ශුන්‍යය යනු ඉරට්ටේ සංඛ්‍යාවකි. වෙනත් වචන වලින් පැවසුවහොත් ශුන්‍යයෙහි සමත්වය; එනම් එය නිඛිලයක් වශයෙන් ඉරට්ටේද ඔත්තේද යන්න විමසුවහොත් එය ඉරට්ටේය. ශුන්‍යය යන්න ඉරට්ටේ බව සනාථ කිරීමට ඇති හොඳම ක්‍රමය වනුයේ "ඉරට්ටේ " සංඛ්‍යාවක අර්ථ දැක්වීම සලකා බැලීමෙනි. එනම් එය 2 හි ගුණිතයක් වන නිඛිලයකි. එනිසා ශුන්‍යය ඉරට්ටේ සංඛ්‍යාවක් දක්වන සියලු ලක්ෂණ පෙන්වයි ; 0 ,2 න් බෙදිය හැකි වීම , 0 දෙපස ඇත්තේ ඔත්තේ සංඛ්‍යා වීම, සහ ශුන්‍යය කුලකයක් සමාන කුලක දෙකකට වෙන්කළ හැකි වීම ඒ අතර වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ශුනයෙහි_සමත්වය&oldid=469802" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි