ශාරීරික අධ්‍යයන පන්ති

බොහෝ අධ්‍යාපන ක්‍රම වලදී ශාරීරික අධ්‍යාපනය හෝ ශාරීරික පුහුණුවීම් භාවිතයට ගැනෙන අතර මෙහි දී ක්‍රීඩාවේ දී සහ විවිධ ක්‍රියාකාරකම් වලදී සංජාණනය, ක්‍රියාකාරිත්වය සහ මානසික ක්‍රියාකාරිත්වයන් හැසිරෙන ආකාරය පිළිබදව අධ්‍යයනය කෙරේ.

Calhan Colorado High School Physical Education equipment by David Shankbone.jpg

ශාරීරික අධ්‍යාපනයෙහි ප්‍රාථමික ඉලක්කයන් කාලය හා ස්ථානය අනුව ඉතිහාසය මුළුල්ලේම විවිධ වී ඇත. බොහෝ අවස්ථා වල දී එක් වරම විවිධ වර්ගවල ශාරීරික අධ්‍යාපන ක්‍රම බිහිවී ඇති අතර ඇතැම් ඒවා ජාත්‍යන්තර වශයෙන් ද බිහි වී ඇත. බොහොමයක් නූතන විද්‍යාලවල අරමුණ වී ඇත්තේ අදාල ශිෂ්‍යයින් දැනුමෙන්, හැකියාවන්ගෙන්, දක්ෂතාවන්ගෙන් සහ ගුණාංගයන්ගෙන් හෙබි උද්‍යෝගිමත් පුද්ගලයෙකු බවට පත් කර වැඩිහිටි අවදියේ දී නිරෝගී ජීවිතයක් ගත කිරීමට හැකියාව ලබා දීමයි. ඇතැම් පාසැල් වලට ශාරීරික අධ්‍යාපනය සිසුන්ගේ බර අඩු කර ගැනීමේ උපක්‍රමයක් ලෙසට භාවිතා කෙරේ. මෙහිදී භාවිතයට ගැනෙන වැඩ සටහන් වලදී ශිෂ්‍යයන්ගේ ශාරීරික සුවතා වර්ධනය කිරීම චාලක ක්‍රියාකාරීත්වයන් වර්ධනය කිරීම, ක්‍රීඩාවෙහි නීති රීති සහ දැනුම පිළිබද අවබෝධයක් ලබාදීම, කණ්ඩායම් හැගීම ඇති කිරීම හෝ තනිව ක්‍රියාකිරීමේ හැකියාව ලබාදීම සහ තරගකාරී ක්‍රියාකාරකම් වල නිරත වීමට හැකියාව ලබා දේ.

"https://si.wikipedia.org/w/index.php?title=ශාරීරික_අධ්‍යයන_පන්ති&oldid=472637" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි