තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විෂය ඉගෙනීමේදී සංඛ්‍යා පද්ධති පිළිබඳ දැනුම ඉතා වදගත් ය. ප්‍රධාන වශයෙන් සංඛ්‍යා පද්ධති 4 කි.

  1. ද්විමය සංඛ්‍යා පද්ධතිය
  2. දශමය සංඛ්‍යා පද්ධතිය
  3. අශ්ටමය සංඛ්‍යා පද්ධතිය
  4. ෂඩ් දශමය සංඛ්‍යා පද්ධතිය

ද්විමය සංඛ්‍යා පද්ධතිය සංස්කරණය

0 හා 1 ලෙස සංඛ්‍යා 2ක් භාවිතා වේ. පාදය දෙක වේ. භාවිතා කළ හැකි උපරිම අගය 1 වන අතර අවම අගය 0 වේ.

උදා : 110දෙක 1010දෙක

දශමය සංඛ්‍යා පද්ධතිය සංස්කරණය

0 සිට 9 දක්වා සංඛ්‍යා 10ක් භාවිතා වේ. පාදය දහය වේ. භාවිතා කළ හැකි උපරිම අගය 9 වන අතර අවම අගය 0 වේ.

උදා : 156දහය 563දහය

අශ්ටමය සංඛ්‍යා පද්ධතිය සංස්කරණය

0 සිට 7 දක්වා සංඛ්‍යා 8 ක් භාවිතා වේ. පාදය අට වේ. භාවිතා කළ හැකි උපරිම අගය 7 වන අතර අවම අගය 0 වේ.

උදා : 156අට 563අට

ෂඩ් දශමය සංඛ්‍යා පද්ධතිය සංස්කරණය

0 සිට 15 දක්වා සංඛ්‍යා 16 ක් භාවිතා වේ. පාදය දාසය වේ. 0 සිට 9 දක්වා ඉලක්කම් 10ක් ද A සිට F දක්වා අක්ෂර 6ක් ද ලෙස අනුලක්‍ෂණ 16ක් භාවිතා වේ. ඒ අනුව මෙයට අදාල සංඛ්‍යා පහත පරිදිය.

0 1 2 3 4 5 6 7 8 9 A B C D E F

උදා : 15Eදාසය 56A දාසය

"https://si.wikipedia.org/w/index.php?title=සංඛ්‍යා_පද්ධති&oldid=472550" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි