය කරනු ලැබේ.

පියානෝව බටහිර සංගීතයේ දී ඒකල රඟ දැක්වීම්, මැදිරි සංගීතය හා සහායනය සහ බහුලව භාවිතා වේ. එය ගීත රචනයට හා පෙරහුරු කිරීම සඳහා ආධාරකයක් ලෙස ඉතාමත් ජනප්‍රිය වේ. එතරම් ජංගම නොවන හා මිළෙන් අධික වූ පියානෝවේ විවිධත්වය හා සර්වත්‍රතාව එය වඩාත් ජනප්‍රිය සංගීත උපකරණය බවට පත් කර ඇත. එය සමහරක් විට සමාඝාත හා තත් උපකරණයක් යන දෙවර්ගයටම වර්ගීකරණය කෙරේ. සංගීත වර්ගීකරණයේ හෝන්බොස්ටල් සැච් ක්‍රමයට අනුව මෙය චෝර්ඩොෆෝන් (chordophone) කාණ්ඩයට අයත් වේ.

පියානෝ යන වදන පියානෝ ෆෝට් යන ව‍දනෙහි කෙටි කරන ලද ආකාරයකි. මෙම වදන ආකෘතික භාෂාවලදී හැර අතිශයින් දුර්ලභව භාවිතා වන අතර උපකරණය සඳහා වූ ඉතාලියානු නමින් ව්‍යුත්පන්න වී ඇත. මෙය යතුරු පුවරු ස්පර්ශයට උපකරණයේ ප්‍රතිචාරත්වය සඳහා පරිශීලනය වන අතර එමඟින් තන්තුවලට මිටි වදින වේගය පාලනය කිරීම තුළින් විවිධ ගතික මට්ටම්වලදී ස්වර නිපදවීමට පියානෝව වාදනය කරන්නාට ඉඩ ලබා දේ.

"https://si.wikipedia.org/w/index.php?title=සංගීත_උපකරණ_-_පියානෝව&oldid=472074" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි