සංඛ්‍යාංක රූපවාහිනී

සංඛ්‍යාංක රූපවාහිනී (DTV) යනු ප්‍රතිසම ටීවීවල ප්‍රතිසම සංඥාවලට සන්සන්දනාත්මකව සංඛ්‍යාංක සංඛ්‍යා භාවිතය චලනය වන රූප හා ශබ්ද යැවීම හා ලබා ගැනීමයි. 1990 පසුභාගයේ දී හඳුන්වාදුන් මෙම තාක්ෂණය රූපවාහිනී සම්ප්‍රේශණ ව්‍යාපාරයට හා ඉලෙක්ට්‍රොනික් කර්මාන්තයට නව වාණිජමය අවස්ථා ලබා දෙමින් පිවිසීය.

සංඛ්‍යාංක රූපවාහිනී ප්‍රතිසම රූපවාහිනීවලට වඩා සුනම්‍ය හා කාර්යක්ෂම වේ. විකාශනකරුවන් විසින් නියම ලෙස භාවිතා කළ විට සංඛ්‍යාංක රූපවාහිනී වඩා හොඳ තත්වයෙන් යුත් රූප හා ශබ්ද ලබා දෙන අතර වැඩි වැඩසටහන්ගත කිරීමේ අවස්ථා ද ලබා දේ. කෙසේ නමුත් DTV වඩා සුපිරි තාක්ෂණික තත්වයක් සපයන මුත් සංඛ්‍යාංක සංඥාවක් ප්‍රතිසම සංඥාවක් තරම් තත්වයෙන් යුතු රූප හෝ ශබ්ද ගෙන යන්නේ නැත.

"https://si.wikipedia.org/w/index.php?title=සංඛ්‍යාංක_රූපවාහිනී&oldid=472001" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි