ෂේන් තෝමස් වෝඩ් (1984 ඔක්තෝබර් 16, එංගලන්තයේ මැන්චෙස්ටර් හිදී) අයර්ලන්ත-ඉංග්‍රීසි පොප් ගීත ගායකයෙකු වන මොහු එක්ස්-ෆැක්ටර් දෙවන තරඟාවලියෙන් දිනුම ලැබූ අයෙකි. මිලියන 3කට අධික පිටපත් සංඛ්‍යාවක් අලෙවි කිරීමට සමත්වූ මොහු, රටවල් 9ක හොඳම ගීත ඇල්බමය හා හොඳම ගීතය වීමටද වාසනාව උදා කරගත්තෙකි.

ෂේන් වෝඩ්
ගොනුව:ෂේන්-වෝඩ්.jpg
ෂේන් වෝඩ් මාධ්‍ය ඉදිරියේ
උපත
ෂේන් තෝමස් වෝඩ්

ඔක්තෝබර් 16, 1984 (1984-10-16) (වයස 39)
මැන්චෙස්ටර්, එංගලන්තය.
ජාතිකත්වයඉංග්‍රීසි
සක්‍රීය වසර2005–වර්තමානය
ප්‍රසිද්ධව ඇත්තේගායනය, පොප් සංගීතය
වෙබ් අඩවියhttp://shayneward.com/

ඔහුගේ පළමු තනි පුද්ගල ගීතය - "That's My Goal", 2005 දෙසැම්බර් 21 වනදා එංගලන්තයේදී නිකුත් කෙරිනි. එය දෙසැම්බර් 31 වන විට අංක 1 ගීතය වී තිබිණි. එහි පිටපත් 313,000ක් එය විකිණූ පළමු දිනයේදීම විකිණීමට හැකිවුණි.

කුඩාකල ජීවිතය සංස්කරණය

මාටින් සහ ෆිලොමිනා යන අයර්ලන්ත යුවලට දාව 1984දී ක්ලේටන් හිදී උපත ලැබූ ෂේන් ට නිවුන් සොයුරියක් වන එමා ද, තවත් සොයුරු සොයුරියන් 5 දෙනෙක්; මාක්, මාටින්, මයිකල්, ලීසා සහ ලියෝනා සිටිත්.

පෞද්ගලික ජීවිතය සංස්කරණය

2004 සිට ෂේන් හා ෆේයි මැක්කීවර් අතර සමීප සම්බන්ධකමක් තිබේ.

ගීත ඇල්බම සංස්කරණය

* Shayne Ward (2006)
* Breathless (2007)
* Obsession (2010)
"https://si.wikipedia.org/w/index.php?title=ෂේන්_වෝඩ්&oldid=483100" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි